General07 February 2026

හෙට සිට වැස්ස තාවකාලිකව අඩු වෙයි

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් හෙට (08) සිට ලබන 11 වනදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, හෙට දිනයේදී ඌව පළාතේත්, මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව, දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes