ලොව වේගවත්ම විද්‍යුත් රථය ලෙස යැන්ග්වැන්ග් U9 රථය නම් කර තිබෙනවා.
විදුලියෙන් ධාවනය වන අධි සුඛෝපභෝගී රථයක් වන මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ විදුලි වාහන නිෂ්පාදනයේ දැවැන්තයකු වන BYD මෝටර් රථ සමාගම විසින්.
BYD මෝටර් රථ සමාගමේ අධි සුඛෝපභෝගී රථ නිෂ්පාදනය කරන යැන්ග්වැන්ග් සන්නාමය යටතේ මෙම නවීනතම තාක්ෂණිය රථය ද නිෂ්පාදනය කෙරෙනවා.
සෙසු සියලු විදුලි මෝටර් රථ අභිබවමින් පැයට කිලෝමීටර් 472.41ක් ධාවනය කළ හැකි මෙම මෝටර් රථය මුලින් හඳුන්වා දුන් අවස්ථාවේදී නිවේදනය කරන ලද්දේ එහි පැයට කිලෝමීටර් 308.99ක් වේගයක් කරා යා හැකි බවයි.
මෙම මෝටර් රථයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 250,000ක් බවයි පැවසෙන්නේ.
වේගවත් බව අතින් යැන්ග්වැන්ග් U9 රථයේ ආසන්නයට හෝ පැමිණිය හැක්කේ පැයට කිලෝමීටර් 438.70ක් වේගයෙන් ධාවනය කළ හැකි Aspark Owl විදුලි රථයයි.
එමෙන්ම Rimac Nevera R විදුලි රථය ද මීට පෙර වේගවත්ම වාහන අතරට පැමිණ තිබුණේ පැයට කිලෝමීටර් 431.30ක් වේගයක් තිබූ නිසයි.
ඒ සියල්ල අභිබවූ නව යැන්ග්වැන් U9 රථය අශ්වබල 2959කින් සමන්විත වන අතර U9 Track Edition හි විදුලි මෝටර් 4කින් සමන්විත බවට සමාගම නිවේදනය කරනවා.
කෙසේවෙතත් දැනට ගිනසර් වාර්තාවලට ඇතුළත් වී ඇති ලොව වේගවත්ම විද්‍යුත් මෝටර් රථය වන්නේ Venturi Buckeye Bullet 3 මෝටර් රථය වන අතර එය 2016දී වැඩිම වේගය සටහන් කර තිබුණේ පැයට කිලෝමීටර් 548.83ක් ලෙසයි.
එය මහාමාර්ගයේ ධාවනය වන මෝටර් රථයක් ලෙස දකින්නට ලැබෙන්නේ නැහැ.
එබැවින් සාමාන්‍ය මාර්ගයක වුවද ධාවනය කිරීමට හැකි වන පරිදි නිපදවා ඇති මෙම රථය ප්‍රායෝගික අතින් ලොව වේගවත්ම විදුලි කාරයේ වාර්තාව තබන බවයි මෝටර් රථ ක්ෂේත්රයේ විශේලේෂකයන් පෙන්වාදෙන්නේ.
Latest News
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වෙයි!
දකුණු කොරියාව පරදා මෙක්සිකෝවට ජය
"එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න
ආනයනවලට බලපැවැත්වෙන නව ගැසට් නිවේදනයක්
තලවතුගොඩ දී රති මැදුරු 9ක් වටලා 43ක් අත්අඩංගුවට
ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි
කටාර් පරදා කැනඩාවට විශිෂ්ට ජයක්
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩනවා - උවිඳු විජේවීර
බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්