General19 October 2025

පැලවත්තේ අනතුරකින් තිදෙනෙක් රෝහලේ

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් අතර පිරිමි අයෙක් සහ කාන්තාවන් දෙදෙනෙකු වන බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර ඊයේ (18) සවස සිදුව තිබෙන අතර අපරීක්ෂාකාරී ලෙස බීමත් අයෙකු විසින් පැදවූ කැබ් රථයක් පදික වේදිකාවේ සිටි තිදෙනකු යටකර අසල නවතා තිබූ යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් පසුව විදුලි පහන් කණුවකද ගැටී ඇති බවයි පැවසෙන්නේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා විභාග දෙපාර්තමේන්තුවේ විභාග රාජකාරිවලට පැමිණි දෙදෙනෙක්.

අනතුර සිදුකළ සැකකාර රියදුරු තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Recommends
Hiru TV News | Programmes