මහ මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම හෙට (11) මධ්‍යහ්න 12ට අවසන් වීමටයි නියමිතයි.
මේ අතර මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමද අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.
නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මේ වන විටත් ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනා අත්සන් කර අවසන් අතර, බොහොමයක් දේශපාලන පක්ෂ අද ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා සිය නාම යෝජනා භාරදීමට නියමිතයි.
ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ දිනයේ ද සිය නාම යෝජනා පත්‍ර සඳහා අත්සන් තැබුණා.
ඒ අනුව ජාතික ජන බලවේගය මෙලෙස නාමයෝජනා පත්රවලට අත්සන් තැබුවේ, පැලවත්තේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදීයි.
සමගි ජන සන්ධානය පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී නාමයෝජනා පත්රවලට අත්සන් තැබුවා. ඒ එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන්.
එමෙන්ම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වදින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂකයින්ද කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී නාම යෝජනා අත්සන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් සිය නාම යෝජනා පත්‍ර සඳහා ඊයේ අත්සන් තැබුවේ, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදීයි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.
එමෙන්ම, ජන අරගල සන්ධානය ගම්පහ, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා ඊයේ නාම යෝජනා පත්‍ර එම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාර දුන්නා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරණ දෙවන පරපුර සමග මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට තවත් සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ සන්ධානගත වුණා.
තලවතුගොඩ පක්ෂ කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට පසුගිය සමයේ ජාතික ජන බලවේගයට සහය පළ කළ ප්‍රවීණ රංගවේදී කමල් අද්දරආරච්චි ද සහභාගී වී සිටියා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ සැලසුම් කිසිවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ සර්ව ජන බලය පක්ෂ කාර්යාලයට පැමිණ සිටියා.
මේ අතර, රංගන ශිල්පි රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නම් දේශපාලන පක්ෂයක් එළිදැක්වීම ඊයේ සිදුකෙරුණා.
එහි ජාතික සංවිධායක ලෙස පත් කර ඇති හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News
මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්
Local
25 July 2026
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
Local
25 July 2026
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026
"දිනකට පැය 3කට වඩා නිදාගන්න නෑ" අගමැතිනියගේ නින්ද ජපානයට ප්‍රශ්නයක් වෙයි
Local
25 July 2026
ඩෙංගු මරණ 61 දක්වා ඉහළට: සමස්ත රෝගීන් 80,000 පනී
Local
25 July 2026