Top Story
ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO - National System Operator) නිවේදනය කරනවා.එම නිවේදනයේ දැක්වෙන්නේ මෙවැනි පද්ධති බිඳවැටීමකදී අනුගමනය කරනු ලබන නිසි ක්‍රමවේදයට අනුව ගල් අඟුරු බලාගාරය පමණක් ආරක්ෂිතව ක්‍රියා විරහිත කර ඇති බවයි.අද මධ්‍යහ්නයේ සිට විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරුණු අතර, මේ වන විටත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය යළි ලබා දී තිබෙන බවත් සඳහන්. සවස 6:30 පමණ වන විට සමස්ත විදුලි පද්ධතියම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) වැඩිදුරටත් සඳහන් කරනවා.
තවදුරටත් කියවන්න
General17 October 2026 4:08 PM
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්‍රියාකරු (NSO)
International News

තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක

International 17 October 2026
තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක

යුක්‍රේනයේ Starshield අන්තර්ජාල පහසුකම් සීමා කළේ තමන් නොවන බව ට්‍රම්ප් කියයි

International 17 October 2026
යුක්‍රේනයේ Starshield අන්තර්ජාල පහසුකම් සීමා කළේ තමන් නොවන බව ට්‍රම්ප් කියයි

ඉන්දියාවේ බස් රථයක් අඩි 15ක කාණුවකට පෙරළී 8ක් මරුට

International 17 October 2026
ඉන්දියාවේ බස් රථයක් අඩි 15ක කාණුවකට පෙරළී 8ක් මරුට

ගාසා තීරයේ සටන් විරාමයෙන් පසු ළමුන් 340කට අධික පිරිසක් මරුට

International 17 October 2026
ගාසා තීරයේ සටන් විරාමයෙන් පසු ළමුන් 340කට අධික පිරිසක් මරුට

අමෙරිකාවේ නව සම්බාධක පනතින් රුසියාව නිදහස් කිරීමට ජනපති ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයකට අත්සන්

International 17 October 2026
අමෙරිකාවේ නව සම්බාධක පනතින් රුසියාව නිදහස් කිරීමට ජනපති ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයකට අත්සන්

යේමනයේ ආඩන් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර: සෞදි අරාබිය දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන හමුදා සන්ධානය විසින් විනාශ කරයි

International 17 October 2026
යේමනයේ ආඩන් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර: සෞදි අරාබිය දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන හමුදා සන්ධානය විසින් විනාශ කරයි

ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරිය දින කිහිපයකින්ම ධුරයෙන් ඉවතට

International 17 October 2026
ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරිය දින කිහිපයකින්ම ධුරයෙන් ඉවතට

සැත්කමෙන් පසු පාප් වහන්සේ පළමු වරට රෝහලේ සිට පූජාවක් පවත්වයි

International 16 October 2026
සැත්කමෙන් පසු පාප් වහන්සේ පළමු වරට රෝහලේ සිට පූජාවක් පවත්වයි

සයිප්‍රසයේ හෝටලයක සිව්වැනි මහලෙන් වැටී දෙහැවිරිදි පුතු මියයෑමේ සිද්ධියට පියාට දඩයක්

International 16 October 2026
සයිප්‍රසයේ හෝටලයක සිව්වැනි මහලෙන් වැටී දෙහැවිරිදි පුතු මියයෑමේ සිද්ධියට පියාට දඩයක්

ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

International 16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට

International 16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල් වාට්ටු භාවිත කිරීමේදී ලිංගික අනන්‍යතාව වෙනුවට ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතුයි - එංගලන්ත සෞඛ්‍ය සේවය

International 16 October 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල් වාට්ටු භාවිත කිරීමේදී ලිංගික අනන්‍යතාව වෙනුවට ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතුයි - එංගලන්ත සෞඛ්‍ය සේවය

පොලිස් මර්දනය මැද ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය යළි වීදි බසී

International 16 October 2026
පොලිස් මර්දනය මැද ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය යළි වීදි බසී

නිඩාල් හසන්ගේ මරණ දණ්ඩනය සජීවීව පෙන්වීමේ තීරණය ජනපති ට්‍රම්ප් අතහැර දමයි : විපතට පත් පවුල්වලට පමණක් නැරඹීමට අවස්ථාව

International 16 October 2026
නිඩාල් හසන්ගේ මරණ දණ්ඩනය සජීවීව පෙන්වීමේ තීරණය ජනපති ට්‍රම්ප් අතහැර දමයි : විපතට පත් පවුල්වලට පමණක් නැරඹීමට අවස්ථාව

ප්‍රංශයේ චැනල් ටනල් පරිශ්‍රයේදී බස් රථයක් දුම්රියක ගැටී 19කට තුවාල

International 16 October 2026
ප්‍රංශයේ චැනල් ටනල් පරිශ්‍රයේදී බස් රථයක් දුම්රියක ගැටී 19කට තුවාල
More News
General17 October 2026

දිවයින පුරා විදුලිය බිඳවැටිලා, වහල මත සවිකර ඇති සූර්ය පැනල විසන්ධි කරන්න - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම

දිවයින පුරා විදුලිය බිඳවැටීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති විසන්ධි කර, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලෙස ද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.අද (17) උදෑසන ඇති වූ තත්ත්වයක් හේතුවෙන් මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි සැපයුම බිඳවැටී තිබෙනවා.ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කළේ, විදුලි පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

තවදුරටත් කියවන්න
දිවයින පුරා විදුලිය බිඳවැටිලා, වහල මත සවිකර ඇති සූර්ය පැනල විසන්ධි කරන්න - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම
General17 October 2026

විදුලිය බිඳවැටීමට හේතුව ඉහළ කොත්මලේ බලාගාරයේ දෝෂයක් දැයි සැකයක්

ඉහළ කොත්මලේ බලාගාරයේ සිදු වූ බිඳ වැටීමක් විදුලි සැපයුම බිඳ වැටීමට හේතුව බවට දැනට සැක කෙරෙන බව, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.දිවයින පුරා විදුලි බිඳ වැටීම් රැසක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.බිඳවැටීම හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල විදුලිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් පැවසුවේ.ඒ අනුව, ඔහු සඳහන් කළේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බවයි.

තවදුරටත් කියවන්න
විදුලිය බිඳවැටීමට හේතුව ඉහළ කොත්මලේ බලාගාරයේ දෝෂයක් දැයි සැකයක්
General17 October 2026

බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර: විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටීම හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල විදුලිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් පවසනවා.ඔහු සඳහන් කළේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බවයි.

තවදුරටත් කියවන්න
බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර: විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය
General17 October 2026

දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටෙයි

දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුම බිඳවැටී තිබෙනවා.කෙසේ වෙතත්, විදුලි බිඳවැටීමට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

තවදුරටත් කියවන්න
දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටෙයි
General17 October 2026

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ නිවසින් සොයාගත් සේප්පුවක් අල්ලස් කොමිසම භාරයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ලේකම්වරයාගේ නිවස එම කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (16) රාත්‍රී 10.30 පමණ සිට අද (17) අලුයම 4.30 පමණ වන තෙක් සෝදිසියට ලක් කර තිබුණා.

තවදුරටත් කියවන්න
නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ නිවසින් සොයාගත් සේප්පුවක් අල්ලස් කොමිසම භාරයට
International News

තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක

International 17 October 2026
තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක

යුක්‍රේනයේ Starshield අන්තර්ජාල පහසුකම් සීමා කළේ තමන් නොවන බව ට්‍රම්ප් කියයි

International 17 October 2026
යුක්‍රේනයේ Starshield අන්තර්ජාල පහසුකම් සීමා කළේ තමන් නොවන බව ට්‍රම්ප් කියයි

ඉන්දියාවේ බස් රථයක් අඩි 15ක කාණුවකට පෙරළී 8ක් මරුට

International 17 October 2026
ඉන්දියාවේ බස් රථයක් අඩි 15ක කාණුවකට පෙරළී 8ක් මරුට

ගාසා තීරයේ සටන් විරාමයෙන් පසු ළමුන් 340කට අධික පිරිසක් මරුට

International 17 October 2026
ගාසා තීරයේ සටන් විරාමයෙන් පසු ළමුන් 340කට අධික පිරිසක් මරුට

අමෙරිකාවේ නව සම්බාධක පනතින් රුසියාව නිදහස් කිරීමට ජනපති ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයකට අත්සන්

International 17 October 2026
අමෙරිකාවේ නව සම්බාධක පනතින් රුසියාව නිදහස් කිරීමට ජනපති ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයකට අත්සන්

යේමනයේ ආඩන් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර: සෞදි අරාබිය දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන හමුදා සන්ධානය විසින් විනාශ කරයි

International 17 October 2026
යේමනයේ ආඩන් ගුවන්තොටුපොළට මිසයිල ප්‍රහාර: සෞදි අරාබිය දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන හමුදා සන්ධානය විසින් විනාශ කරයි

ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරිය දින කිහිපයකින්ම ධුරයෙන් ඉවතට

International 17 October 2026
ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරිය දින කිහිපයකින්ම ධුරයෙන් ඉවතට

සැත්කමෙන් පසු පාප් වහන්සේ පළමු වරට රෝහලේ සිට පූජාවක් පවත්වයි

International 16 October 2026
සැත්කමෙන් පසු පාප් වහන්සේ පළමු වරට රෝහලේ සිට පූජාවක් පවත්වයි

සයිප්‍රසයේ හෝටලයක සිව්වැනි මහලෙන් වැටී දෙහැවිරිදි පුතු මියයෑමේ සිද්ධියට පියාට දඩයක්

International 16 October 2026
සයිප්‍රසයේ හෝටලයක සිව්වැනි මහලෙන් වැටී දෙහැවිරිදි පුතු මියයෑමේ සිද්ධියට පියාට දඩයක්

ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

International 16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට

International 16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල් වාට්ටු භාවිත කිරීමේදී ලිංගික අනන්‍යතාව වෙනුවට ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතුයි - එංගලන්ත සෞඛ්‍ය සේවය

International 16 October 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල් වාට්ටු භාවිත කිරීමේදී ලිංගික අනන්‍යතාව වෙනුවට ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතුයි - එංගලන්ත සෞඛ්‍ය සේවය

පොලිස් මර්දනය මැද ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය යළි වීදි බසී

International 16 October 2026
පොලිස් මර්දනය මැද ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය යළි වීදි බසී

නිඩාල් හසන්ගේ මරණ දණ්ඩනය සජීවීව පෙන්වීමේ තීරණය ජනපති ට්‍රම්ප් අතහැර දමයි : විපතට පත් පවුල්වලට පමණක් නැරඹීමට අවස්ථාව

International 16 October 2026
නිඩාල් හසන්ගේ මරණ දණ්ඩනය සජීවීව පෙන්වීමේ තීරණය ජනපති ට්‍රම්ප් අතහැර දමයි : විපතට පත් පවුල්වලට පමණක් නැරඹීමට අවස්ථාව

ප්‍රංශයේ චැනල් ටනල් පරිශ්‍රයේදී බස් රථයක් දුම්රියක ගැටී 19කට තුවාල

International 16 October 2026
ප්‍රංශයේ චැනල් ටනල් පරිශ්‍රයේදී බස් රථයක් දුම්රියක ගැටී 19කට තුවාල
Sports Stories
Explore More
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්

ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්

ආසියානු රග්බි කාන්තා සත් සාමාජික (Asia Rugby Women's Sevens Series) දෙවැනි වටයේ E කාණ්ඩයේ පැවැති තරගයකින් ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම පරාජයට පත් කිරීමට කසකස්තානය සමත් වුණා.ඒ, ලකුණු 32 ට 05 ක් ලෙසයි.තරගයේ ආරම්භයේ සිටම වේගවත් හා ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ කසකස්තාන ක්‍රීඩිකාවන් තරගයේ පාලනය සියතට ගනිමින් උත්සාහක දිනුම් රැසක් වාර්තා කිරීමට සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී තරග රටාවක් පෙන්නුම් කරමින් එක් උත්සාහක දිනුමක් වාර්තා කළද, කසකස්තාන පිලේ ශක්තිමත් ආරක්ෂක වළල්ල සහ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශය හමුවේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.

තවදුරටත් කියවන්න
මුම්බායි ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත්වෙයි

මුම්බායි ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත්වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වී තිබෙනවා.මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අද (17) මේ බව නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.මහේල ජයවර්ධන පසුගිය වසර දෙකක කාලය තුළ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. මෙය ඔහු එම තනතුරෙන් ඉවත් වූ දෙවැනි අවස්ථාව වන අතර, මීට පෙර 2017 සිට 2022 දක්වා ද ඔහු එම ධුරය හෙබවූවා.ඔහුගේ පළමු ධුර කාලය තුළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම IPL ශූරතා තුනක් දිනා ගැනීමට සමත් වුණා.කෙසේ වෙතත්, දෙවැනි ධුර කාලය තුළදී 2025 වසරේ තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත්වූ මුම්බායි කණ්ඩායම, 2026 වසරේදී නවවැනි ස්ථානයට පත්වීම විශේෂත්වයක්.ධුරයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් දක්වමින් මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ, දශකයකට වැඩි කාලයක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම තම ක්‍රිකට් දිවියේ සුවිශේෂී කොටසක් වූ බවයි.එමෙන්ම, තමන්ට වසර ගණනාවක් පුරා විශ්වාසය සහ සහයෝගය ලබාදුන් නීතා අම්බානි සහ ආකාෂ් අම්බානිට ද ඔහු සිය ස්තූතිය පළ කර තිබෙනවා.මේ අතර, නොවැම්බර් 15 වැනිදාට නියමිත IPL ක්‍රීඩක රඳවා ගැනීමේ අවසන් දිනයට පෙර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කර ගැනීමට සිදුවනු ඇති.

තවදුරටත් කියවන්න
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක්: බංග්ලාදේශය පරදා කාන්තා යොවුන් තුන්කොන් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක්: බංග්ලාදේශය පරදා කාන්තා යොවුන් තුන්කොන් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

පාකිස්ථානයේ ෆයිසලාබාද්හිදී පැවති පාකිස්ථාන කාන්තා යොවුන් 20/20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංගලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා.තරගයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා.මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නියැළුණු සංජනා කාවින්දි පන්දු 44කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් රැස් කළ අතර, උමයංගනා පීරිස් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තා.මීට අමතරව, විමෝක්ෂා බාලසූරිය ලකුණු 23ක් සහ නෙත්මි උපේක්ෂා ලකුණු 22ක් ලබා ගනිමින් ඉනිම වර්ණවත් කළ අතර, පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් ෆර්ජානා එස්මින් කඩුලු 3ක් බිඳ හෙළුවා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණයි.බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් සාදියා ඉස්ලාම් ලකුණු 59ක් සහ සාදියා අක්තර් ලකුණු 35ක් රැස් කළද, ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ ඔවුන්ට ජයග්‍රහණය අසලටම පැමිණ පරාජය වැළඳ ගැනීමට සිදු වුණා.ශ්‍රී ලංකා පන්දු යැවීමේදී චමෝදි හේරත් කඩුලු 2ක් සහ දනෝධ්‍යා සෙව්මිනි කඩුලු 1ක් දවා ගනිමින් ජයග්‍රහණය තහවුරු කිරීමට මනා දායකත්වයක් ලබා දුන්නා.

තවදුරටත් කියවන්න
Business Stories
Explore More
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට

ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට

ගල්ෆ් කලාපීය ආයෝජකයින් ඉන්දීය වෙළෙඳපොළ තුළ තම නියෝජනය වැඩි කිරීමත් සමඟ, ඉදිරි වසර 10ත් 20ත් අතර කාලය තුළ ඉන්දියාව සහ අරාබි රටවල් අතර වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකටත් වඩා වැඩි විය හැකි බව ඉන්දීය සහ අරාබි රටවල වාණිජ, කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලයේ ලේකම් ජෙනරාල් වායෙල් අව්වාඩ් පවසනවා.2026 දෙසැම්බර් 18 සහ 19 යන දිනවල නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත "ඉන්දියා-අරාබි ව්‍යාපාරික සමුළුව"ට පෙර අදහස් දක්වමින් අව්වාඩ් කියා සිටියේ, දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 150 සීමාව පසුවී ඇති බවයි.ආයෝජන හවුල්කාරිත්ව සක්‍රීය කිරීම සහ වාණිජ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා අරාබි රටවල් 22ම නියෝජනය කරමින් නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව TV BRICS හි මාධ්‍ය හවුල්කරුවෙකු වන IANS පුවත් සේවය වාර්තා කළා.අව්වාඩ් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රයන් හි පුළුල් වන ආයෝජන අවස්ථා හරහා අරාබි රටවලින් වැඩි ප්‍රාග්ධනයක් ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බවයි. රජය විසින් ලබාදෙන දිරිගැන්වීම් සහ ව්‍යාපාර අතර සෘජු සබඳතා ගොඩනගා ගැනීමට ලැබෙන මෙම වේදිකාව, ඉන්දීය වෙළෙඳපොළට පිවිසීමට ගල්ෆ් ආයෝජකයින් තවදුරටත් දිරිමත් කරනු ඇති බව ද ඔහු සඳහන් කරනවා.මූලාශ්‍රය - The Economic Times

තවදුරටත් කියවන්න
හම්බන්තොට වරායෙන් මාස 19කදී වාහන 167,569ක් බෙදාහැරේ

හම්බන්තොට වරායෙන් මාස 19කදී වාහන 167,569ක් බෙදාහැරේ

හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් 2025 මාර්තු මාසයේ සිට 2026 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ වාහන 167,569ක් බෙදාහැර ඇති බව ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරනවා.වාහන සඳහා ඉල්ලුම ඉහළ යාම සහ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතුවලට බාධා ඇති වූ අවස්ථාවලදීත් වාහන ආනයනකරුවන්ට අඛණ්ඩ සහාය ලබාදෙමින් මෙම කටයුතු සිදුකර ඇති බවයි වරාය පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ.ඒ අනුව, 2025 මාර්තු සිට දෙසැම්බර් දක්වා කාලය තුළ වාහන 86,389ක් බෙදාහැර ඇති අතර, ඒ අතරට අලුත් වාහන 30,809ක් සහ භාවිත කළ වාහන 55,580ක් ඇතුළත් බව සඳහන්.එමෙන්ම, 2026 වසරේ මුල් මාස නවය තුළ තවත් වාහන 81,180ක් බෙදාහැර තිබෙනවා. ඒ අතරට අලුත් වාහන 25,018ක් සහ භාවිත කළ වාහන 56,162ක් ඇතුළත් වන බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.මේ අතර, වාහන ආනයනකරුවන් මුහුණ දුන් අභියෝගවලට විසඳුම් ලබාදීමේදී දැක්වූ නම්‍යශීලීභාවය, කඩිනම් ප්‍රතිචාර සහ ප්‍රායෝගික සහාය අගය කරමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIAL), හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ඇගයීමට ලක්කර තිබෙනවා.විශේෂයෙන්ම, වාහන ආනයනය සීමා කර තිබූ කාලසීමාවේදී වරාය තුළ දිගු කාලයක් රඳවා තැබුණු වාහන සඳහා ප්‍රමාද ගාස්තු නිදහස් කිරීම් සහ සහන ලබාදීමට වරාය පියවර ගෙන තිබෙනවා. එමගින් වාහන නිදහස් කර ගැනීම පහසු කිරීමත්, ආනයනකරුවන්ට දැරීමට සිදුවන මූල්‍ය බර අඩු කිරීමත් අරමුණු කරගෙන ඇති බව සඳහන්.එමෙන්ම, ගල්ෆ් කලාපය හරහා වාහන ප්‍රතිනැව්ගත කිරීමේදී මෑතකදී ඇති වූ බාධා හේතුවෙන් බලපෑමට ලක් වූ වාහන සඳහා ගබඩා ගාස්තු සීමා කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දී තිබෙනවා. එමගින් අමතර ගබඩා වියදම් පාලනය කිරීමටත්, ආනයනකරුවන්ට තම වියදම් පිළිබඳ වඩාත් නිශ්චිතව සැලසුම් කිරීමටත් අවස්ථාව සැලසුණු බවයි වරාය පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ.හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් සඳහන් කර ඇත්තේ, වාහන ආනයනකරුවන් මුහුණ දෙන මෙහෙයුම් ගැටලු හඳුනාගැනීමට එම සංගමය වැදගත් සම්බන්ධීකරණ මාර්ගයක් වී ඇති බවයි. ඒ හරහා වෙළෙඳපොළ තත්ත්වයන්ට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට වරායට හැකි වූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.එම වරායේ වාණිජ හා අලෙවි සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ ප්‍රකාශ කර ඇත්තේ, ආනයනකරුවන්ගේ වියදම් කළමනාකරණය කිරීමට සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ප්‍රායෝගික විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ බවයි.වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මැරෙන්චිගේ සඳහන් කර ඇත්තේ, ඉල්ලුම ඉහළ ගිය අවස්ථාවලදී මෙන්ම අනපේක්ෂිත බාධා හේතුවෙන් වාහන ප්‍රවාහනයට බලපෑම් එල්ල වූ අවස්ථාවලදී ද හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඊට සාධනීය ප්‍රතිචාර දැක්වූ බවයි.

තවදුරටත් කියවන්න
ලෝක බැංකු සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ගෝලීය සංචාරක අලෙවිකරණ වැඩසටහන ඉදිරියට

ලෝක බැංකු සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ගෝලීය සංචාරක අලෙවිකරණ වැඩසටහන ඉදිරියට

ශ්‍රී ලංකාවේ ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ලෝක බැංකු සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන, ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය සහ ආකර්ෂණීයත්වය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.මෙම සාකච්ඡාවේදී සංචාරක ඉල්ලුම සහ සැපයුම පිළිබඳ ප්‍රවණතා, සංචාරක හැසිරීම්, ගමනාන්ත සන්නාමකරණය සහ ජාත්‍යන්තර අලෙවිකරණ උපායමාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් මත පදනම් වූ දිගුකාලීන ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. එමෙන්ම, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ එහි තිරසාරභාවය තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ ආයතනික ධාරිතා සංවර්ධනයක අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.මෙම වැඩසටහන සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික විශේෂඥතාව සහ උපායමාර්ගික මඟපෙන්වීම ලබාදීමට නියමිත MTI Consulting සහ Skift Inc./JD ආයතනවල දායකත්වය මෙහිදී අගය කෙරිණි.මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමාත්‍යාංශය යටතේ ඇති සංචාරක ආයතනවල සභාපතිවරුන්, SLAITO සහ TAASL නියෝජිතයන්, සංචාරක උපදේශක කමිටුවේ නියෝජිතයන්, ලෝක බැංකුවේ නියෝජිතයන්, MTI Consulting සහ Skift Inc./JD ආයතනවල නියෝජිතයන් මෙන්ම ජාතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. සෝමතිලක මහතා ද සහභාගී වූහ. 

තවදුරටත් කියවන්න
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්‍රී ලංකාවේදී විවෘත වෙයි

දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්‍රී ලංකාවේදී විවෘත වෙයි

ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය සබඳතා සහ ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව (RMB Clearing Bank) නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය කොළඹ පුද්ගලික හෝටලයකදී පවත්වනු ලැබුවා.චීන බැංකුවේ කොළඹ ශාඛාව (Bank of China Colombo Branch) විසින් මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කර තිබෙනවා."අවස්ථා සම්බන්ධ කරමින්, අනාගතය යා කිරීම" (Bridging Opportunities, Connecting Futures) යන තේමාව යටතේ පැවැති මෙම උත්සවය සඳහා දෙරටේම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.මෙහිදී ශ්‍රී ලංකාවේ RMB Clearing Bank සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම සිදු කෙරුණු අතර, චීන යුවාන් මුදල් ගනුදෙනු පියවීම් ක්‍රියාවලිය පිළිබඳ හැඳින්වීමේ වීඩියෝවක් මෙන්ම විශේෂ පැහැදිලි කිරීමක් ද ඉදිරිපත් කරන ලදී.මෙම නව පියවීම් බැංකු පහසුකම ස්ථාපිත වීමත් සමඟ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින වෙළඳ, ආයෝජන සහ මූල්‍ය සම්බන්ධතා වඩාත් පහසු, වේගවත් මෙන්ම කාර්යක්ෂම වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

තවදුරටත් කියවන්න
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය

සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය

පෑන් ඒෂියා බැංකුව සිය ‘තිරසර කෘෂිකාර්මික ණය වැඩසටහන 2026’ යටතේ උතුරු මැද පළාතේ සුළු පරිමාණ ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ වාරි පහසුකම් ලබා ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ. Our Movement of Lanka (OML) සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ගොවීන්ගේ ඉන්ධන වියදම් අඩු කරමින් කෘෂිකාර්මික කටයුතුවල කාර්යක්ෂමතාව සහ තිරසරභාවය ඉහළ නැංවීමයි.මෙම වැඩසටහන පිළිබඳව ගොවි ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් සැප්තැම්බර් 11 වැනිදා අනුරාධපුර ගලෙන්බිඳුණුවැවදී පැවැත්විණි. ගොවීන් සහ ප්‍රජා නායකයන් 50කට ආසන්න පිරිසක් සහභාගි වූ එහිදී සූර්ය බල වාරි පද්ධතිවල ප්‍රතිලාභ සහ ඒ සඳහා බැංකුවෙන් ලබාගත හැකි මූල්‍ය පහසුකම් පිළිබඳව දැනුවත් කෙරිණි. එමෙන්ම, සාර්ථකව ක්‍රියාත්මක කළ සූර්ය බල ජල පොම්ප ව්‍යාපෘතියක් ද එහිදී ප්‍රදර්ශනය කෙරිණි.සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප භාවිතයෙන් පොසිල ඉන්ධන මත යැපීම අවම කර ගැනීමටත්, වගාවන්ට ජලය සැපයීමේ පිරිවැය අඩු කර ගැනීමටත් ගොවීන්ට අවස්ථාව සැලසේ.පෑන් ඒෂියා බැංකුවේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නලීන් එදිරිසිංහ මහතා පැවසුවේ කෘෂිකර්මාන්තයේ ප්‍රායෝගික අවශ්‍යතාවලට ගැළපෙන මූල්‍ය විසඳුම් ගොවීන්ට අවශ්‍ය බවයි. සූර්ය බල වාරි පහසුකම් ලබා ගැනීම පහසු කිරීම තුළින් වියදම් අඩු කර ගැනීමට, කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට සහ වඩාත් තිරසර ජීවනෝපායක් ගොඩනඟා ගැනීමට ගොවීන්ට සහාය විය හැකි බව ඔහු සඳහන් කළේය. OML සංවිධානය සමඟ ඇති හවුල්කාරිත්වය හරහා මෙම අවස්ථාව උතුරු මැද පළාතේ ගොවි ප්‍රජාව වෙත සෘජුවම ගෙන යාමට හැකි වී ඇති බව ද ඔහු පැවසීය.OML සංවිධානය උතුරු මැද පළාතේ ක්‍රියාකාරී සාමාජික ගොවීන් 5,000කට අධික පිරිසක් සමඟ කටයුතු කරයි. මිරිස්, කොමඩු, වම්බටු, මාළු මිරිස්, තක්කාලි සහ කැන්ටලූප් වගාකරුවෝ ඒ අතර වෙති. මෙම හවුල්කාරිත්වය යටතේ කෘෂිකාර්මික ණය පහසුකම් සැපයීමේදී ඇති අවදානම් භාර ගනිමින් සහනදායී කොන්දේසි මත සූර්ය බල ජල පොම්ප ලබා ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට පෑන් ඒෂියා බැංකුව කටයුතු කරයි.බැංකුවේ ශාඛා ණය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී නිමල් රත්නායක මහතා පැවසුවේ තිරසර වාරි විසඳුම් සඳහා ආයෝජනය කිරීමට සුළු පරිමාණ ගොවීන්ට ඇති මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි. සහනදායී ණය කොන්දේසි යටතේ සූර්ය බල තාක්ෂණය භාවිතයට ගැනීමට අවස්ථාව සැලසීමෙන් ගොවිතැන් කටයුතුවල කාර්යක්ෂමතාව සහ තිරසරභාවය ඉහළ නැංවීමට දායක විය හැකි බව ඔහු සඳහන් කළේය.වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ ගොවියකු පැවසුවේ සූර්ය බල ජල පොම්පය භාවිතයෙන් වගාවට ජලය සැපයීම පහසු වී ඇති අතර ඉන්ධන මත යැපීම ද අඩු වී ඇති බවයි. මූල්‍ය පහසුකම් ලැබීම හේතුවෙන් තමන් වැනි ගොවීන්ට මෙම තාක්ෂණය ප්‍රායෝගික විසඳුමක් වී ඇති බව ද ඔහු සඳහන් කළේය. 

තවදුරටත් කියවන්න
ශ්‍රී ලංකාව ගෝලීය සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට නව පියවරක්

ශ්‍රී ලංකාව ගෝලීය සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට නව පියවරක්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, Wellness in Wetlands 2026 දෙවැනි ජාත්‍යන්තර සමුළුවට සමගාමීව විශේෂ පිළිගැනීමේ හා ඇගයීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඔක්තෝබර් 11 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීය.ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ ඉහළ වටිනාකමක් සහිත අංශයක් ලෙස සුවතා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මෙම වැඩසටහන මගින් අවධාරණය කෙරිණි. ජාත්‍යන්තර සංචාරකයන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලන සංචාරක අත්දැකීම් හඳුන්වා දීමෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විවිධත්වය තවදුරටත් පුළුල් කිරීමට ද අවස්ථාව සැලසේ.ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය, සුවිශේෂී සංස්කෘතික උරුමය, පාරම්පරික සුවතා ක්‍රමවේද සහ උසස් ආගන්තුක සත්කාරය ඇතුළු සුවිශේෂී ලක්ෂණ රැසකින් ශ්‍රී ලංකාව සමන්විත වේ. මෙම සම්පත් උපයෝගී කරගනිමින් විවේකය, මානසික හා කායික සුවතාව, ස්වභාවධර්මය සමඟ සමීප සබඳතාව සහ සංස්කෘතික අත්දැකීම් අපේක්ෂා කරන සංචාරකයන් සඳහා ආකර්ෂණීය අත්දැකීම් නිර්මාණය කිරීමට මෙරටට විශාල විභවයක් පවතී.ශ්‍රී ලංකාව හුදෙක් සංචාරක ආකර්ෂණීය ස්ථාන නැරඹීමට සීමා නොවූ, සොබාදහම, සංස්කෘතිය සහ මානසික හා කායික සුවතාව එකට මුසු වූ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වා දීම මෙම ප්‍රවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි. ස්වභාවික පරිසරය ආශ්‍රිත සුවතා අත්දැකීම්, පාරම්පරික සුවතා ක්‍රමවේද සහ සංස්කෘතික සංචාරක අත්දැකීම් ඔස්සේ මෙරට සංචාරක නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට ද මෙය මඟ පාදයි.තෙත්බිම්, දැනුම සහ මානව යහපැවැත්ම අතර සම්බන්ධතාව පිළිබඳ අවධානය යොමු කරන Wellness in Wetlands 2026 දෙවැනි ජාත්‍යන්තර සමුළුව ඔක්තෝබර් 9 සිට 12 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවැත්වේ. ඒ සඳහා දේශීය හා විදේශීය නියෝජිතයන් 100කට ආසන්න පිරිසක් සහභාගී වෙති.මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේදී අදාළ රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයේ වැදගත්කම මෙම සහභාගීත්වයෙන් පිළිබිඹු වේ.ජාත්‍යන්තර නියෝජිතයන් පිළිගැනීම, මෙම ක්ෂේත්‍රයට දායක වන විශේෂඥයන්ගේ සහ හවුල්කාර ආයතනවල දායකත්වය ඇගයීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම ද රාත්‍රී භෝජන සංග්‍රහයේ ප්‍රධාන අරමුණු අතර විය. සුවතාව, පරිසර සංරක්ෂණය සහ තිරසර සංචාරක කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන ජාත්‍යන්තර පාර්ශ්වයන් සමඟ සබඳතා ගොඩනැඟීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක විභවය ලොවට හඳුන්වා දීමටත්, මෙම ක්ෂේත්‍රයේ අනාගත සහයෝගීතා සඳහා අවස්ථා පුළුල් කිරීමටත් හැකි වනු ඇත.

තවදුරටත් කියවන්න
Entertainment Stories
Explore More
දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂ දේවා අභාවප්‍රාප්ත වෙයි

දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂ දේවා අභාවප්‍රාප්ත වෙයි

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වන දේවා අභාවප්‍රාප්ත වී තිබෙනවා.අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු චෙන්නායිහි පෞද්ගලික රෝහලකට අද (17) පෙරවරු 8.30ට පමණ ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.දමිළ සිනමා සංගීතයට ගානා (Gaana) සංගීත ශෛලිය හඳුන්වා දීම සහ ජනප්‍රිය කිරීම වෙනුවෙන් දේවා සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙනවා.ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ජනප්‍රිය චිත්‍රපට අතරට Baashha, Annamalai, Nattamai, Aasai, Kadhal Kottai සහ Nerukku Ner ඇතුළත්.එමෙන්ම, රජිනිකාන්ත්, විජේ සහ අජිත් වැනි දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නළුවන් රැසකගේ චිත්‍රපට සඳහා ද ඔහු සංගීත නිර්මාණයෙන් දායක වී තිබෙනවා.Baashha චිත්‍රපටයේ ‘Ra Ra Ramaiya’, Aasai චිත්‍රපටයේ ‘Konja Naal Poru Thalaiva’ සහ Kadhal Kottai චිත්‍රපටයේ ‘Vellarikka Pinju Vellarikka’ ඔහුගේ ජනප්‍රිය ගීත අතරට අයත්.දේවාගේ අභාවයත් සමග ඔහුගේ රසිකයින් සහ දමිළ සිනමා ක්ෂේත්‍රයේ පිරිස් ශෝකය පළ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

තවදුරටත් කියවන්න
බුසාන් හි ඇළ මාර්ගයක සිරවූ අඩි 10ක් දිගැති මෝරා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය වෙයි

බුසාන් හි ඇළ මාර්ගයක සිරවූ අඩි 10ක් දිගැති මෝරා දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය වෙයි

දකුණු කොරියාවේ දෙවන විශාලම නගරය වන බුසාන් (Busan) හි වරාය ආසන්න ඇළ මාර්ගයක සිරවී සිටින අඩි 10ක් දිගැති ගැහැණු මෝරෙකු එරට දැවැන්ත කතාබහට ලක්වෙමින් ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව තිබෙනවා.මීට මාසයකට පමණ පෙර බුක්හැං ජල උද්‍යානය (Bukhang Waterfront Park) අසල ඇළ මාර්ගයකදී මෙම මෝරා ප්‍රථම වරට දක්නට ලැබී ඇති අතර, ඇය සිටින ස්ථානය ආශ්‍රයෙන් ඇයට "බුකැංගි" (Bukangi) යන නම ද තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මෙහි වෙසෙන ප්‍රදේශවාසීන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මිලියනයකට අධික පිරිසක් (ජනාධිපතිවරයා ද ඇතුළුව) මෙම මෝරා බැලීම සඳහා පැමිණ ඇති බව බලධාරීන් පවසනවා.මෙම මෝරා මේ වන විට බුසාන් නගරයේ ගෞරවනීය තානාපතිවරයකු ලෙස නම් කර ඇති අතර, ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදන ආයතනයක් ඇය වෙනුවෙන් විශේෂ සංස්කරණ බෝතලයක් ද, බේස්බෝල් කණ්ඩායමක් ඇයගේ හැඩයෙන් යුත් ප්‍රධාන සැරසිලි උපාංග (keychains) ද එළිදක්වා තිබෙනවා.මෙම මෝරා නැවත මුහුදට යැවීම සඳහා වෙරළ ආරක්ෂක නිලධාරීන් සහ ගිනි නිවීම් දෙපාර්තමේන්තුව උත්සාහ කළද, බාධක සහ උගුල් අසාර්ථක වීම හේතුවෙන් වර්තමානයේදී එම මෙහෙයුම් අත්හිටුවා ඇය ස්වභාවිකවම මුහුදට පිටව යනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවෙනවා.කෙසේ වෙතත්, නොවැම්බර් මාසය වන විට ජලය අධික ලෙස සීතල වීමට පෙර ඇය මුහුදට යා යුතු බවත්, එසේ නොමැති වුවහොත් ඇයගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවත් විශේෂඥයෝ පෙන්වා දෙනවා.මූලාශ්‍රය - නිව්‍ යෝර්ක් ටයිම්ස්

තවදුරටත් කියවන්න
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්: ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට

තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්: ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට

ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කරනවා.විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පමණක් දක්නට ලැබුණු මෙම විශේෂාංගය සැබෑවක් බවට පත් කරමින් එය එළිදැක්වුණේ ටෙස්ලා හි මව් සමාගමක් වන ස්පේස්එක්ස් (SpaceX) ආයතනයට අයත් ටෙක්සාස්හි පරීක්ෂණ මධ්‍යස්ථානයේදීයි.මෙම නවතම 'රෝඩ්ස්ටර්' (Roadster) ද්වි-ආසන ක්‍රීඩා මෝටර් රථයට තත්පරයකටත් අඩු කාලයකදී පැයට සැතපුම් 0 සිට 60 දක්වා වේගයක් ලබාගත හැකි බව ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක් සඳහන් කළා.මීට අමතරව වාහනය යට ඇති රික්තක (suction) තාක්ෂණය භාවිතයෙන් බෑවුමක ඉහළට ගමන් කර, උඩුකුරුව එල්ලී සිටිමින්, වාතයේදී හැරී වායු ජෙට් (air jets) ආධාරයෙන් ගොඩබසින ආකාරයද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා.මෙම රථය නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේදීයි.කෙසේ වෙතත්, මෙය සැබෑ ලෙසම පියාඹන වාහනයක් ලෙස ක්‍රියාත්මක කළ හැකිද යන්න සහ දිගු දුර පියාසැරි සඳහා එය කොතරම් දුරට ගැළපේද යන්න පිළිබඳව විශේෂඥයන් අතර තවමත් විවිධ මත පවතිනවා.මූලාශ්‍රය - CNN

තවදුරටත් කියවන්න
මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව රැගත්

මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව රැගත් "එදා රෑ" චිත්‍රපටය වාර්තා රැසක් අලුත් කරයි

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගායකයකු වන මිල්ටන් මල්ලවාරච්චිගේ වර්ණවත් ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ "එදා රෑ" (Eda Raa) චිත්‍රපටය, මෙරට මෙන්ම විදෙස් රටවලද ප්‍රදර්ශනය කරමින් වාර්තාගත ජයග්‍රහණ රැසකට හිමිකම් කීමට සමත්ව තිබේ.'Stream Desi Music' ආයතනය විසින් "එක හඬක්, මිලියන සංඛ්‍යාත හදවත්" (One Voice, Million Hearts) යන තේමාව යටතේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය, පසුගිය සැප්තැම්බර් 18 වැනි දින මෙරට ඉතිහාසයේ වැඩිම සිනමාහල් සංඛ්‍යාවක සහ ශ්‍රී ලංකීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය වූ වැඩිම විදෙස් රටවල් සංඛ්‍යාවක තිරගත වීම ආරම්භ කළ බව එහි නිෂ්පාදකයෝ පවසති.චිත්‍රපට නිෂ්පාදක මණ්ඩලය පෙන්වා දෙන පරිදි, මෙහි වාර්තා අතරට වැඩිම සතිපතා ආදායම, පළමු දින 10 තුළ වාර්තාගත ආදායම, වැඩිම පූර්ණ ප්‍රේක්ෂක පිරිසක් (Houseful)භාවිත වූ දර්ශන වාර සංඛ්‍යාව, මෙරට සහ විදේශයන්හි තිරගත වීමටපෙර වාර්තාගත අත්තිකාරම් වෙන්කරවා ගැනීම් (Pre-bookings) සංඛ්‍යාව මෙන්ම, එම පූර්ව වෙන්කරවා ගැනීම් හරහා ජනනය වූ වැඩිම පූර්ණ ප්‍රේක්ෂක දර්ශන වාර සංඛ්‍යාවද ඇතුළත් වේ.මෙම චිත්‍රපටයේ මංගල සාකච්ඡාව 2025 සැප්තැම්බර් මාසයේදී ඉම්පීරියල් මොනාක් (Imperial Monarch) පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, අනතුරුව එහි මුහුරත් උත්සවය මේ වසරේ ජනවාරි මාසයේදී නවලෝක ශාලාවේදී (Nawaloka Banquet Hall) උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.දහස් සංඛ්‍යාත පිරිසකගේ දායකත්වයෙන් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය, වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙරට සහ ජාත්‍යන්තර මට්ටමින් සාර්ථකව නිමවා ප්‍රදර්ශනය කිරීමට හැකිවීම විශේෂත්වයකි.'වන් ලයින් ප්‍රඩක්ෂන් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (පෞද්ගලික) සමාගමේ' (One Line Production & Entertainment) සභාපති, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සඳහන් කළේ චිත්‍රපටයේ ඉදිරි ප්‍රදර්ශන වාර තුළදී තවත් වාර්තා බිහිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.වසර 12ක සිය වෘත්තීය දිවිය තුළ චිත්‍රපට 17ක් නිෂ්පාදනය කර ඇති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, "එදා රෑ" චිත්‍රපටයේ සම-නිෂ්පාදකවරයෙකු ලෙසද කටයුතු කරයි.ඔහු මේ වන විට ඉන්දියාවේ පිහිටුවන ලද සිය නවතම ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගම වන 'ෆ්‍රෙයර් මුවීස් ඉන්දියා පෞද්ගලික සමාගම' (Freyherr Movies India Pvt Ltd) හරහා තම ප්‍රථම කොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපටය වන "ඔරසාතා" (Orasatha) නිෂ්පාදනය කිරීමට සූදානම් වේ.ප්‍රභූ දේවා, සනී ලියොන් සහ යෝගී බාබු යන ප්‍රමුඛ පෙළේ නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ආචාර්ය ප්‍රනාන්දු ලබන සතියේ චෙන්නායි නුවර වෙත යාමට නියමිතය.

තවදුරටත් කියවන්න
එන්ජින් දෝෂය පරාජය කරමින් Starship කක්ෂයට: ආපසු එද්දී ශාන්තිකර සාගරයේදී පිපිරී යයි

එන්ජින් දෝෂය පරාජය කරමින් Starship කක්ෂයට: ආපසු එද්දී ශාන්තිකර සාගරයේදී පිපිරී යයි

ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිෂ්පාදිත දැවැන්තම රොකට් යානය වන 'Starship', අත්හදා බැලීමේදී ප්‍රථම වතාවට සාර්ථකව පෘථිවි කක්ෂය වෙත ළඟා වීමට සමත් වුණා.ගුවන්ගත වීමේදී සිදුවූ නොසිතූ එන්ජින් අක්‍රිය වීමක් හමුවේ වුවද යානය සිය ගමන අත්නොහැර සාර්ථකව කක්ෂයට පිවිසීමට සමත් වීම විශේෂත්වයක්.කෙසේවෙතත්, කක්ෂයේ සිට ආපසු පැමිණීමේදී ශාන්තිකර සාගරය වෙත සිදුකළ පාලිත ගොඩබැස්වීම (controlled landing) අතරතුරදී මෙම යානය හදිසියේම විශාල ගිනිජාලාවක් සහිතව පිපිරී විනාශ වී තිබෙනවා.මෙම යානයේ මිනිසුන් කිසිවෙකුත් ගමන් නොකළ අතර, පිපිරීමට ලක්වීමට පෙර අභ්‍යවකාශයේදී චන්ද්‍රිකා කිහිපයක් සාර්ථකව කක්ෂගත කිරීමටද මෙම මෙහෙයුම සමත් වූ බවයි SpaceX සමාගම ප්‍රකාශ කරන්නේ.අනාගතයේදී අඟහරු සහ චන්ද්‍රයා වෙත මිනිසුන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක වන මෙම Starship ව්‍යාපෘතියේ වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම පරීක්ෂණ මෙහෙයුම සැලකෙනවා.

තවදුරටත් කියවන්න
SpaceX හි Starship රොකට්ටුව ප්‍රථම වරට පෘථිවි කක්ෂය වෙත යැවීමට සූදානම්: අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව කඩඉමකට මගපෑදෙයි

SpaceX හි Starship රොකට්ටුව ප්‍රථම වරට පෘථිවි කක්ෂය වෙත යැවීමට සූදානම්: අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව කඩඉමකට මගපෑදෙයි

ලොව මෙතෙක් නිෂ්පාදනය කර ඇති බලගතුම රොකට් පද්ධතිය වන SpaceX සමාගමේ 'Starship' හි ප්‍රථම පෘථිවි කක්ෂීය පරීක්ෂණ පියාසර කිරීම සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හෙට (28) පෙ.ව. 8:15 ට (නැගෙනහිර වේලාවෙන්) විවෘත වන විනාඩි 75 ක කාල රාමුව තුළ මෙම දියත් කිරීම සිදුකිරීමට නියමිත අතර, මෙය සාර්ථක වුවහොත් Starship හි පරීක්ෂණ අදියර නිම වී සක්‍රීය මෙහෙයුම් අදියර ආරම්භ වනු ඇති බවයි.මෙම පියාසර කිරීමේදී නව පරම්පරාවේ Starlink අන්තර්ජාල උපග්‍රහණ කාණ්ඩයක් ප්‍රථම වරට කක්ෂගත කිරීමටද සැලසුම් කර තිබෙනවා.කෙසේවෙතත්, මීට පෙර සිදුකළ උප-කක්ෂීය (suborbital) පරීක්ෂණ පියාසර කිරීම්වලට වඩා වැඩි අවදානමක් මෙහිදී පවතින බවයි විද්‍යාඥයෝ පෙන්වා දෙන්නේ.මීට පෙර සිදුකළ පරීක්ෂණ 13 දී රොකට්ටුවේ පාලනය ගිලිහුණද එය ස්වයංක්‍රීයවම පෘථිවි වායුගෝලයට ඇතුළු වී සාගරයට පතිත වන පරිදි සැලසුම් කර තිබුණා.නමුත් කක්ෂීය පථයකදී අධික වේගයෙන් ගමන් කරන බැවින් පාලනය ගිලිහුණහොත් එය අභ්‍යවකාශයේ පාවෙන තත්ත්වයට පත්වී අනෙකුත් සක්‍රීය උපග්‍රහණ සමග ගැටීමේ අවදානමක් පවතින අතර, පැය 10 ක පමණ කාලයක් පුරා පැවැත්වීමට නියමිත මෙම මෙහෙයුමේදී Starship යානය පෘථිවිය වටා වට 6 ක් ගමන් කිරීමෙන් අනතුරුව චිලී වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත කිරීමට නියමිතයි.නාසා (NASA) ආයතනයේ 'Artemis' වැඩසටහන යටතේ නැවත වරක් ගගනගාමීන් සඳ මතට ගෙන යාමේ කොන්ත්‍රාත්තුව හිමිව ඇත්තේද Starship යානයට වන අතර, අනාගතයේදී අඟහරු මත මිනිස් ජනාවාස පිහිටුවීමේ ඉලෝන් මස්ක්ගේ අභිප්‍රාය සාක්ෂාත් කරගැනීම සඳහා මෙම පරීක්ෂණ පියාසර කිරීම තීරණාත්මක පියවරක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.මූලාශ්‍රය - CNN

තවදුරටත් කියවන්න
The Witcher 3 Remastered සඳහා අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය CD Projekt Red හෙළි කරයි

The Witcher 3 Remastered සඳහා අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය CD Projekt Red හෙළි කරයි

එතෙක් මෙතෙක් බිහිවූ හොඳම Open-world RPG ක්‍රීඩාවක් වන The Witcher 3: Wild Hunt හි Remastered අනුවාදය (Remastered Version) සඳහා ක්‍රීඩකයන් විසින් වෙන කර තැබිය යුතු මතක ඉඩ ප්‍රමාණය (Storage Space) පිළිබඳ තොරතුරු CD Projekt Red සමාගම විසින් නිකුත් කර තිබෙනවා.මෙම සැප්තැම්බර් 29 වනදා සියලුම නූතන පරම්පරාවේ ක්‍රීඩා කොන්සෝල (Current-gen platforms) වෙත පැමිණීමට නියමිත මෙම ක්‍රීඩාව සඳහා PC, PS5 සහ Xbox භාවිතා කරන්නන්ට GB 45 ක Update එකක් බාගත (Download) කිරීමට සිදුවනු ඇති.කෙසේවෙතත්, Nintendo Switch 2 වෙනුවෙන්ම වෙනම සැකසූ අනුවාදයක් පැමිණෙන බැවින් ඒ සඳහා GB 50 ක ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වන බව CD Projekt Red හි ගෝලීය ප්‍රජා අධ්‍යක්ෂ මාසින් මොමොට් (Marcin Momot) සඳහන් කරනවා.දැනටමත් Nintendo Switch හි පැරණි අනුවාද හිමි ක්‍රීඩකයන්ට කිසිදු අමතර පිරිවැයකින් තොරව Switch 2 අනුවාදයට ‍යාවත්කාලීන වීමේ හැකියාවද ලබා දී තිබීම විශේෂත්වයක්.PC ක්‍රීඩකයන් සඳහා දැනට පවතින The Witcher 3: Complete Edition හි ප්‍රමාණය GB 51 ක් වන අතර, මෙම නව GB 45 යාවත්කාලීන අනුවාදයත් එකත් සමඟ සමස්ත ක්‍රීඩාව සඳහාම අවශ්‍ය වන්නේ GB 96 කට ආසන්න ඉඩ ප්‍රමාණයක්.මෙය ඉදිරියේදී නිකුත් වීමට නියමිත GB 200 ක පමණ ඉඩක් ගන්නා Final Fantasy 7 Revelation වැනි ක්‍රීඩා සමඟ සැසඳීමේදී සාපේක්ෂව අඩු අගයක් වනු ඇති.මෙම Remastered අනුවාදය හරහා වඩාත් දියුණු කළ දෘශ්‍ය අත්දැකීම් (Visual Upgrades), වෙනස් කළ Skill tree පද්ධතියක් සහ චරිත චලනයන්ගේ (Movement) සුමට බවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.මීට අමතරව, කලින් ක්‍රීඩා කළ Save Data සහ Achievements සියල්ලම නව අනුවාදයට ඇතුළත් කරගැනීමේ (Cross-progression) පහසුකමද සලසා තිබෙනවා.එමෙන්ම 2027 වසරේදී ජෙරල්ට්ගේ (Geralt of Rivia) නවතම ආගමනය සනිටුහන් කරමින් The Witcher 3: Songs of the Past නිකුත් කිරීමට CD Projekt Red සමාගම සූදානමින් සිටිනවා. මූලාශ්‍රය - GameRant

තවදුරටත් කියවන්න
Resident Evil Requiem හි Xbox අලෙවිය 8.6% දක්වා දැවැන්ත ලෙස පහතට: PlayStation 5 ආධිපත්‍යය තවදුරටත් තහවුරු වෙයි

Resident Evil Requiem හි Xbox අලෙවිය 8.6% දක්වා දැවැන්ත ලෙස පහතට: PlayStation 5 ආධිපත්‍යය තවදුරටත් තහවුරු වෙයි

ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇති Capcom සමාගමේ 'Resident Evil Requiem' වීඩියෝ ක්‍රීඩාවේ (Video Game) සමස්ත අලෙවියෙන් Xbox කොන්සෝල (Consoles) සඳහා අලෙවි වී ඇත්තේ 8.6% ක තරම් කුඩා ප්‍රතිශතයක් බව නවතම වෙළඳපොළ විශ්ලේෂණ වාර්තාවක් හෙළි කරනවා.Alinea Analytics ආයතනය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, මේ වන විට සාර්ථකව අලෙවි වන Resident Evil Requiem ක්‍රීඩාව මගින් ඩොලර් මිලියන 500 කට අධික ආදායමක් උපයා තිබෙනවා.PC, PS5 සහ Xbox Series X/S යන ප්ලැට්ෆෝම් (Platforms) හරහා සමස්ත පිටපත් මිලියන 8.5 ක් අලෙවි වී ඇති අතර, ඒ අතරින් Xbox සඳහා අලෙවි වී ඇත්තේ පිටපත් 731,000 ක් (8.6%) පමණයි.මීට සාපේක්ෂව Sony සමාගමේ PlayStation 5 (PS5) කොන්සෝල සඳහා පිටපත් මිලියන 4.01 ක් (48.1%) සහ PC (Steam) හරහා පිටපත් මිලියන 3.69 ක් (43.4%) අලෙවි වී තිබීම විශේෂත්වයක්.මෙම දත්ත මගින් මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ Xbox වෙළඳපොළ නියෝජනය Sony PS5 හමුවේ කෙතරම් පසුගාමීද යන්න පැහැදිලි වන බවයි විචාරකයෝ පෙන්වා දෙන්නේ.දැනට පවතින දත්තවලට අනුව Sony PS5 කොන්සෝල මිලියන 95.3 කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී ඇති අතර, Xbox Series X/S අලෙවිය සටහන් වන්නේ මිලියන 35 කට ආසන්න මට්ටමකයි.ඉදිරියේදී නිකුත් වීමට නියමිත GTA 6 ක්‍රීඩාවේ පෙර ඇණවුම් (Pre-orders) සම්බන්ධයෙන්ද පවතින්නේ මෙවැනිම තත්ත්වයක් වන අතර, එහිදීද වැඩි ප්‍රණයක් PS5 සඳහා වෙන්වී ඇති බවයි වාර්තා වන්නේ.කෙසේවෙතත්, මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන උපායමාර්ගික නිලධාරී මැතිව් බෝල් (Matthew Ball) සඳහන් කරන්නේ GTA 6 හි Xbox පෙර ඇණවුම් පිළිබඳව තම සමාගම තෘප්තිමත් වන බවයි.Resident Evil යනු ඉතිහාසයේ සිටම PlayStation සමඟ වැඩි සබඳතාවක් පැවැත්වූ ක්‍රීඩාවක් වීම සහ ජපානය වැනි රටවල Xbox සඳහා ඇති අඩු ඉල්ලුම මෙයට හේතු විය හැකි නමුත්, Xbox පරිශීලකයින් සිය කොන්සෝල අතහැර PC හෝ වෙනත් ප්ලැට්ෆෝම් වෙත මාරු වන්නේද යන්න පිළිබඳව මෙම දත්ත හරහා තදබල ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා.මූලාශ්‍රය - IGN

තවදුරටත් කියවන්න
Hiru TV News | Programmes