Sports17 October 2026

ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්

ආසියානු රග්බි කාන්තා සත් සාමාජික (Asia Rugby Women's Sevens Series) දෙවැනි වටයේ E කාණ්ඩයේ පැවැති තරගයකින් ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම පරාජයට පත් කිරීමට කසකස්තානය සමත් වුණා.

ඒ, ලකුණු 32 ට 05 ක් ලෙසයි.

තරගයේ ආරම්භයේ සිටම වේගවත් හා ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ කසකස්තාන ක්‍රීඩිකාවන් තරගයේ පාලනය සියතට ගනිමින් උත්සාහක දිනුම් රැසක් වාර්තා කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී තරග රටාවක් පෙන්නුම් කරමින් එක් උත්සාහක දිනුමක් වාර්තා කළද, කසකස්තාන පිලේ ශක්තිමත් ආරක්ෂක වළල්ල සහ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශය හමුවේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.
Related Recomands
Hiru TV News | Programmes