General15 November 2025

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සඳහා නව ස්ථාන මාරු කිරීම් හා අතිරේක වගකීම් පැවරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු දැනට දරන අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට අමතරව, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව ද භාරව කටයුතු කිරීම සඳහා පත් කර තිබෙනවා.

එමෙන්ම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, එස්.සී. මැදවත්ත බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර තිබෙනවා.

තවද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes