General21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම

වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ පිහිටි ලංකාවේ තුන්වන උසම දිය ඇල්ල වන ‘දියලුම දිය ඇල්ලේ’ ජල පෝෂිත ප්‍රදේශය වන පූනාගල කඳුවැටියට ඇදහැලෙන මහ වැස්සත් සමඟ එම දිය ඇල්ල හැඩවී ඇත.

මීටර් එකසිය හැත්තෑවක් පමණ උසින් යුත් මෙම දිය ඇල්ලේ ජල කිරිඳි ඔයට එක්වේ.

වර්ෂාවත් සමඟ ඇල්ලේ ජල පහර සැඩවී ඇති අතර මේ වන විට ඇල්ලේ ජලය ප්‍රධාන මාර්ගයටත් විසිවෙමින් වෙමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

මෙම දර්ශනය දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා දසුනක් බවට පත්වී තිබෙනවා.

Related Recommends
Hiru TV News | Programmes