General19 June 2026

ආනයනවලට බලපැවැත්වෙන නව ගැසට් නිවේදනයක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට ආනයන සිදු කිරීමේදී විදේශ මුදල් ගෙවීම් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමේ අරමුණින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක, ඊට අත්සන් තබා ඇති අතර නව රෙගුලාසිවලට අනුව, සිදු කරන සෑම ආනයන ගෙවීමකටම බැංකු මගින් විශේෂ අංකයක් ලබා දිය යුතුයි.

එමෙන්ම, ගනුදෙනු සම්බන්ධ ටින් අංකය ඇතුලු සියලු‍ තොරතුරු බැංකු විසින් රේගුව දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීම ද අනිවාර්ය කර තිබෙනවා.

තවද, භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වී තිබිය යුතු අතර, ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නොලැබෙන බවද එහි සඳහන්.

එම ගැසට් නිවේදනය මෙතැනින්,
Related recommendation
Hiru TV News | Programmes