General11 July 2017

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක අතුරුදන්

ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු සිය නිළ කාලසීමාව අවසන් වීමත් සමඟ අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ ඇමරිකාවේ සැඟවී සිටින බව විශ්වාස කරන්නේ යැයි යුද හමුදාව සඳහන් කළා.

ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ මෙම බ්‍රිගේඩියර්වරයා පසුගිය රජය සමයේ එනම්, 2014 වසරේ දෙසැම්බර් මාසයේ වොෂින්ටන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස පත් කර යවා තිබුණා.

ඔහුගේ නිළ කාලය පසුගිය 2016 වසරේ අවසන් වූ අතර, එහෙත් නියමිත පරිදි නැවත යුද හමුදාවට වාර්තා කර නොමැති බව සඳහන්.

මේ අනුව එම බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මොහු නිවාඩු නොලබා සේවය හැර ගිය පුද්ගලයෙකු ලෙස සලකා යුද හමුදාව විසින් පියවර ගෙන තිබෙනවා.  



Related Recommends
Hiru TV News | Programmes