General18 April 2026

පොඩි පැටී ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ලොකු පැටී‘ නමැත්තාගේ සහෝදරයෙකු වූ ‘පොඩි පැටී‘ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු ඊයේ රාත්‍රියේ කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ ලැඟු‍ම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 45ක් වයසැති වන කොස්ගොඩ - පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අහුංගල්ල - ලෝකන්වත්ත කනත්ත අසළදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොඩි පැටී නැමැත්තාට ටී 56 වර්ගයේ ගිනි අවියකින් ඝාතනය කිරීමට තැත් කර තිබුණේ පෙරේදා දිනයේදීයි.
Related recommendation
Hiru TV News | Programmes