General23 September 2025

පාසල් සිසුවාට පහර දී ඇසක් තුවාල කළැයි කියන ගුරුවරියට ඇප

අවුරුදු 13ක් වයසැති පාසල් සිසුවකුට පහරදී ඇසක් තුවාල කළැයි කියන සිද්ධියට අදාළව කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගුරුවරියක් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළා.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ගුරුවරයක් එලෙස ඇප මත මුදා හරිනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොටහේන පොලිසිය සඳහන් කර සිටියේ, මෙම සැකකාර ගුරුවරිය විදුහලේ පුස්තකාල කාමරය තුළදී අදාළ සිසුවාගෙන් ප්‍රශ්නයක් අසා තිබෙන බවයි.

එම ප්‍රශ්නයට පිළිතුරු නොදීම හේතුවෙන් උරණ වී ගුරුවරියගේ අතේ තිබූ ඇලුමිනියන් අඩු රූලකින් දමා ගසා ඇති අතර එම අඩු රූල සිසුවාගේ දකුණු ඇසෙයි වැදි තුවාල වී ඇති බවද විමර්ශන නිලධාරියා වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූවා.

සැකකාරියගේ පහර කෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික අක්ෂි රෝහලේ 11 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද කොටහෙන්න පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
Related Recommends
Hiru TV News | Programmes