General27 March 2013

ජයලලිතා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරයි.

දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ශ්‍රී ලංකාවට බල කළ යුතු බවට වන යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී අද සම්මත වුණා. මෙම යෝජනාව ඇතුළු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා රැසක් තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රාන්ත සභාව වෙත ඉදිරිපත් කළා.

 

ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවද එම යෝජනාවල සඳහන්. ශ්‍රී ලංකාව ඉන්දියාවේ මිත්‍ර රටක් ලෙස නොසලකන බවද එම යෝජනාවලට ඇතුළත් වනවා.

 

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ අද කියා සිටියේ ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට මිතුරු රාජ්‍යයක් නොවන බවයි. අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

 

[MP3]s56069_1[/MP3]                                           

 

බලය බෙදා එක්සත්වීමේ ව්‍යාපාරය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ නව සමසමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නද ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව අදහස් පළ කළා.

 
[MP3]s56069_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes