අමෙරිකා එක්සත් ජනපදය විසින් නිකුත් කරන එරට පුරවැසිභාවය ඉවත් කරගැනීමේ නවතම නාමලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දැඩි මතභේදාත්මක තත්ත්වයක් ද උද්ගත වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකා එක්සත් ජනපද පුරවැසි භාවය සම්බන්ධයෙන් දැඩි කතාබහක් දේශපාලන කරලිය තුළ මතුවුණේ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වන බවට නිල වශයෙන් දැනුම්දීමත් සමඟයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය වසරේ මාර්තු මාසය වන විටත් මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය දැනුවත් කර තිබුණා.
කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය අභියෝගයට ලක් කරමින් සිවිල් සංවිධාන නියෝජිතයින් වන ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකළා.
ඒ ඔහුගේ මෙරට පුරවැසිභාවය පිළිබඳ තර්කයක් මතු කරමින්.
පෙත්සම විමසා බැලුණේ, යසන්ත කෝදාගොඩ, අර්ජුණ ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
පසුගිය ඔක්තෝබර් මස 4 වැනිදා පෙත්සම විභාගයට ගත් විනිසුරු මඩුල්ල පෙත්සම නිශ්ප්‍රභ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය තහවුරු කළා.
මේ අතර අමෙරිකා එක්සත් ජනපදය විසින් සිය රටේ ආදායම් බදු ගෙවීමෙන් නිදහස්වන්නන්ගේ නවතම නාමලේඛණය පසුගිය 24 වැනිදා ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ බදු ගෙවන්නන්ගේ ලේඛණයෙන් ඉවත්වීම එහි පුරවැසිභාවයෙන් ඉවත්වීම ලෙසද සලකන බව එම ලේඛනයේම සඳහන් කර තිබෙනවා.

Latest News
"ගමට බෙදන මිලියන 25,000න් අපි පොඩ්ඩක් සාක්කුවේ දාගත්තා පස්සෙ දෙන්න" - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
22 July 2026
පදක්කම් 85ක් දිනා දකුණු ආසියානු කරාතේ පිටිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
22 July 2026
රුපියල් 25,000ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
Local
21 July 2026
යකාවංගුවේ නිධන් හෑරූ හිටපු ඇමැති පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
Local
21 July 2026
'Godzilla vs. Kong' හි රඟපෑ රංගන ශිල්පිනී කේලී හොට්ල් රිය අනතුරකින් මරුට
Local
21 July 2026
KPI යැයි කියමින් දෙවුන්දර බස්නායක නිළමේට තර්ජන
Local
21 July 2026
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026