මීගමු බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම පිළිබඳව සිද්ධිය වන විට රාජකාරියේ යෙදී සිටි ප්‍රධාන ජේලර්වරයා ලබා දුන් සාක්ෂියේ දැඩි සංවේදීතාවයක් දක්වන තොරතුරු ඇති බැවින්, එය රටේ ජාතික ආරක්ෂාව බරපතල අවදානමකට ලක් විය හැකි බවත් එබැවින් එම තොරතුරු කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසත් මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (30) විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.
එසේම, එම සාක්ෂිය සුරක්ෂිතව සේප්පුවේ තැන්පත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කළා.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් නිලධාරීන් 10ක් සහ රැඳවියන් 22ක් ඝාතනය වීම සම්බන්ධයෙන්, සිද්ධිය වන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (30) මීගමුව සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මෙම කරුණු හෙළි වුණා.
එම සාක්ෂිය අද (30) පස්වරු 1.00 ට පමණ ආරම්භ වූ අතර, පස්වරු 3.00ට පමණ සාක්ෂිය අවසන් වුණා.
මේ අතර, වැලිකඩ සිට මීගමුව බන්ධනාගාරයට පැමිණි බන්ධනාගාර පොලිස් නිලධාරීන් 89 දෙනා සම්බන්ධයෙන් සහ කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක වාර්තාවක් බන්ධනාගාරය විසින් අද (30) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
Latest News
රාගම ග්‍රාම සේවා වසම් 03කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
Local
02 August 2026
පේරූ රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටෙයි: 13ක් ජීවිතක්ෂයට
Local
02 August 2026
පළාත් කිහිපයකට තද වැසි සහ සුළං
Local
02 August 2026
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026