General23 September 2025

මීරිගම මාරක අනතුරක්

ගෑස් ප්‍රවාහන ලොරි රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පාසල් ශිෂ්‍යාවක අද (23) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පස්යාල - ගිරිඋල්ල පාරේදී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පාසලක උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්.

ඇය නිට්ටඹුව, නවගමුවේ පදිංචිකාරියක වන (17) හැවිරිදි තරුණියක්.

මැය පස්යාල - ගිරිඋල්ල පාරේ සිට මීරිගම දෙසට නවතා තිබූ යතුරුපැදියකට ගොඩවී තිබෙනවා.

ඒ අවස්ථාවේ පැදිකරු යතුරුපැදිය පණ ගන්වා පස්යාල දෙසට ගමන් කිරීම සඳහා ආපසු හැරවීමේදී අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ගෑස් ප්‍රවාහන රථය යතුරුපැදියේ ගැටීමත් සමග විසිවී ගිය පාසල් ශිෂ්‍යාව එහි රෝදයකට යට වූ බවට තොරතුරු ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Related Recommends
Hiru TV News | Programmes