පිරිමි T20 ක්රිකට් ඉතිහාසයේ ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට දකුණු අප්රිකාවේ ලුවාන්-ඩ්රේ ප්රිටෝරියස් සමත්ව තිබෙනවා.
ඒ, දකුණු අප්රිකානු CSA T20 Challenge තරගාවලියේ Knights කණ්ඩායමට එරෙහිව Titans කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 188ක් රැස් කරමින්.
20 හැවිරිදි ප්රිටෝරියස් පන්දු 79කදී මෙම ලකුණු සංඛ්යාව රැස් කළ අතර, එම ඉනිමට හයේ පහර 13ක් සහ හතරේ පහර 15ක් ඇතුළත්.
ඒ අනුව, මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ ක්රිස් ගේල් 2013 IPL තරගාවලියේදී Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් Pune Warriors කණ්ඩායමට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 175ක වාර්තාව අභිබවා යාමට ප්රිටෝරියස් සමත්වුණා.
ප්රිටෝරියස් සිය අර්ධ ශතකය පන්දු 24කින් වාර්තා කළ අතර, ශතකය සඳහා ඔහුට වැය වී තිබුණේ තවත් පන්දු 16ක් පමණයි.
පන්දු 58කදී ලකුණු 150 සීමාව පසු කළ ඔහුගේ ඉනිමේ ප්රහාරාත්මක වේගය සටහන් වූයේ 237.97ක් ලෙසයි.
මේ අතර, Titans කණ්ඩායම පන්දු 20 අවසානයේ කඩුලු 3කට ලකුණු 267ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස Knights කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.
ඒ අනුව Bloemfonteinහි Mangaung Oval ක්රීඩාංගණයේ පැවති තරගය ලකුණු 124කින් ජය ගැනීමට Titans කණ්ඩායම සමත්වුණා.
මූලාශ්රය : BBC
Latest News
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
Local
17 October 2026