ගතවූ දශකය තුළ ශ්‍රී ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාව 120,000කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නවතම දත්ත මඟින් අනාවරණය වී තිබෙනවා.
මෙම උපත් අනුපාතය පහළ යාමේ ප්‍රවණතාව හමුවේ, දරු උපත් දිරිගැන්වීම සඳහා රජය විසින් අවශ්‍ය සහයෝගය සහ දිරිගැන්වීම් ලබා දීමට කටයුතු කරන බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2015 සිට 2025 දක්වා කාලය තුළ ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම 2019 වසරෙන් පසුව මෙම කඩා වැටීම වඩාත් කැපී පෙනෙන ලෙස සිදුව තිබෙනවා.
ගතවූ වසර කිහිපය තුළ සජීවී උපත් වාර්තා වී ඇත්තේ පහත පරිදියි,
2019 - 319,010
2020 - 301,706
2021 - 284,848
2022 - 275,321
2023 - 247,900
2024 - 220,761
2025 - 214,570
මෙම දත්තවලට අනුව 2019 සහ 2025 වසරවල් අතර කාලය තුළ පමණක් මෙරට සජීවී උපත්වල දළ වශයෙන් 33%ක කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබෙනවා.
මෙරට උපත් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් පහළ යාම කෙරෙහි කරුණු කිහිපයක් බලපා ඇති බව බලධාරීන් විසින් හඳුනාගෙන ඇත්තේ.
ඒ අනුව, විවාහ වීම ප්‍රමාද කිරීම සහ විවාහ වන ප්‍රතිශතය පහළ යාම, ඉහළ යන ජීවන වියදම සහ කුඩා පවුල් සඳහා ඇති කැමැත්ත වැඩි වීම, ප්‍රජනන වයසේ පසුවන තරුණ ප්‍රජාව විදේශගත වීම සහ රැකියා සඳහා කලත්‍රයන් වෙන්ව ජීවත් වීම, කාන්තාවන් උසස් අධ්‍යාපනයට සහ රැකියා වෙළඳපොළට වැඩි වශයෙන් දායක වීම සහ පවුල් සැලසුම් ක්‍රම සහ උපත් පාලන ක්‍රම කෙරෙහි ඇති ආකල්ප වෙනස් වීම මෙන්ම වඳභාවය (Fertility issues) ආශ්‍රිත ගැටලු ඒ අතරට ඇතුළත්.
දිගුකාලීනව රටේ ජනගහන ස්ථාවරත්වය (Population stability) පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව සජීවී උපත් 330,000ත් 360,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බව නිලධාරීන් පෙන්වා දෙන අතර, කෙසේ වෙතත්, අවසන් වරට (2025 වසරේ) වාර්තා වූ 214,570ක උපත් සංඛ්‍යාව එම අවශ්‍යතාවයට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතිනවා.

Latest News
අමෙරිකානු ෆෙඩරල් සංචිතය 2023න් පසු පළමු වරට පොලී අනුපාත ඉහළ දමයි
Local
17 September 2026
15 වැනි IMF - ජපාන බදු සමුළුවට නි.ඇමති නිශාන්ත ජයවීර ජපානයට යයි
Local
16 September 2026
මට්ටක්කුලියේ රිය අනතුරෙන් මරණ 03 දක්වා ඉහළට – 12ක් රෝහලේ
Local
16 September 2026
විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක්: දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට
Local
16 September 2026
රථ තුනක් ගැටී මට්ටක්කුලිය සලිත කළ මාරක අනතුර දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තවදුරටත් රුමේෂ් තරංගට
Local
16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය
Local
16 September 2026
ගෞතම් අදානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ෂෑං යිමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
Local
16 September 2026
වර්ජනයට පෙරම දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙන බවට වෘත්තිය සමිතිවලින් චෝදනා
Local
16 September 2026
අංගොඩ ප්‍රියංකරගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙක් STF දැලේ
Local
16 September 2026