Top Story
2027 වසරේ මුල් භාගය වන විට මෙරට පැයට මෙගාවොට් 450 ක (450 MWh) දැවැන්ත බලශක්ති හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින පසුබිමක, වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වන පරිදි බලශක්ති අමාත්‍යාංශය නිකුත් කර ඇති නව තීරණ වහා අවලංගු කිරීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරයි. ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අනුර වර්ණකුලසූරිය සහ පුනර්ජනනීය බලශක්ති කමිටුවේ සභාපති/නියෝජ්‍ය සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දුගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියක මේ බව සඳහන්. වහල මත සූර්ය විදුලි පද්ධති සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති වේගයෙන් ව්‍යාප්ත කිරීම මෙම අර්බුදය අවම කිරීම සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුමක් වන අතර මෑතකදී නිකුත් කර ඇති ප්‍රතිපත්තිමය උපදෙස් ජාතික විදුලි බල පද්ධතියට සහාය විය හැකි මෙම ක්ෂේත්‍රයේ පැවැත්මට තර්ජනයක් වී ඇති බවයි එම ලිපියෙහි සඳහන් වන්නේ. වර්තමානයේ RTSPV ක්ෂේත්‍රය ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 2600ක ධාරිතාවයක් දායාද කරන අතර ආනයනික පොසිල ඉන්ධන සඳහා වැය වන මුදලින් මසකට ආසන්න වශයෙන් රුපියල් බිලියන 20.4ක් ඉතිරිකිරීමට දායක වන බවත් එසේ තිබියදීත් මෙම ක්ෂේත්‍රය නියාමනය බාධක රැසකට මුහුණ දෙමින් සිටින බවයි එම ලිපිය මගින් ඔවුන් පවසා සිටින්නේ. එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, Net Metering' සහ 'Net Accounting' අහෝසි කිරීම - බලශක්ති අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා විසින් 2026 සැප්තැම්බර් 11 වන දින නිකුත් කළ උපදෙස් මගින් සාර්ථකව ක්‍රියාත්මක වූ Net Metering සහ Net Accounting ක්‍රම අහෝසි කර, 'Net Plus' ක්‍රමය පමණක් ක්‍රියාත්මක කිරීමටත්, ගිවිසුම් කාලය වසර 12 කට සීමා කිරීමටත් පියවර ගෙන ඇත. ජීවන වියදම ඉහළ යාම සහ අයිතිවාසිකම් අහිමි වීම - මෙයින් පාරිභෝගිකයාට තමන් නිපදවන විදුලිය අඩු ගාස්තුවකට විදුලිබල මණ්ඩලයට විකුණා, තම පරිභෝජනය සඳහා වැඩි ගෘහස්ථ ගාස්තු යටතේ විදුලිය මිලදී ගැනීමට සිදුවේ. එමගින් පාරිභෝගිකයාට තමන්ගේම විදුලිය නිපදවා ගැනීමේ අයිතිය අහිමි වන අතර, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පිරිවැය ඉහළ ගොස් තරඟකාරීත්වයද අහිමි වනු ඇත. රැකියා 20,000 ක් අවදානමේ - දැනට සූර්ය බලශක්ති සමාගම් 800 කට අධික සංඛ්‍යාවක සෘජු හා වක්‍ර රැකියා 20,000 ක් පමණ පවතින අතර, නව ප්‍රතිපත්තිය නිසා මෙම රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් මතුවේ, යන්නයි. එබැවින් 2026 සැප්තැම්බර් 11 වන දිනැති අමාත්‍යාංශ නියෝගය වහා අවලංගු කර, 'Net Metering' සහ 'Net Accounting' ක්‍රමවේද නැවත ස්ථාපිත කරන ලෙසත්, විදුලි ගාස්තු හෝ ගිවිසුම් වෙනස් කිරීමේදී PUCSL ස්වාධීන අනුමැතිය අනිවාර්ය කරන ලෙසත් ජාතික වාණිජ මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
තවදුරටත් කියවන්න
General23 September 2026 5:39 PM
වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් වාණිජ මණ්ඩලයෙන් ජනපතිට ලිපියක්
International News

බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්

International 23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්

තෙල් මත යැපීම අඩු කරන්න සෞදි අරාබියෙන් පළමුවරට නව විදුලි මෝටර් රථ

International 23 September 2026
තෙල් මත යැපීම අඩු කරන්න සෞදි අරාබියෙන් පළමුවරට නව විදුලි මෝටර් රථ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

International 23 September 2026
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්

International 23 September 2026
ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්

පැසිෆික් සාගරය කළඹමින් ‘පෝලෝ’ සුළි කුණාටුව මෙක්සිකෝව දෙසට

International 23 September 2026
පැසිෆික් සාගරය කළඹමින් ‘පෝලෝ’ සුළි කුණාටුව මෙක්සිකෝව දෙසට

දකුණු අප්‍රිකාවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි

International 23 September 2026
දකුණු අප්‍රිකාවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි

ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු දෙකක් ඉදිකිරීමට අමෙරිකාවට අවසර

International 23 September 2026
ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු දෙකක් ඉදිකිරීමට අමෙරිකාවට අවසර

කෘත්‍රිම බුද්ධිය 'සුපිරි බුද්ධිය' කරන්නැයි ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

International 23 September 2026
කෘත්‍රිම බුද්ධිය 'සුපිරි බුද්ධිය' කරන්නැයි ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති අතර හමුවක්

International 23 September 2026
ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා

International 23 September 2026
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා

ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාවට යැවූ F-35 ප්‍රහාරක යානා කොටස් වැරදීමකින් හොංකොං වෙත

International 23 September 2026
ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාවට යැවූ F-35 ප්‍රහාරක යානා කොටස් වැරදීමකින් හොංකොං වෙත

ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්

International 22 September 2026
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්

ලංකාවෙන් ලොවට: වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි

International 22 September 2026
ලංකාවෙන් ලොවට: වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි

තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් - 11 දෙනෙකුට තුවාල

International 22 September 2026
තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් - 11 දෙනෙකුට තුවාල

ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ආයතනයෙන් දැඩි විවේචන

International 22 September 2026
ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ආයතනයෙන් දැඩි විවේචන
More News
General23 September 2026

ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්

ව්‍යාජ සමාගම් පහක් පිහිටුවා ගනිමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර අමරිකානු ඩොලර් බිලියන 24.85ක් විද්‍යුත් විගණන පැවරුම් (ටී ටී ඔස්සේ) හරහා රටින් පිට කළේ යැයි කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කළා.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 12 පදිංචි නෙයිනා මොහොමදු මොහොමඩ් නමැත්තායි.මෙම සැකකරු මෙම සිද්ධියේ 07වන සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රජයේ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා කරුණු දක්වමින් මෙසේ පැවසුවා.“ස්වාමිනී, මෙරටින් ඩොලර් සංචිත පිට කිරීමේ මහා ජාවාරම සම්බන්ධව සිදු කරන විමර්ශනයේ 7 වන සැකකරු ලෙස මොහු නම් කරනවා. මෙහි ප්‍රධාන සැකකරු වන මොහොමඩ් ජෙෆ්රි හා මොහොම මුසාම්මිල් මොහොමඩ් ඉන් පාස් යන සැකකරුවන් හා සමානවම මෙම සැකකරු ව්‍යාජ සමාගම් පහක් පිහිටුවා තිබෙනවා. ලකී බ්‍රැන්ඩ් කියන සමාගමේ අධ්‍යක්ෂකවරයා ලෙස මෙම සැකකරු කටයුතු කර තිබෙනවා. සැකකාර බැංකු නිලධාරීන් සමග එක්ව මෙම ජාවාරම ක්‍රියාත්මක කර තිබෙනවා.මෙතෙක් විමර්ශනය කළ ව්‍යාජ සමාගම් 89 න් 72 ක ක්‍රියාකාරීත්වය මෙම සැකකරුවන් තිදෙනා විසින් දරා තිබෙනවා. අපට තව විමර්ශනය කළ යුතුව තිබෙන්නේ සමාගම් පහක් සම්බන්ධයෙන් පමණයි. එම නිසා සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තරයේ විරුද්ධ වනවා. මෙම සැකකරු තමන් සන්තකයේ තිබූ දේපළ සහ වාහන, තුන්වෙනි පාර්ශවයකට බැහැර කරලා. මේ හේතුවෙන් ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා වන වනවා.සැකකරු වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් සිල්වා කරුණු දක්වමින් සිය සේවාදායකයා පසුගිය නොවැම්බර් මාසයේ සිට කිසිදු ඩොලරයක් පිටරට යැවීමේ කාර්යයක නිරත වී නැතැයි පැවසුවා.ව්‍යාජ සමාගම පිළිබඳව රේගුව මගින් අනාවරණය කර ගැනීමෙන් පසුව රේගුවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පූර්ණ සහය දක්වා ඇති බවද නීතිඥවරයා සඳහන් කළා.තම සේවාදායකයා ආනයනික භාණ්ඩ අඩු වටිනාකම් යොදා ආනයනය කිරීමට විද්‍යුත් විගණන පැවරුම් හරහා මුදල් බැර කිරීම කොමිස් මුදලක් ලබා ගැනීමට සිදුකර ඇති බවත්, ඔහුට එමගින් අත් වූ මහා පරිමාණ ලාභයක් නොමැති බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම මෙම විමර්ශනයට අදාලව තම සේවාදායකයා මුල සිටම සහාය දක්වා ඇති බැවින් ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

තවදුරටත් කියවන්න
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
General23 September 2026

කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කරන්න සාකච්ඡා

ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.ජනාධිපති මාධ්‍ය අංශය සදහන්කරන්නේ, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුර්දර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අයගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණු බවයි.රිදී විහාරය කේන්ද්‍ර කර ගනිමින් එහි පෞරාණික අනන්‍යතාව සහ ඒ ආශ්‍රිත පාරිසරික පද්ධතිය ආරක්ෂා වන පරිදි සංවර්ධන සැලසුම් සකස් කර සංචාරක ආකර්ෂණය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.ඒ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කෙටි කාලයක් තුළ සැලසුම් සකස් කර ඉදිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමටද තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.රිදී විහාරයේ භාරකාර විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමි, පූජ්‍ය රිදීගම වනරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. එම්. අස්ලම් ඇතුළු නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්ව රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

තවදුරටත් කියවන්න
කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කරන්න සාකච්ඡා
General23 September 2026

ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට පිවිසෙයි

ශ්‍රී ලංකා රේගුව විසින් සිය ප්‍රථම කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ඔක්තෝබර් පළවෙනි දින කොළඹ ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතව බවට තොරතුරු වාර්තා වෙනවා. එය රේගු ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරීමේ සහ වෙළෙඳ ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇති. නව පද්ධතිය මගින් රේගු ප්‍රකාශන සහ ඒවාට අදාළ උපකාරක ලේඛන විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ඉදිරිපත් කිරීමට හා සැකසීමට හැකිවන අතර එමගින් භෞතික ලේඛන, අතින් සිදු කරන ලේඛන කටයුතු සහ කඩදාසි ලිපි ගොනු පරිහරණය මත පවතින රඳා පැවැත්ම අවම වනු ඇති. මෙම වැඩපිළිවෙළ මගින් වේගවත් සැකසුම් ක්‍රියාවලියක්, විනිවිදභාවයක් ලේඛන පහසුවෙන් සොයා ගැනීමේ සහ පසු විපරම් කිරීමේ හැකියාවක් මෙන් ම පරිපාලන ප්‍රමාදයන් අවම කිරීම ඇතුළු ප්‍රායෝගික ප්‍රතිලාභ රැසක් අත්කර දීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා රේගුව පවසා සිටින්නේ. එමෙන්ම වඩාත් ඵලදායී අවදානම් මත පදනම් වූ රේගු පාලනය රජයේ ආදායම් ආරක්ෂා කිරීම නියාමන අනුකූලතා සහ වෙළඳ පහසුකරණය සඳහාද මෙම පද්ධතිය සහය වනු ඇති බවයි එම ආයතනය පවසා සිටින්නේ. තවද වඩාත් පරිසර හිතකාමී හා තිරසර කාර්ය පරිසරයක් ඇති කිරීමටත් රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරනය කිරීමේ පුළුල් ක්‍රියාවලියට දායක වීමටත් මෙය ඉවහල් වනු ඇති බව සඳහන්.

තවදුරටත් කියවන්න
ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට පිවිසෙයි
General23 September 2026

අනෝජන්ගේ නිදහස පතා ගංගාරාමයේදී සර්ව ආගමික හමුවක්

සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ නිදහස වෙනුවෙන්, කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.ජාති, ආගම් හෝ කුල භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනතාව එකමුතුව මෙම දුෂ්කර අවස්ථාවේදී අනෝජන් වෙනුවෙන් පෙනී සිටීම මෙරට මානුෂීයත්වය සහ ජාතික එකමුතුව ලොවටම පෙන්වන උසස් ආදර්ශයක් බවයි එහිදී අවධාරණය කෙරුණේ.ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගනු ලබන උත්සාහයන් සාර්ථක වී, අනෝජන්ට ඉක්මනින් නිදහස ලබා තම පවුලේ සාමාජිකයන් වෙත පැමිණීමට ලැබෙන්නේ නම් එය මහත් සහනයක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.ආගම් වෙනස් වුවද මනුෂ්‍යත්වය එකක් බවත්, තම තමන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව අනෝජන්ගේ නිදහස සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ලෙසත් ගංගාරාම විහාරාධිපති හිමියන් ප්‍රමුඛ සර්ව ආගමික නායකයෝ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.මෙම අවස්ථාවට පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමි, පූජ්‍ය ආචාර්ය ශාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමි, සිව ශ්‍රී ආචාර්ය ඛාඛුශර්මා කුරුක්කල්තුමා, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරි පූජකතුමා සහ ආචාර්ය තිලකසූරිය ජයවර්ධන පියතුමා ඇතුළු ශ්‍රී ලංකා ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ සර්ව ආගමික නායකයන් එක්වුණා.මේ අතර අනෝජන් නිදහස් කර ගැනීමට හා ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස ඉල්ලා ප්‍රධාන හින්දු පූජකතුමන්ලා විසින් මාලිගාවත්තේ පිහිටි ජම්ය තුල් උලමා සංවිධානය සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

තවදුරටත් කියවන්න
අනෝජන්ගේ නිදහස පතා ගංගාරාමයේදී සර්ව ආගමික හමුවක්
General23 September 2026

ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ලෙස රජය සහ ජනාධිපති ඉතිහාසගත වන බව විපක්ෂ නායක සජිත් කියයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුව අමතමින්.ජනතාව සමඟ සමාජ ගිවිසුමක් ඇති කර ක්‍රමයේ වෙනසක් ඇති කරන බව පවසමින් රජය බලයට පැමිණි නමුත්, විධායකය විසින් අධිකරණය තමන්ගේ වහලෙකු බවට පත් කිරීම ක්‍රමයේ වෙනසක් නොවන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, බලය බෙදීම සහ සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කරමින් රට ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒකාධිපතිවාදයක් කරා ගෙන යන බවද ඔහු ප්‍රකාශ කළා.මානව හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ ආයතන පලුදු කර තනි පක්ෂයක් රට පාලනය කරන ක්‍රමයකට රට ගෙන යන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළා.මෙම ක්‍රියාවලිය රටේ ව්‍යවස්ථා ඉතිහාසයේ ලියවෙන බවත්, මේ රජය සහ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ලෙස ඉතිහාසගත වනු ඇති බවත් ඔහු පැවසුවා.මේ අතර, රටේ සැබෑ තත්ත්වය දැන ගැනීම සඳහා ජනතාව අතරට ගොස් කරුණු විමසන ලෙස රජයෙන් ඉල්ලා සිටි විපක්ෂනායකවරයා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් යහපත් බව පැවසීමෙන් පමණක් රටේ ජනතාවගේ ගැටලු විසඳිය නොහැකි බවද සඳහන් කළා.වී සඳහා අදටත් රුපියල් 150ක සහතික මිලක් නොමැති බවත්, ත්‍රීරෝද රථ රියදුරන්, ස්වයං රැකියාකරුවන් සහ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඔහු කියා සිටියා.එමෙන්ම කර්මාන්තකරුවන් රට අතහැර යන තත්ත්වයක් පවතින බවටද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ අතර, සෘජු විදේශ ආයෝජන සහ අපනයන සඳහා හිතකර වැඩපිළිවෙළක් සහ පරිසරයක් නොමැති බවට චෝදනා කළා.මේ අතර, රැකියා සඳහා ඊශ්‍රායලයට යාමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයන් සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, එම තරුණයන්ගේ මූලික හා මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියා.රජය පවසන ආකාරයට රටේ තත්ත්වය යහපත් නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වා ජනතා මතය විමසන ලෙසද විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියා.එමෙන්ම දිට්වා හේතුවෙන් පීඩාවට පත් ජනතාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළද රජයට ඒ සඳහා පිළිතුරු නොමැති බවටද ඔහු චෝදනා කළා.රටේ ජනතාවගේ ජීවිත විහිළුවකට නොගන්නා ලෙසත්, ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලුවලට පිළිතුරු ලබාදෙන ලෙසත් විපක්ෂනායකවරයා රජයෙන් ඉල්ලා සිටියා.

තවදුරටත් කියවන්න
ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ලෙස රජය සහ ජනාධිපති ඉතිහාසගත වන බව විපක්ෂ නායක සජිත් කියයි
International News

බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්

International 23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්

තෙල් මත යැපීම අඩු කරන්න සෞදි අරාබියෙන් පළමුවරට නව විදුලි මෝටර් රථ

International 23 September 2026
තෙල් මත යැපීම අඩු කරන්න සෞදි අරාබියෙන් පළමුවරට නව විදුලි මෝටර් රථ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

International 23 September 2026
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්

International 23 September 2026
ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර ගැන ඉන්දියාවෙන් පාකිස්ථානයට දොස්

පැසිෆික් සාගරය කළඹමින් ‘පෝලෝ’ සුළි කුණාටුව මෙක්සිකෝව දෙසට

International 23 September 2026
පැසිෆික් සාගරය කළඹමින් ‘පෝලෝ’ සුළි කුණාටුව මෙක්සිකෝව දෙසට

දකුණු අප්‍රිකාවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි

International 23 September 2026
දකුණු අප්‍රිකාවේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි

ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු දෙකක් ඉදිකිරීමට අමෙරිකාවට අවසර

International 23 September 2026
ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු දෙකක් ඉදිකිරීමට අමෙරිකාවට අවසර

කෘත්‍රිම බුද්ධිය 'සුපිරි බුද්ධිය' කරන්නැයි ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

International 23 September 2026
කෘත්‍රිම බුද්ධිය 'සුපිරි බුද්ධිය' කරන්නැයි ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති අතර හමුවක්

International 23 September 2026
ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා

International 23 September 2026
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අතරතුර අමෙරිකාව සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා

ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාවට යැවූ F-35 ප්‍රහාරක යානා කොටස් වැරදීමකින් හොංකොං වෙත

International 23 September 2026
ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකාවට යැවූ F-35 ප්‍රහාරක යානා කොටස් වැරදීමකින් හොංකොං වෙත

ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්

International 22 September 2026
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්

ලංකාවෙන් ලොවට: වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි

International 22 September 2026
ලංකාවෙන් ලොවට: වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි

තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් - 11 දෙනෙකුට තුවාල

International 22 September 2026
තුර්කියේ උසස් පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් - 11 දෙනෙකුට තුවාල

ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ආයතනයෙන් දැඩි විවේචන

International 22 September 2026
ඉම්රාන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ආයතනයෙන් දැඩි විවේචන
Sports Stories
Explore More
ක්‍රිකට්වල ලොව වැඩිම Hit Wicket දැවී යාම් ශ්‍රී ලංකාවෙන්

ක්‍රිකට්වල ලොව වැඩිම Hit Wicket දැවී යාම් ශ්‍රී ලංකාවෙන්

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පිත්ත කඩුල්ලේ වැදී Hit Wicket අවස්ථාවෙන් දැවී යාම සිදුවන්නේ ඉතාමත් විරල ලෙසින්.හිරු ක්‍රීඩා අංශය කළ ගවේෂණයක දී 2015 වසරේ අවස්ථා 44කදී එක් රටක වැඩිම අවස්ථාවන් ලෙස අවස්ථා 9කට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. 2023 - 2026 කාලයේ මේ දක්වා සැලකූ විට ICC පූර්ණ සාමජික රටවල් අතර තරගාවලියක සිදුවූ Hit Wicket අවස්ථා 15න් අවස්ථා 5ක් සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිඩකයන් අතින් වන අතර, එය සමස්ථයෙන් 1/3ක්. 2024 දී ඇන්ජලෝ මැතිව්ස් සහ සදීර සමරවික්‍රමත්, 2025 දී ජනිත් ලියනගේ සහ 2026 වසරේ මේ දක්වා දුෂාන් හේමන්ත සහ වනිඳු හසරංග එම ක්‍රීඩකයින් වනවා. මේ කාලසිමාව තුළ Hit Wicket අවස්ථා ලෝකයේ අනික් රටවල ක්‍රීඩකයින්ගේ වාර්තා වන්නේ අවම වශයෙන් ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ සිම්බාබ්වේ අවස්ථා 2 බැගින්, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, බංග්ලාදේශයෙන් එක් අවස්ථාවක් මෙන්ම එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවෙන් කිසිදු Hit Wicket අවස්ථාවක් වාර්තා වී නොමැත.

තවදුරටත් කියවන්න
සුපුරුදු රිද්මයෙන් පළමු එක්දින තරගයත් ලකුණු 89කින් පරාජයට පත් වූ සිංහයෝ

සුපුරුදු රිද්මයෙන් පළමු එක්දින තරගයත් ලකුණු 89කින් පරාජයට පත් වූ සිංහයෝ

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 89කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 48.1කදී ලකුණු 265කට සියලු දෙනා දැවී ගියා.එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක හැරී බෘක් ලකුණු 67ක් රැස් කළ අතර, විල් ජැක්ස් ලකුණු 46ක් ලබා ගනිමින් අවසන් භාගයේදී එංගලන්ත ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වුණා.ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ සචින්දු කොළඹගේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත්තා.ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදී සියල්ලන් දැවී ලබාගත හකිවූයේ ලකුණු 176ක් පමණයි. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 42ක්ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක්ද ලබා ගත්තා. වෙනත් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 30 සීමාවටවත් ලඟාවීමට නොහැකිවුනා. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවා ගත්තා.

තවදුරටත් කියවන්න
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.මෙම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2026 ජූනි 08 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය ලබා දී තිබූ අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිශ්කාශනය ද හිමිව තිබෙනවා.ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනාධිකාරිය පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංස්ථාපනය කිරීම මෙන්ම එහි බලතල සහ කර්තව්‍යයන් සඳහා නෛතික විධිවිධාන සැලසීම මෙම පනත මගින් සිදුවනවා.එසේම යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්මයන් මත පිහිටා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කටයුතු කිරීමත්, සියලු සහභාගිවන්නන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීමත් මෙහි ප්‍රධාන අරමුණක්. මීට අමතරව දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ද මෙමගින් සලසා තිබෙනවා.තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවටයි අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමැතිය ලබාදී තිබෙන්නේ.

තවදුරටත් කියවන්න
චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක සහීර් ඛාන් පත් කරයි

චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක සහීර් ඛාන් පත් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් පත් කර තිබෙනවා.චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් අද (21) මෙම පත්වීම නිල වශයෙන් නිවේදනය කර ඇති අතර, ඔහු හිටපු ප්‍රධාන පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින්ග් වෙනුවට එම තනතුරට පත් වී තිබෙනවා. ඉදිරි IPL 2027 තරගාවලිය සඳහා සහීර් ඛාන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සහීර් ඛාන් මීට පෙර IPL කණ්ඩායම් සමඟද පුහුණු සහ කළමනාකරණ භූමිකාවල කටයුතු කර තිබෙන අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම් අතරින් එකක්ද වනවා.

තවදුරටත් කියවන්න
Business Stories
Explore More
සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි

සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි

සමාගම් 6ක් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.ඊයේ (22) නිකුත් කළ නිවේදනයකින් මහ බැංකුව සඳහන් කළේ, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මෙම නියෝග නිකුත් කර ඇති බවයි.අනතුරුව කොළඹ මහාධිකරණය විසින්ද අදාළ තහනම් නියෝග තහවුරු කර දීර්ඝ කර තිබෙනවා.ඒ අනුව මේ වනවිට තහනම් නියෝග ක්‍රියාත්මක වන සමාගම් වන්නේ,* Kasagala Green Plantation (Private) Limited* Ceylon Green Life Plantation (Private) Limited* Singhe Capital Investment Limited* Pro Shop Advertising Holdings (Private) Limited* Athens Inteational Education Centre (Private) Limited* Eyon Lanka Investment & Film Production Inteational Company (Private) Limited යන සමාගම් හයයි.මහ බැංකුව සඳහන් කළේ, Kasagala Green Plantation සහ Ceylon Green Life Plantation යන සමාගම් සම්බන්ධයෙන් මූල්‍ය ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය යටතේ මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බවයි.එමෙන්ම අනෙකුත් සමාගම් හතර මූල්‍ය ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තියට පටහැනිව මූල්‍ය ව්‍යාපාර සිදුකර ඇති බව හෝ මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බවට මහ බැංකුව විසින් දැනටමත් තීරණය කර ඇති බවද සඳහන්.මේ අතර මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් තැන්පත් කිරීමේදී නීත්‍යානුකූලව බලයලත් ආයතන පමණක් තෝරාගන්නා ලෙසයි.බැංකු පනත හෝ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා ඇති හෝ එම පනත්වලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතනවලට පමණක් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට අවසර ඇති බවද මහ බැංකුව අවධාරණය කරනවා.එමෙන්ම නීත්‍යානුකූල අවසරයකින් තොරව මූල්‍ය ව්‍යාපාර සිදුකරන බවට හෝ මහජන තැන්පතු භාරගන්නා බවට ලැබී ඇති පැමිණිලි මත තවත් ආයතන සහ පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.

තවදුරටත් කියවන්න
M-CRIL – IDEAS සහයෝගිතාව: ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට නව පිම්මක්

M-CRIL – IDEAS සහයෝගිතාව: ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට නව පිම්මක්

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත්, විනිවිදභාවයෙන් යුතු සහ තිරසර අනාගතයක් කරා ගෙන යාමේ අරමුණින් M-CRIL Limited සහ IDEAS Business and Development Academy නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එක්ව තිබේ.ජාත්‍යන්තර ක්ෂුද්‍රමූල්‍ය විශේෂඥ දැනුම සහ ශ්‍රී ලංකාවේ දේශීය ක්ෂුද්‍රමූල්‍ය හා සංවර්ධන අත්දැකීම් එකට එක් කරන මෙම හවුල්කාරිත්වය, ක්ෂේත්‍රයේ ධාරිතා සංවර්ධනය සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා නව අවස්ථා නිර්මාණය කරනු ඇත.කොළඹදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමත් සමඟ මෙම සහයෝගිතාව නිල වශයෙන් ආරම්භ විය. ක්ෂුද්‍රමූල්‍ය ශ්‍රේණිගත කිරීම්, පාරිභෝගික ආරක්ෂාව, සමාජ කාර්යසාධනය සහ ධාරිතා සංවර්ධනය සම්බන්ධයෙන් M-CRIL සතු ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥතාවත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය හා සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ IDEAS සතු දේශීය දැනුම සහ පුහුණු හැකියාවත් මෙම හවුල්කාරිත්වය තුළින් ඒකාබද්ධ වේ.වගකීම් සහගත හා තිරසර මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීම මෙම සහයෝගිතාවේ ප්‍රධාන අරමුණකි. ආයතනික කාර්යසාධනය, විනිවිදභාවය සහ පාරිභෝගික ආරක්ෂාව වැඩිදියුණු කිරීම තුළින් ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය කෙරෙහි පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම හවුල්කාරිත්වය අපේක්ෂා කරයි.මෙහි තවත් වැදගත් පියවරක් ලෙස ක්ෂුද්‍රමූල්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීය සංවර්ධන වැඩසටහන් සහ සහතිකපත්‍ර පාඨමාලා හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. එහි පළමු අදියර ලෙස ක්ෂේත්‍රයේ නිලධාරීන් ඉලක්ක කරගත් ක්ෂුද්‍රමූල්‍ය සහතිකපත්‍ර පාඨමාලාවක් (Microfinance Certificate Course) හඳුන්වාදීමට නියමිතය.ඉදිරියේදී විවිධ මට්ටම්වල ක්ෂුද්‍රමූල්‍ය වෘත්තිකයන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් තවත් පාඨමාලා ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමන සහ ආයතනික වශයෙන් වැදගත් වෙනස්කම් රැසකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙම සහයෝගිතාව ආරම්භ වීම විශේෂ වැදගත්කමක් දරයි. ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත (MCRA) ක්‍රියාත්මක වීමත් සමඟ ක්ෂේත්‍රය තුළ ඵලදායී අධීක්ෂණය, වගකීම් සහගත මූල්‍ය ක්‍රියාමාර්ග සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ.ජාත්‍යන්තර දැනුම, තාක්ෂණික විශේෂඥතාව සහ දේශීය අත්දැකීම් එකට එක් කිරීම තුළින් නව නියාමන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල හැකියාවන් සහ වෘත්තීය ප්‍රමිතීන් තවදුරටත් වර්ධනය කිරීමට ද මෙම හවුල්කාරිත්වය අවස්ථාව සලසා දෙනු ඇත. 

තවදුරටත් කියවන්න
නියාමනය වූ අනාගතයකට ක්ෂුද්‍රමූල්‍ය නායකයෝ අත්වැල් බැඳගනිති

නියාමනය වූ අනාගතයකට ක්ෂුද්‍රමූල්‍ය නායකයෝ අත්වැල් බැඳගනිති

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නව නියාමන යුගයකට පිවිසෙමින් පවතින අවස්ථාවක, ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් එක් කරමින් ලංකා ක්ෂුද්‍රමූල්‍ය ජාලය (LMFN) සංවිධානය කළ ක්ෂුද්‍රමූල්‍ය නායකයන්ගේ සංසදය 2026 (Microfinance Leaders’ Forum 2026) බොල්ගොඩ Hotel Clio හිදී පැවැත්විණි.“නියාමනය වූ අනාගතයකට නායකත්වය ලබාදීම” යන තේමාව යටතේ පැවති සංසදයට දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් රැසක් එක්වූහ.“ආයතනික පරිවර්තනය උදෙසා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ භූමිකාව” යන තේමාව යටතේ විශේෂ ආරාධිත දේශනය පැවැත්වූ ආචාර්ය කිෂු ගෝමස්, ඉදිරියේදී සිදුවන නියාමන වෙනස්කම් ක්ෂේත්‍රයේ වර්ධනයට බාධාවක් ලෙස නොව, පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීමට සහ මහජන විශ්වාසය යළි ගොඩනැගීමට ලැබෙන අවස්ථාවක් ලෙස භාවිත කළ යුතු බව අවධාරණය කළේය.ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජානක ලක්මාල් මහතා ද සංසදයට එක්වෙමින්, ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය වඩාත් නියාමනය වූ අවධියකට ගමන් කරන විට ණය තොරතුරු හුවමාරුවේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය.ලංකා ක්ෂුද්‍රමූල්‍ය ජාලයේ ලේකම් ඉම්රාන් නෆීර් මහතා ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ ගමන්මඟ පිළිබඳව අදහස් දක්වමින්, ඉදිරි යුගයේ වගකීම් සහගත හා තිරසාර ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, නියාමකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ දායකත්වයේ වැදගත්කම පෙන්වා දුන්නේය.ලංකා ක්ෂුද්‍රමූල්‍ය ජාලයේ සභාපති ධනුෂ්ක උඩුගම මහතා අවධාරණය කළේ නියාමනය සහ ඉදිරියට ගමන් කිරීම එකිනෙකට ප්‍රතිවිරුද්ධ කරුණු නොවන බවයි. ගනුදෙනුකරුවන් ආරක්ෂා කරමින් ඔවුන්ට සේවා සපයන ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම යන පොදු අරමුණ ඔස්සේ මෙම අංශ දෙකම සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව ඔහු පෙන්වා දුන්නේය.ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයේ සියලු නායකයන් එකම පවුලක් ලෙස එක්වී කටයුතු කිරීමේ වැදගත්කම ද උඩුගම මහතා අවධාරණය කළේය.මෙම සංසදයට LCB Finance PLC මූල්‍ය සහකරු ලෙසත්, M-CRIL Limited ජාත්‍යන්තර විශේෂඥ දැනුම් හවුල්කරු ලෙසත්, Evoke Labs තොරතුරු තාක්ෂණ හවුල්කරු ලෙසත් සහ Liyasi TV දෘශ්‍ය මාධ්‍ය හවුල්කරු ලෙසත් සහය ලබා දුන්නේය.ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දීර්ඝ කාලයක් සිදු කළ සේවය අගයමින් ජී. වික්ටර් රත්නායක මහතාට LMFN ගෞරව සාමාජිකත්වය පිරිනැමීම ද මෙහිදී සිදු විය.නව නියාමන පරිසරයක් කරා ගමන් කරන අවස්ථාවක ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද සංසදය අවස්ථාවක් සලසා දුන්නේය. 

තවදුරටත් කියවන්න
අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

අගෝස්තු මාසයේ උද්ධමනය 8.1% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී 8.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 7.2%ක් ලෙස වාර්තා වී ඇති බව - ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනය ඉහළ යාම බලපා ඇති බවයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත වාර්ෂික පදනමින් මනිනු ලබන ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 4.9%ක් ලෙස සටහන් වුණා. මේ අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය 9.2%ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තවදුරටත් කියවන්න
නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරුව ඉහළට : ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය වාර්තාගත ලෙස ඉහළට

නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරුව ඉහළට : ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය වාර්තාගත ලෙස ඉහළට

මැදපෙරදිග කලාපයේ පවතින උත්සන්න වූ යුධමය තත්ත්වය සහ හෝමුස් සමුද්‍රසන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව එල්ල වී ඇති බාධා හමුවේ, තෙල් අපනයනය පවත්වාගෙන යාම සඳහා මැදපෙරදිග නිෂ්පාදකයින් විසින් නෞකාවෙන් නෞකාවට තෙල් හුවමාරු කිරීමේ (Ship-to-Ship - STS) නව ක්‍රමවේදයක් (Shuttle system) ආරම්භ කර තිබෙනවා.ඉරාන අර්බුදය සහ රතු මුහුද ආශ්‍රිත හූති ප්‍රහාර හමුවේ නෞකා සෘජුවම අවදානම් කලාප හරහා ගමන් කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඒ අනුව, කුඩා ටැංකි නෞකා මගින් පර්සියානු ගල්ෆ් කලාපයේ සිට ඕමාන මුහුදු තීරය දක්වා තෙල් ගෙනැවිත්, එහි නගරයට ඔබ්බෙන් නවතා ඇති විශාල නෞකාවලට පටවනු ලබන බවයි සඳහන්.ඉන්පසුව එම විශාල නෞකා ආසියාව ඇතුළු අනෙකුත් වෙළඳපොළවල් වෙත තෙල් ප්‍රවාහනය කරනු ලබනවා.අබුඩාබි ජාතික තෙල් සමාගම (ADNOC) සහ සවුදි ඇරම්කෝ (Saudi Aramco) ආයතනය ඇතුළු කලාපීය තෙල් නිෂ්පාදකයින් රැසක් මේ වන විට මෙම STS ක්‍රමවේදයට බහුලව අවතීර්ණ වී ඇති අතර, Kpler දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේදී පමණක් ඕමාන් ගල්ෆ් කලාපයේ නෞකාවෙන් නෞකාවට හුවමාරු කරන තෙල් ප්‍රමාණය දිනකට බැරල් මිලියන 2.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.කෙසේ වෙතත්, මෙම අලුත් ක්‍රමවේදය හේතුවෙන් ගෝලීය තෙල් ප්‍රවාහන පිරිවැය සහ නෞකා ගාස්තු (Freight rates) වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මින් පෙර පැවති තෙල් බැරලයක මිලෙන් 2% - 3%ක් වූ ප්‍රවාහන ගාස්තුව මේ වන විට 25%කට වඩා වැඩි අගයක් ගන්නා අතර, චීනය දක්වා තෙල් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව බැරලයකට ඩොලර් 30 ඉක්මවා තිබෙනවා.තෙල් සැපයුම් ජාලය මුළුමනින්ම අඩාල වීම වැළකී තිබුණද, මෙම සංකීර්ණ සහ අධික වියදම් සහිත ප්‍රවාහන ක්‍රමය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.මූලාශ්‍රය - රොයිටර්ස්

තවදුරටත් කියවන්න
සංචාරක කර්මාන්තයේ වර්ධනයට එමිරේට්ස් සහ SLTPB හවුල්කාරීත්වය අලුත් කරයි

සංචාරක කර්මාන්තයේ වර්ධනයට එමිරේට්ස් සහ SLTPB හවුල්කාරීත්වය අලුත් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට තවදුරටත් සහාය ලබාදීමේ අරමුණින්, එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සිය උපායමාර්ගික හවුල්කාරීත්වය අලුත් කර තිබේ.ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස්, මහාද්වීප හයකට විහිදුණු ගමනාන්ත 140කට ආසන්න සිය පුළුල් ගුවන් ගමන් ජාලය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවර්ධනය කිරීම සහ දිවයිනට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට අඛණ්ඩව සහාය වනු ඇත.පාර්ශ්ව දෙක අතර අවබෝධතා ගිවිසුමක් (MoU) හරහා මෙම හවුල්කාරීත්වය විධිමත් කර ඇති අතර, 2022 වසරේදී ආරම්භ කළ සහයෝගීතාවය හරහා මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම එහි අරමුණයි.2025 වසරේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංචාරකයන් මිලියන 2.3කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ මිලියන 2කට ආසන්න සංචාරක පැමිණීම් සංඛ්‍යාවට සාපේක්ෂව 15.1%ක වාර්ෂික වර්ධනයකි.2026 අරාබි සංචාරක වෙළෙඳපොළ (ATM) ප්‍රදර්ශනය අතරතුරදී මෙම අවබෝධතා ගිවිසුමට එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, වාණිජ මෙහෙයුම් - බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය, එසා සුලෙයිමාන් අහමඩ් මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ චමිල ජයරත්න මහතා අත්සන් තැබූහ.මෙම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අරුෂා කෝරේ මහත්මිය, ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා සහ SLTPB හි අලෙවි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මධුෂා පෙරේරා මහත්මිය ඇතුළු ගුවන් සමාගම සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන පිරිසක් ද සහභාගී වූහ.අලුත් කළ මෙම අවබෝධතා ගිවිසුම මගින් එමිරේට්ස් සහ SLTPB අතර පවතින සාර්ථක හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් වන අතර, එමිරේට්ස් ගුවන් ගමන් ජාලයේ ප්‍රධාන වෙළෙඳපොළවල ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශ්වයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කෙරේ.එමිරේට්ස්හි පුළුල් ගුවන් ගමන් ජාලය තුළින් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රධාන සංචාරක වෙළෙඳපොළවල් අතර රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් වේ.දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ප්‍රධාන සංචාරක වෙළෙඳපොළ වෙත හඳුන්වාදීම සඳහා දෙපාර්ශ්වය අලෙවිකරණ වැඩසටහන්, විශේෂිත සංචාරක වැඩසටහන්, දිරිගැන්වීම් සහ හුරුපුරුදු කිරීමේ සංචාර ඇතුළු ඒකාබද්ධ වැඩසටහන් රැසක් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.එමිරේට්ස් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, වාණිජ මෙහෙයුම් - බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය, එසා සුලෙයිමාන් අහමඩ් මහතා මෙසේ පැවසීය:“ශ්‍රී ලංකාව අපගේ ගුවන් ගමන් ජාලයේ දීර්ඝතම කාලයක් පුරා පවතින ගමනාන්ත අතරින් එකක් වන අතර, වසර 40කට අධික කාලයක් පුරා අපි ශ්‍රී ලංකාවට ගුවන් සේවා සපයමින් සිටිමු. ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් සමඟ අත්වැල් බැඳගෙන එරට ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස සාර්ථකත්වයට පත්වීමට දායක වීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. රටේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට දායක වීම සඳහා අපි අඛණ්ඩව සැලකිය යුතු උත්සාහයක් දරනවා.“ශ්‍රී ලංකාව අපට උපායමාර්ගික වශයෙන් වැදගත් වෙළෙඳපොළක් වන බැවින්, පසුගිය වසරේදී අපගේ නවතම එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නෙමු. එහි වැදගත්කම තවදුරටත් අවධාරණය කරමින්, අගෝස්තු මාසයේ සිට ඩුබායි - කොළඹ මාර්ගයේ දෛනික දෙවන A350 ගුවන් ගමනක් ද ආරම්භ කළෙමු.”ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා මෙසේ පැවසීය:“මැදපෙරදිග කලාපය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සඳහා වැදගත් සහ උපායමාර්ගික වශයෙන් සැලකිය යුතු සංචාරක වෙළෙඳපොළක් වන අතර, එය තවදුරටත් වර්ධනය සඳහා විශාල හැකියාවක් පවතී. එමිරේට්ස් සමඟ අපගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට හැකිවීම පිළිබඳව අප සතුටු වන අතර, මැදපෙරදිග කලාපයේ සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සහ දෘශ්‍යතාව ඉහළ නැංවීමට මෙන්ම සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙය වැදගත් පියවරක් වනු ඇත.”

තවදුරටත් කියවන්න
ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට Hayleys Agriculture වෙතින් නවීන තාක්ෂණික විසඳුම්

ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට Hayleys Agriculture වෙතින් නවීන තාක්ෂණික විසඳුම්

ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයකු ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන“හේලීස් ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී.පසුගිය අගෝස්තු 21 සිට 23 දක්වා BMICH හිදී පැවති ProFood, ProPack & AgBiz 2026 ප්‍රදර්ශනයේදී මෙම නව ව්‍යාපාරික අංශය ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් වෙත නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.ශ්‍රී ලංකාවේ ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂිත යන්ත්‍රෝපකරණ සහ නවීන තාක්ෂණික විසඳුම් සැපයීම මෙම නව අංශයේ ප්‍රධාන අරමුණ වේ. ප්‍රදර්ශනය අතරතුරදී ධාන්‍ය හා ආහාර සැකසුම් ක්‍රියාවලීන්හි කාර්යක්ෂමතාව, නිෂ්පාදන ගුණාත්මකභාවය, සනීපාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති පුළුල් තාක්ෂණික විසඳුම් පෙළක් ඉදිරිපත් කෙරිණි.ඒ අතර ධාන්‍ය වියළීමේ හා ගබඩා කිරීමේ පද්ධති, උසස් තත්ත්වයේ වී කෙටීමේ යන්ත්‍ර, ආහාර සැකසුම් සඳහා විශේෂිත උපකරණ, ආහාර නිෂ්පාදනවල අඩංගු ලෝහමය ද්‍රව්‍ය හඳුනාගැනීමේ පද්ධති (Food Metal Detection Systems), සනීපාරක්ෂක විසඳුම් සහ නිෂ්පාදන ක්‍රියාවලීන් අධීක්ෂණය හා පාලනය සඳහා වන මාර්ගගත තාක්ෂණික පද්ධති (Online Process Control Systems) ඇතුළත් විය.කෘෂිකාර්මික යෙදවුම් සැපයීමේ ක්ෂේත්‍රයේ දිගුකාලීන පළපුරුද්දක් සහිත හේලීස් ඇග්‍රිකල්ච සමාගම, කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන සැපයුම් දාමය පුරා පූර්ණ විසඳුම් සපයන ආයතනයක් බවට සිය සේවා පරාසය තවදුරටත් පුළුල් කරමින් සිටී.එම ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නව ව්‍යාපාරික අංශය හඳුන්වාදීම සැලකිය හැකි අතර, යාන්ත්‍රීකරණය, නවීන තාක්ෂණය සහ අගය එකතු කළ නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ ආහාරපාන නිෂ්පාදකයන් දක්වා විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට හේලීස් ඇග්‍රිකල්ච අපේක්ෂා කරයි.එසේම, මෙම ප්‍රදර්ශන කුටියේදී Sunfrost (Pvt) Ltd සමාගමේ ‘ගොවි අරුණ’ නිෂ්පාදන පෙළ සහ ‘Island Magic Peanut Spread’ නව මුහුණුවරකින් එළිදැක්වීමද කැපී පෙනෙන අංගයක් විය.හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන මහත්මිය මෙසේ පැවසුවාය.“ගොවි ජනතාවට මෙන්ම සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය උසස් තත්ත්වයේ යෙදවුම්, තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික විසඳුම් ලබාදෙමින් හේලීස් ඇග්‍රිකල්ච සෑමවිටම කෘෂිකර්මාන්තයේ දියුණුවට ශක්තිමත් පදනමක් ගොඩනඟා තිබෙනවා. ක්ෂේත්‍රයේ වෙනස්වන අවශ්‍යතාවලට සරිලන පරිදි යාන්ත්‍රීකරණය, නවීන තාක්ෂණය සහ අගය එකතු කළ විසඳුම් කෙරෙහි අපගේ අවධානය තවදුරටත් පුළුල් කිරීම එම දැක්මේ තවත් එක් ඉදිරි පියවරක්.‘හේලීස් ඇග්‍රිකල්ච ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ’ අංශය හඳුන්වාදීම එම ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. මෙමගින් ශ්‍රී ලංකාවේ ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයට උසස් තත්ත්වයේ යන්ත්‍රෝපකරණ සහ නවීන තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමට මෙන්ම, නිෂ්පාදන ක්‍රියාවලීන්හි කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාදීමට අපට හැකියාව ලැබෙනවා.එමෙන්ම, නව මුහුණුවරකින් ඉදිරිපත් කළ ‘ගොවි අරුණ’ නිෂ්පාදන පෙළ සහ ‘Island Magic Peanut Spread’ වැනි අගය එකතු කළ ආහාර නිෂ්පාදන හරහා, වර්තමාන පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන නවෝත්පාදන විසඳුම් හඳුන්වාදීම සඳහා අපගේ කැපවීමද තවදුරටත් පිළිබිඹු වෙනවා. 

තවදුරටත් කියවන්න
Entertainment Stories
Explore More
ගේම් එක ඩිජිටල්... සවුන්ඩ් ට්‍රැක් එක ෆිසිකල්: GTA 6 රසිකයින් අතර දැඩි සංවාදයක්

ගේම් එක ඩිජිටල්... සවුන්ඩ් ට්‍රැක් එක ෆිසිකල්: GTA 6 රසිකයින් අතර දැඩි සංවාදයක්

අතිශයින් ජනප්‍රිය GTA 6 වීඩියෝ ක්‍රීඩාව සඳහා ඩිජිටල් ක්‍රමයට පමණක් මුදා හැරීමට රොක්ස්ටාර් (Rockstar) සමාගම ගෙන ඇති ආන්දෝලනාත්මක තීරණය හමුවේ, එහි නිල හඬ පට ඇල්බමය සංයුක්ත තැටි (CD) සහ වයිනයිල් (Vinyl) මඟින් භෞතිකව (Physical release) නිකුත් කිරීමට ගත් පියවර දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.ක්‍රීඩාව නිකුත් වන දිනම එළිදැක්වීමට නියමිත මෙම ගීත 34 කින් යුත් සංගීත එකතුව හරහා වීඩියෝ ක්‍රීඩා ලෝලීන් අතර මෙම මතභේදය යළිත් උණුසුම් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ට්‍රැවිස් ස්කොට් (Travis Scott), මෝර්ගන් වෝලන් (Morgan Wallen) සහ පිංපැන්තර්ස් වැනි ප්‍රකට කලාකරුවන්ගේ සංගීතයෙන් සැදුම්ලත් මෙම ඇල්බමය හරහා ක්‍රීඩාවේ ගිලී යන සුළු ගුවන් විදුලි අත්දැකීම (In-game radio experience) තවත් තීව්‍ර වන බව සඳහන්.මීට පෙර පැවති GTA ක්‍රීඩා සඳහා ඇතුළත් වූ ගීත හේතුවෙන් ඇතැම් කලාකරුවන්ගේ ස්පොටිෆයි (Spotify) සහ ෂාසාම් (Shazam) ශ්‍රාවකයින්/වාර්තා සටහන් (Streams) වාර්තාගත ලෙස ඉහළ ගිය අතර, මෙවර නිකුත් වීමට නියමිත නවතම GTA 6 ක්‍රීඩාව ද නොවැම්බර් 19 වන දින නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි.

තවදුරටත් කියවන්න
'සිල්වර්ස්ටෝන්' ධාවන තරගාවලිය ඇරඹීමට තමිල්නාඩු මහ ඇමති විජේ බ්‍රිතාන්‍යයට : සුපිරි නළු අජිත් කුමාර් තරග බිමට

'සිල්වර්ස්ටෝන්' ධාවන තරගාවලිය ඇරඹීමට තමිල්නාඩු මහ ඇමති විජේ බ්‍රිතාන්‍යයට : සුපිරි නළු අජිත් කුමාර් තරග බිමට

ටෙලිවිෂන් සහ සිනමා ලෝකය උඩුයටිකුරු කරමින් තමිල්නාඩුවේ දේශපාලන සහ සිනමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෑතකදී අනපේක්ෂිත පුවතක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව, එක්සත් රාජධානියේ (UK) පැවැත්වෙන සුප්‍රසිද්ධ 'සිල්වර්ස්ටෝන් මෝටර් රථ ධාවන තරඟය' (Silverstone Motor Race) නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රකට නළු 'විජේ' විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වුණා.මෙම තරඟාවලියේ විශේෂත්වය වන්නේ තමිල්නාඩු සිනමාවේ තවත් දැවැන්තයකු වන ප්‍රවීණ නළුවෙක් මෙන්ම මෝටර් රථ ධාවන ශූරයකු වන අජිත් කුමාර් (Ajith Kumar) මෙවර මෙම අන්තර්ජාතික තරග බිමට කෙළින්ම පිවිසීමයි.එකම කර්මාන්තයක දැවැන්තයන් දෙදෙනෙක් මෙලෙස දේශපාලන සහ ක්‍රීඩා වේදිකා හරහා එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් එකට සම්බන්ධ වීම ලොව පුරා සිටින දෙමළ සිනමා රසිකයන්ගේ සහ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.දෙමළ සිනමාවේ ප්‍රතිවාදීන් ලෙස හැඳින්වෙන මෙම සුපිරි තරු දෙක මෙලෙස ජාත්‍යන්තර මට්ටමේ සිදුවීමකදී එකට හමුවීම ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර ඇති අතර, මෙරට දේශපාලන වෙනස්කම් සමඟින් විජේගේ මෙම විදෙස් සංචාරය සහ නිල රාජකාරී පිළිගැනීම පිළිබඳව ද පුළුල් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

තවදුරටත් කියවන්න

"රැකියා සුරකින්න - AI නියාමනය කරන්න" : කෘතිම බුද්ධියට එරෙහිව රොබෝවරුන්ගෙන්ම විරෝධයක්

කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් දැඩි නීතිරීති පනවන ලෙස ඉල්ලමින් පෝලන්තයේ වෝර්සෝ නුවර අපූරු විරෝධතාවක් පවත්වා තිබෙනවා.පෝලන්තයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව සඳහා විවිධ මාදිලියේ රොබෝවරුන් 30 දෙනෙකු පමණ එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.පාබල මානව රූපී (Humanoid) රොබෝවරුන් සහ සිව්පාවුන් බඳු රොබෝවරුන්ගෙන් (Quadrupeds) සමන්විත වූ මෙම කණ්ඩායම කොඩි වනමින්, සටන් පාඨ කියමින් සහ වටරවුම් ලෙස ගමන් කරමින් සංකේතාත්මක විරෝධතාවයක නිරත වී තිබෙනවා.ධ්වනි විකාශක යන්ත්‍ර හරහා “රැකියා ස්ථාන සුරකින්න”, “නීති පැනවීමට කාලයයි” සහ “ප්‍රමාද නොවී නියාමනය කරන්න” වැනි සටන් පාඨ නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇති අතර, මෙම විරෝධතාවට එක්වූ Agibot A3 නමැති මානව රූපී රොබෝවරයෙකු AFP පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ, මෙම තාක්ෂණය මේ වන විටත් ප්‍රායෝගික යථාර්ථයක් බව පෙන්වා දීමට තමන් මෙම විරෝධතාවට එක්වූ බවයි.කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පිළිබඳ මහජන කථිකාවතක් ගොඩනැගීමට උත්සාහ කරන 'Democratism' සංවිධානය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

තවදුරටත් කියවන්න
12 වැනි සංවත්සරය සමරමින් Treinetic මාලඹේදී The Legends Lounge විවෘත කරයි

12 වැනි සංවත්සරය සමරමින් Treinetic මාලඹේදී The Legends Lounge විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Treinetic පෞද්ගලික සමාගම සිය 12 වැනි සංවත්සරයට සමගාමීව The Legends Lounge පසුගිය 9 වැනිදා මාලඹේදී විවෘත කළේය. මෙම විවෘත කිරීම Treinetic සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඔබ්බට සිය ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය.ආහාර, කෝපි, සුවතාව, වැඩ කටයුතු සහ විවේකය එකම ස්ථානයක ඒකාබද්ධ කරමින් The LegendsLounge නිර්මාණය කර තිබේ. ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා සකස් කරන ආහාර පාන වර්ග, සෞඛ්‍යය පිළිබඳ සැළැකිලිමත් වන පාරිභෝගිකයන් සඳහා වූ විකල්ප සහ සුවිශේෂ පාන වර්ග මෙහි පිරිනැමේ. වැඩ කිරීමට, අධ්‍යයන කටයුතුවල නිරත වීමට, සමාජශීලීව කාලය ගත කිරීමට හෝ විවේක ගැනීමට සුදුසු සුව පහසු පරිසරයක් එහි සළසා ඇත.විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් Treinetic නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඉමාල් හසරංග පෙරේරා මහතා පැවසුවේ, “සෞඛ්‍යය පිළිබඳ සැළැකිලිමත් වන පාරිභෝගිකයන්ට ගුණාත්මක අමුද්‍රව්‍යවලින් සකස් කළ ආහාර විශ්වාසයෙන් යුතුව භුක්ති විඳිය හැකි ස්ථානයක් පිළිබඳ පෞද්ගලික අවශ්‍යතාවකින් මෙම අදහස බිහි වුණා.පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් භුක්ති විඳිය හැකි ආහාර සහ පාන වර්ග පිරිනමමින් ඔවුන් නැවත පැමිණීමට කැමැත්තක් ඇති කරන අත්දැකීමක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.” යනුවෙනි.මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර 12 ක වර්ධන ගමන සමරන Treinetic සමාගමේ නවෝත්පාදන සහ අත්හදා බැලීම් කේන්ද්‍ර කර ගත් ව්‍යාපාර සංස්කෘතියමෙම නව ව්‍යාපෘතිය මඟින් පිළිබිඹු වේ. The Legends Lounge හරහා සමාගම සිය ව්‍යාපාර ගමනේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබේ.

තවදුරටත් කියවන්න
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක්: Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්

ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක්: Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්

ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන 'Pixxel' සමාගම සිය Series C අරමුදල් රැස්කිරීමේ වටයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 30කට ආසන්න) දැවැන්ත ආයෝජනයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.ඒ අනුව, මෙය ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණික සමාගමක් විසින් එකවර ලබාගත් විශාලතම ආයෝජනය ලෙස වාර්තා අතරට එක්වනු ඇති.සිංගප්පූරුවේ Temasek රාජ්‍ය ආයෝජන අරමුදල සහ බ්‍රිතාන්‍යයේ Seraphim අභ්‍යවකාශ තාක්ෂණික සමාගම මෙහෙයවූ මෙම අරමුදල් රැස්කිරීම සඳහා ගූගල් සමාගමේ අනුග්‍රහය ලබන 'රැඩිකල් වෙන්චර්ස්' සහ 'ග්‍රෝ එක්ස් වෙන්චර්ස්' යන පවතින ආයෝජකයන් දායක වී තිබෙනවා.මීට අමතරව '360 වන් ඇසට්' සහ 'අයිඑම්එම් ඉන්වෙස්ට්මන්ට්' යන නව ආයෝජකයින්ද මෙම වටයට එකතු වී ඇති අතර, මෙම නව ආයෝජනයත් සමග Pixxel සමාගම මෙතෙක් ලබාගත් සමස්ත ආයෝජන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 195 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.ඉන්දීය රජය අභ්‍යවකාශ ක්ෂේත්‍රය පෞද්ගලික අංශයට විවෘත කිරීමෙන් අනතුරුව අවෙයිස් අහමඩ් විසින් ආරම්භ කරන ලද මෙම සමාගම, සාම්ප්‍රදායික ඡායාරූපකරණයට වඩා ඔබ්බට ගිය පෘථිවි පෘෂ්ඨයේ තොරතුරු අනාවරණය කරගත හැකි Hyperspectral චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිය ගමන ආරම්භ කළා.එතැන් සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වූ සමාගම, 'Aurora' නමැති පෘථිවි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගය මෙන්ම වාණිජ සහ රාජ්‍ය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අවශ්‍ය චන්ද්‍රිකා පද්ධති නිෂ්පාදනය කිරීමටද මේ වන විට යොමු වී සිටිනවා.ආයතනය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, රාජ්‍යයන්, කර්මාන්ත සහ විවිධ ආයතන සඳහා පෘථිවි නිරීක්ෂණ දත්ත භාවිතයෙන් නිවැරදි තීරණ ගැනීමට පහසු වන ලෙස සැකසූ මෙහෙයුම් පද්ධතියක් (Operating System) නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි.

තවදුරටත් කියවන්න
Ceylon Green Vibe Creation සිනමා කර්මාන්තයට දැවැන්ත ආයෝජන සැලැස්මක්

Ceylon Green Vibe Creation සිනමා කර්මාන්තයට දැවැන්ත ආයෝජන සැලැස්මක්

ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය සඳහා නව ආයෝජන වැඩපිළිවෙළක් ආරම්භ කරමින් Ceylon Green Vibe Creation සමාගම මහා පරිමාණ චිත්‍රපට නිෂ්පාදනය, නවීන තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් සිනමාහල් සහ නව චිත්‍රපට බෙදාහැරීමේ ජාලයක් ඇතුළත් සිනමා පරිසර පද්ධතියක් ගොඩනැගීමට සැලසුම් කර තිබේ.මෙම වැඩපිළිවෙළ යටතේ වසරක් තුළ උසස් ප්‍රමිතියෙන් යුත් වෘත්තාන්ත චිත්‍රපට 10ක් නිෂ්පාදනය කිරීමටත්, දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව නවීන තාක්ෂණික පහසුකම් සහිත ස්මාර්ට් සිනමාහල් ස්ථාපිත කිරීමටත් සමාගම සැලසුම් කර ඇත.Ceylon Green Life Plantation හි නිර්මාතෘ සහ සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්ස් පැවසුවේ ජාත්‍යන්තර නිෂ්පාදන සමඟ තරග කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් චිත්‍රපට මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව වර්ධනය කිරීම සහ ඒවා විදේශීය වෙළෙඳපොළ වෙත රැගෙන යාම මෙම ආයෝජන සැලැස්මේ ප්‍රධාන අරමුණු බවයි.Ceylon Green Life Plantation වෙත අනුබද්ධ Ceylon Green Vibe Creation, ස්මාර්ට් සිනමාහල් ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සිනමා තාක්ෂණ විශේෂඥයන්ගේ දැනුම සහ අත්දැකීම් ලබාගැනීමටද සැලසුම් කර තිබේ.සමාගමේ චිත්‍රපට නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ ප්‍රවීණ සිනමාකරුවන් මෙන්ම නව පරපුරේ නිර්මාණකරුවන් ද එක්කර ගැනීමට අපේක්ෂා කෙරේ. සමාගමේ පළමු නිෂ්පාදන අතර කුමාර තිරිමාදුර රචනා කර අධ්‍යක්ෂණය කරන ‘Old Man’ සහ සම්මානලාභී අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන ‘18 වංගුව’ ඇතුළත් වේ.ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා සිය පළමු අධ්‍යක්ෂණය ලෙස ‘ප්‍රේමියේ’ චිත්‍රපටයේ කටයුතුද අවසන් කර තිබේ. තවද ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක සමඟ ප්‍රධාන පෙළේ සිනමා නිෂ්පාදනයක් සඳහා සමාගම ගිවිසුමකට එළඹ ඇත.චිත්‍රපට නිෂ්පාදනයට සහ ප්‍රදර්ශනයට අමතරව, ස්මාර්ට් සිනමාහල් ජාලයට සමගාමීව නව චිත්‍රපට බෙදාහැරීමේ ජාලයක් ස්ථාපිත කිරීම පිළිබඳවද සමාගම අවධානය යොමු කර තිබේ.ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය සහ දේශීය නිර්මාණශීලී හැකියාවන් ජාත්‍යන්තරයට ගෙන යමින් සිනමා කර්මාන්තය හරහා රටට විදේශ විනිමය උපයාගැනීම සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම සමාගමේ දිගුකාලීන අරමුණ බව සඳහන් වේ.

තවදුරටත් කියවන්න
K-Pop ඉතිහාසය BABYMONSTER වෙනස් කරයි : යූ ටියුබ් දසුන් බිලියන 10ක්‌ පනියි

K-Pop ඉතිහාසය BABYMONSTER වෙනස් කරයි : යූ ටියුබ් දසුන් බිලියන 10ක්‌ පනියි

ජනප්‍රිය K-Pop තරු කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය නිල යූ ටියුබ් නාලිකාව හරහා සමස්ත නැරඹුම් වාර (views) බිලියන 10ක සුවිශේෂී කඩඉමක් පසුකර තිබෙනවා.YG එන්ටර්ටේන්මන්ට් (YG Entertainment) ආයතනය නිල වශයෙන් තහවුරු කළ පරිදි, 2022 දෙසැම්බර් මස ආරම්භ කරන ලද මෙම යූ ටියුබ් නාලිකාව මෙම සුවිශේෂී වාර්තාවට ළඟා වී ඇත්තේ වසර තුනකුත් මාස අටක් වැනි කෙටි කාලයක් තුළදීයි.මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ, K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් විසින් තනි යූ ටියුබ් නාලිකාවකදී ඉතාම කෙටි කාලයකදී බිලියන 10ක නරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා කළ පළමු සහ වේගවත්ම කණ්ඩායම ලෙස බේබිමොන්ස්ටර් ඉතිහාසයට එක්වෙනවා.එසේම, බ්ලැක්පිං (BLACKPINK) ආයතනයට පසුව මෙම සන්ධිස්ථානය පසු කළ දෙවන K-Pop කාන්තා කණ්ඩායම වන්නේද බේබිමොන්ස්ටර් යි.මෙම වාර්තාගත සාර්ථකත්වයට ඔවුන්ගේ ජනප්‍රිය සංගීත වීඩියෝ මෙන්ම උසස් තත්වයේ දක්ෂතා දැක්වෙන වීඩියෝ විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.ඒ අනුව, නැරඹුම් වාර මිලියන 410 ඉක්මවූ 'SHEESH', මිලියන 400 ඉක්මවූ 'DRIP' සහ මිලියන 340 ඉක්මවූ 'BATTER UP' ඇතුළු නැරඹුම් වාර මිලියන 100ට වඩා වැඩි වීඩියෝ 17ක් ඔවුන්ගේ නිල නාලිකාව තුළයි සටහන්ව ඇත්තේ.නැරඹුම් වාරවලට අමතරව ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාවේ ග්‍රාහක (Subscribers) සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, මේ වන විට ඔවුන් මිලියන 13ක ග්‍රාහකයන් පිරිසක් සමඟින් K-Pop කාන්තා කණ්ඩායම් අතර තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.මෙම සුවිශේෂී ජයග්‍රහණයන් සමරන අවස්ථාවක, බේබිමොන්ස්ටර් කණ්ඩායම මේ දිනවල සිය මහා පරිමාණ '2026-27 BABYMONSTER WORLD TOUR [CHOOM]' ලෝක සංචාරයේ නිරත වෙමින් ලොව පුරා සිටින රසිකයන් මවිත කරමින් සිටිනවා.

තවදුරටත් කියවන්න
Hiru TV News | Programmes
////////////////////////////////////////////////ON 2025-10-9 valible milan closed ///////////////////////////////////////