ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා බැන තර්ජනය කර සභාවෙන් පළවා හැරියේ යැයි කියන සිද්ධිය හේතුවෙන් සමගි ජන බලවේගයේ සභිකවරිය ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ළාබාලතම සභිකවරිය වන සමගි ජන බලවේගයේ මන්ත්රීනී නිකිනි අයෝධ්‍යා (21) යි.
අද (13) පස්වරුවේ හලාවත සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළා.
පළාත් පාලන ආයතන කාන්තා සංසදය මේ මාධ්‍ය හමුව කැඳවා තිබු අතර මේ සදහා සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකවරියන් පැමිණ සිටියා.
මෙහිදී එම සංසදයේ සභාපතිනි දිලියා ප්‍රනාන්දු මෙහිදී කියා සිටියේ කාන්තාවකට ‘බුරු දෙන’ ලෙසින් ප්‍රකාශ කිරීම තරයේ හෙලා දකින බවයි. ඒ හේතුවෙන් මෙම සභාපතිවරයා වහාම මානසික රෝග වෛද්‍යවරයෙකුට පෙන්වා සධාරණයක් කරන' ලෙස ද මෙහිදී ඇය ඉල්ලා සිටියා.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකර තමන්ට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ ඊයේ (12) පස්වරුවේදියි.
තමන් ප්‍රාදේශීය සභාවට ගිය අවස්ථාවේ සභාපතිවරයා තමන්ට බැන නැවත සභාවට නොපැමිණෙන ලෙසට තර්ජනය කිරීමක් කළ බවට ඇය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ව තිබුණා.
'මම ගියේ මන්ත්‍රී හැදුනුම්පත රැගෙන එන්න. ඒක තිබුණේ සභාපතිවරයා ළඟ. මම ගිහින් හැදුනුම්පත ඉල්ලුවම මට බැනගෙන බැනගෙන ගියා. ‘බුරුවා’ කිව්වා. ඔය කාලකන්නි මුණු දකින්න කැමති නැහැ කිව්වා. අවුරුදු තුනටම කිසිදෙයක් දෙන්නේ නැහැ කිව්වා. මට ඇඬුනා. මම එළියට ආවා. ඊට පස්සේ කාර්යාල සහයක ඇවිල්ලා මට හැදුනුම්පත දුන්නා. අපි දේශපාලනයට ආවේ ගමට යමක් කරන්න. නමුත් දේශපාලනයට එන කාන්තාවන්ට පිරිමින්ගේ ඇනුම් බැනුම්. ඒ වගේම තව තව දේවලට යටවෙලා පෑගිලා ඉන්න තමයි වෙන්නේ. මම ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලයි" මන්ත්‍රීවරිය එසේ පැවසුවා.
මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකරගෙන් කළ විමසීමේදී ‘තමන් කාර්යාලයෙන් එළියට යන ලෙස මේ කාන්තා මන්ත්‍රීවරියට දැනුම් දුන් බවත් ඒ අවස්ථාවේ ප්‍රශ්න කීපයක් මුල් කරගනිමින් පීඩනයෙන් සිටි බවත් පිළිගත්තා.
‘ඊයේ අයවැය අවස්ථාවේදී විපක්ෂයේ හැසිරීම ද මෙම තත්වයට හේතුවක් වූ බවද’ සභාපතිවරයා පැවසුවා.
මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Latest News
අගෝස්තු මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ
Local
17 September 2026
චීන හයිබ්‍රිඩ් මෝටර් රථවලට යුරෝපයෙන් සීමාවක්
Local
17 September 2026
ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක්
Local
17 September 2026
අරවින්ද ද සිල්වාගේ සහ ඔහුගේ බිරිඳගේ වරෙන්තු ආපසු කැඳවයි
Local
17 September 2026
වාහන මිල පහළට
Local
17 September 2026
පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව අංක කිහිපයක්
Local
17 September 2026
වත්තල ''ශාරුක්ඛාන්''ගේ කෝටි 9කට අධික දේපළ තහනම් කෙරේ
Local
17 September 2026
මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස් වීමකින් මිතුරා උඩුමහලින් තල්ලුකර මරාදමලා
Local
17 September 2026
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
17 September 2026
Volvo වෙතින් 2030ට පෙර නව මෝටර් රථ මාදිලි 13ක්
Local
17 September 2026