General23 September 2025

කලබල වෙන්න එපා .. දේශපාලන සම්බන්ධකම් ක්‍රමානුකූලව හෙළිදරව් වේවි

පුළුල් පරාසයක පැතිරුණු මත්ද්‍රව්‍ය ජාලය ආරක්ෂක අංශ දේශපාලන අංශ සමග පැවැත්වූ සම්බන්ධතා අනාවරණය වෙමින් පවතින බැවින් කිසිවෙක් කලබල නොවිය යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

"සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගත්තට පස්සේ ඔහු කරන හෙළිදරව් කිරීම් විසින් සමහර අවි ආයුධ හොයා ගන්නවා. ඒ වගේම ඒ තොරතුරු මත කටයුතු කරමින් යනවා. ඒ නිසා ඔබට තියෙන්නේ විශ්වාසයෙන් බලන් ඉන්න. මේකට තියෙන දේශපාලන සම්බන්ධකම් ක්‍රමානුකූලව ඉදිරියේදී හෙළිදරව් වේවි."

දේශපාලඥයන් මත්ද්‍රව්‍ය ජාලය සමඟ පැවැත් පැවැත් වූ සබඳතා හෙළිදරව් කරන ලෙසට , අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබුණා.

යම්කිසි හයකින් නම් ගම් එළි දැක්වුවහොත් එය ඉතිරි විමර්ශන කටයුතු සඳහා බාධාවක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාද මෙහිදී කියා සිටියා.
Related Recommends
Hiru TV News | Programmes