General29 July 2026

ගම්පොල කීරපනේ නිවෙසකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට

ගම්පොල කීරපනේ ප්‍රදේශයේ නිවෙසක් තුළදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ඊයේ (28) ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පොල පොලිසිය පවසනවා.

ලද පණිවිඩයකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් තුවාලකරු වහාම ගම්පොල රෝහල වෙත ඇතුළත් කර තිබුණත්, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කීරපනේ, ගම්පොල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්.

පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා (බෑනා) අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, සහෝදරියගේ පුත්‍රයා විසින් මන්නා පිහියකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොල පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes