General19 March 2025

ජර්මානු කතක් ගලේවෙලින් පුංචි ඡන්දයට

එලැඹෙන පළාත් පාලන මැතිවරණයට ජර්මානු කාන්තාවක අපේක්ෂිකාවක ලෙස තරග කිරීමේ සූදානමින් සිටිනවා.

මාරියා බෙනන්සා නමැති ඇය ස්වාධින කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙන බව සඳහන්.

මෙම කාන්තාව මාතලේ, ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කරන බවයි පැවසෙන්නේ.

මේ වන විට ඇය ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා මෙවර මැතිවරණයට තරග කරන බවයි.
Related Recommends
Hiru TV News | Programmes