Sports04 November 2026

හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ

55 වැනි හිරු ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර අද (04) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

එය මේ මස 7 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 1,100ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7,000කට වැඩි පිරිසක් එක්වීමට නියමිතව සිටිනවා.

වයස අවුරුදු 15 ට අඩු වයස් කාණ්ඩ 4 ක් යටතේ තරග ඉසව් පැවැත්වෙනවා.

කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂයින් ජාතික තලයටත්, ජාත්‍යන්තර තලයටත් ඔසවා තබන හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ තරග පසුගිය මාසයේදී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වුණා.
Related Recomands
Hiru TV News | Programmes