General23 September 2025

වස්කඩුවේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටී කුඩුපට්ටන් - දෙදෙනෙක් නූලෙන් බේරෙයි

කළුතර, වස්කඩුව, කෝන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී රථයක් ලක්වීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනා මෝටර් රථය තුළ සිරවී සිට ඇති අතර, ප්‍රදේශවාසීන් ඔවුන් පිටතට ගෙන රෝහලකට ඇතුළත් කරන්නට කටයුතු කර තිබුණා.

පොලිසිය සැක කරන්නේ හරස් මාර්ගයේ ක්‍රියාත්මක ස්වයංක්‍රීය දුම්රිය ආරක්ෂක විදුලි පද්ධතිය නොතකා රියදුරු මෝටර් රථය ධාවනය කිරීම අනතුරට හේතු වන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
Related Recommends
Hiru TV News | Programmes