General29 November 2024

අදත් නගර රැසක වායු ගුණත්වය පහළට

බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග මේ වන විට දිවයිනේ වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර තත්වයටකට පත් ව තිබෙනවා.

වාහන වායූ විමෝචන භාරකාර අරමුදල සදහන් කළේ, පෙරදිනවලට සාපේක්ෂව එම තත්වය අයහපත් බවයි.

වායුගුණ තත්ත්ව දර්ශකයේ අගය 0 සිට 50 දක්වා පැවැතීම යහපත් සලකන අතර 101 සිට 150 දක්වා අගය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙනවා.

ඒ අනුව අද පෙරවරුව වනවිට කොළඹ, යාපනය, වව්නියාව, මහනුවර, ගාල්ල, හම්බන්තොට සහ මොණරාගල ඇතුළු නගර 15 ක වායූ ගුණ තත්ව දර්ශකය සටහන් වී තිබුණේ, 101 ත් 150 ත් අතර සුළු වශයෙන් අහිතකර තත්වයකයි.

මෙවන් පසුබිමක කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පෙරවරුවේ සිට මීදුම් වැනි ස්වභාවයක් දක්නට ලැබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes