කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ලෙස හෙට (30) සිට ක්‍රියාත්මක වන පරිදි එම විශ්වවිද්‍යාලයේම සම්මානනීය මහාචාර්යවරියක වන ලලිතා මෙන්ඩිස් පත්කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බව සඳහන්. මෙතෙක් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගම නිවාඩු ලබාගෙන ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ. හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා කියා සිටියේ ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගමගේ ගේ නිවාඩු ලිපියට අනුමැතිය ලබාදුන් බවයි.
පසුගිය කාල සීමාව තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගමට තනතුරෙන් ඉවත් වන ලෙස බලකරමින් විරෝධතා ක්‍රියාමාර්ග සිදුවුණා. ඒවා සංවිධාන කර තිබුණේ එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරුන් විසින්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයද එම විරෝධතාවන්ට සහය පළ කළා. ආචාර්ය හිරිඹුරේගමට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ සුදුසුකම් සහිත ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය තුළ සිටියදී ඔහු දේශපාලන හේතූන් මත උපකුලපති තනතුරට පත්කර ඇති බවටයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේ අදාළ උපකුලපතිවරයා තාවකාලිකව නොව ස්ථිර වශයෙන් ඉවත් කළ යුතු බවයි.

Latest News
පොලිස් වෙසින් ගේකට පැන්න කොල්ල කල්ලියක් අල්ලයි
Local
21 October 2025

යතුරු පැදි දෙකක් එකට ගැටී පොලිස් කොස්තාපල් මරුට
Local
21 October 2025

අල්මාරියේ දැමූ ආසියානු කුසලානය ඉන්දියාව නක්විගෙන් ඉල්ලයි
Local
21 October 2025

රත්මලානේදී අයෙක් කපා කොටා ඝාතනය කළැයි 4ක් දැලේ
Local
21 October 2025

නිසි බලපත්‍රයක් නොමැතිව මත්පැන් සන්තකයේ තබාගත් චීන ජාතිකයාට දඩ
Local
21 October 2025

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ ඉවරයි
Local
21 October 2025

"ගම්පහ බබා" මිනීමැරුම් වලට ගිනි අවිත් දීලා
Local
21 October 2025

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
Local
21 October 2025

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මතයි
Local
21 October 2025

ක්‍රිකට් ගැහැව්වේ ඉතාලියේ .... වෙඩි තිබ්බේ හික්කඩුවේ
Local
21 October 2025