පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකරමින් වැලිසර මහබාගේ ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරට අදාළව එම රථය පැදවූ 16 හැවිරිදි සිසුවා සහ ඔහුගේ පියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිසුවා පැදවූ සුඛෝපභෝගී රථය මාර්ගයෙන් ඉවතට පැන අනෙක් මංතීරුවේ පැමිණි මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ අතර, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද ඊට මැදිවුණා.
අනතුරෙන් මියගියේ එක් යතුරුපැදියක ගමන් කළ මහබාගේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්.
16 හැවිරිදි සිසුවා පැදවූ සුපිරි ජීප් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට පත්වීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ තවත් සිව්දෙනෙකු අද පෙරවරුවේ තුවාල ලැබුවා.
එම අනතුර වාර්තා වුණේ කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේදියි.
ජීප් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අනෙක් මංතීරුව වෙත කඩා වැදී තිබුණා.
අද පෙරවරු 9.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර පොදු සුසාන භූමිය ආසන්නයේදීයි.
කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබුණා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පස්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතරල එහිදී බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් පසුපැදිකරුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.
අනතුරට ලක්වූ සුඛෝපභෝගී ජීප් රථය ධාවනය කර තිබුණේ 16 හැවිරිදි සිසුවෙක්.
ඔහු මහබාගේ ප්‍රදේශයේම ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙක්.
ජීප් රථය ධාවනය කළ දරුවාගේ පියා ද පසුව එම ස්ථානයට පැමිණි අතරල ඔහුට ද රැස්ව සිටි පුද්ගලයින් විරෝධය පළ කළා.
අනතුරට පත් ජීප් රථය ධාවනය කළ 16 හැවිරිදි දරුවා සහ ජීප් රථයේ හිමිකරු වන එම සිසුවාගේ පියා මහබාගේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට දිනයේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026