ලෝක කුසලාන තරඟාවලි දෙකක් ඇතුලූ ප්‍රධාන පෙලේ අයි.සී.සී. ක්‍රිකට් තරඟාවලි 4 කදී දෙවැනි මනාලිය පමණක් වූ ශ්‍රී ලංකාවට මෙවර හෝ චැම්පියන්ස් කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇත්දැයි ක්‍රිකට් විචාරකයන් කුතුහලයෙන් පසුවනවා. ඔවුන් පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවෙන් මෙවර එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලියට සහභාගි වන්නේ ලොව සිටින විශිෂ්ඨතම ක්‍රීඩකයන් පෙළක්. ඔවුන් අතුරෙන් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිලට අයි.සී.සී. ශූරතාවක් යළි රැගෙන ඒමේ දැඩි අපේක්ෂාවෙන් පසුවන බවයි ක්‍රික් ඉන්ෆෝ විචාරකයා සඳහන් කළේ.
අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන තරඟවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය කාඩිෆ් හිදී අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකාව මුහුණදෙන්නේ එංගලන්තයට එරෙහිව එක්දින තරඟාවලි ජයක් ලබාසිටින නවසීලන්තයටයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන්ගෙන් නවසීලන්ත පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ලවනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
Latest News
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්