ජපානයේ නිෂින්හි පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා.
අද (03) පැවැති අවසන් මහා තරගයේදී පාකිස්ථාන කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත් කිරීමටයි ඉන්දීය කණ්ඩායම සමත් වුණේ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 211ක ලකුණු සංඛ්යාවක් රැස් කළා.
ඉනිම ආරම්භ කළ අභිෂේක් ශර්මා පන්දු 28කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුණා.
ඉනිමේ අගභාගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ තිලක් වර්මා පන්දු 22කදී නොදැවී ලකුණු 51ක් (හයේ පහර 4යි, හතරේ පහර 3යි) සහ ශිවම් දුබේ පන්දු 15කදී ලකුණු 27ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් අරෆාත් මින්හාස් සහ අහමඩ් දානියාල් කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 212ක පිළිතුරු ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 192ක් පමණයි.
පාකිස්ථාන ඉනිම වෙනුවෙන් හසන් නවාස් පන්දු 51කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 5ක් සමගින් විශිෂ්ට ලකුණු 96ක් රැස් කළද, කණ්ඩායම ජයග්රහණය කරා ගෙන යාමට එය ප්රමාණවත් නොවුණා.
පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් අක්සාර් පටේල් (29/2), වොෂින්ටන් සුන්දර් (29/2) සහ ශිවම් දුබේ (33/2) කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය ජයග්රහණය තහවුරු කළා.
අද උදෑසන ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

Latest News
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
Local
17 October 2026