76 වසරක සාපය ගැන කියා බලය ලබා ගත් මාලිමාව අද රටේ ප්‍රජාන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම තීන්දු කර අවසන් බවත් ඒකාධිපතීත්වය ආඥාදායකත්වය හා තනි පක්ෂ පාලනයක් රටේ ක්‍රියාත්මක කරන්න ජනතාව ඉල්ලා නොසිටි දෙයක් වන විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ පිළිබඳව පවසා සිටියේ තිස්සමහාරාමයේදී පැවති ගොවි ගැටලු විසඳීමේ ජන හමුවක් අමතමින්.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා කියා පොරොන්දු ඉදිරිපත් කර ඒවා අමු අමුවේ කඩා දමා උපරිමාධිකරණ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වැඩි කිරීම නිසා ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවාද කියා ජනතාව ප්‍රශ්න කළ යුතු බවත් එදා සමගි ජන බලවේගය දශ ලක්ෂයක් නව ව්‍යවසායකයන් හදනවා කියූ විට ඒ දේ එපා කියා මාලිමාව බලයට ගෙන ආ බවත් මේ මාලිමා රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සිදු කරන්න මේ කණ්ඩායම කටයුතු කරන විට එයට නිහඩව බලා නොසිටිය යුතු බවත් මේ රටේ උත්තරීතර වෙන කවුරුත් නොව ඡන්ද දායකයන් නිසා තවදුරටත් නිහඩව නොසිටිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන මේ මංකොල්ලකාරී ප්‍රතිපත්තිය පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියා.
අධිකරණ පද්ධතිය නීතියේ ආධිපත්‍ය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන 2023 එවකට අධිකරණ අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව පිටු 506ක සිදු කරන ලද අධ්‍යයනය ගැනවත් රජය නොදන්නා බවත් එහිවත් විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කළ යුතු බවට එහිවත් සඳහන් නොමැති බවත් දැන්වත් රජය මේ වාර්තාව ජනගත කළ යුතු බවත් ඒ වාර්තාව කියවා මේ අධිකරණ පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් නවීකරණ යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් ජනතාවට ද අවබෝධයක් ලබා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට පෙනී සිටිය යුතු බවත් අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කරනවා සේම ගොවි ජනතාවට දැන් තම අයිතිය වෙනුවෙන් නැගී සිටීමට කාලය එළැඹ ඇති බවත් එදා කියූ බොරුවලට එරෙහිව දැන් නැගී සිටිය යුතු බවත් ඒ අයිතිවාසිකම් වෙනුවෙන් සේම ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් පෙරට ආ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියා.
රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව අනුව 2026 මුල් මාස 6 2025 මුල් මාස 6 හා සංසන්දනය කරන විට රාජ්‍ය ආදායම 27%කින් වැඩිව ඇති බව පවසන බවත් බිමල් රත්නායක අමාත්‍යවරයාට අනුව භාණ්ඩාගාරයේ ටොන් ගණන් මුදල් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම වැඩිව ඇත්නම් ඒ වැඩි වූ ආදායම ගොවියාට ලබා දී ගොවියාගේ වගා කටයුතුවල පිරිවැය අඩු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ රාජ්‍ය ආදායම වැඩි කර ඇත්තේ ගොවි උපකරණවලට වැට් ගසා බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.
වත්මන් රජයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු බහුතරයත් පළාත් පාලන ආයතන 3ම ජවිපෙට ලබා දෙන්න ජනතාව කටයුතු කළත් එදා ඔවුන් කෘෂිකර්මාන්තය ගැන විවිධ කතා කියූ බවත් 76 වසරක් තුළ කෘෂිකර්මාන්තයට ඉටු විය යුතු සේවාව ඉටුව නැති නිසා ක්‍රමයේ වෙනසක් සිදු විය යුතු බවත් මේ ක්‍රමය වෙනස් කර ගොවි ජනතාව රජවරුන් බවට පත් කර ගොවියා දෙවියා යැයි සැලකිය යුතු යැයි පවසමින් වත්මන් රජයේ ඇමතිවරුන් එදා ගොවි බිමේ ප්‍රතිඥා පවා දුන් බවත් ගොයම් කකා ගොවියා දෙවියා ගොවියා රජතුමා යැයි පවසන ගමන් වී කිලෝවට රු. 150ක් දෙනවා යැයි කියූ බවත් මේ රු. 150 රටේ නීතිය බවට පත් කරන බව පැවසුවත් අද ඒ රු. 150 නොමැති බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියේ.
ජනාධිපතිකම් අගමැතිකම් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගෙන පළාත් පාලන මැතිවරණ බහුතරයක් ජයගත් පසු ගොවියා දැන් කසිප්පුකාරයා වී ඇති බවත් ගොවියා කෘත්‍රිම ගොවියා බවට පත්ව ගොවියාට අපහාස උපහාස අවලාද නගන බවයි විපක්ෂ නායකවරය මෙහිදී පැවසුවේ.
මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉන්දියාවේ රැකියා විරහිත තරුණයන්ට කැරපොත්තන් යැයි අපහාස කළ නිසා කැරපොතු ජනතා පක්ෂය ලෙස පක්ෂයක් සකස් කළ බවත් ලංකාවේ මෙන් ඉන්දියාවේද විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර එළියට පැමිණි නිසා මේ කැරපොතු තරුණ පරපුර කළ උද්ඝෝෂණයක් නිසා ඉන්දියාවේ අධ්‍යාපන ඇමතිවරයාට ඉල්ලා අස්වීමට පවා සිදුවූ බවත් අප රටේ ගොවි ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජවිපෙ නායකයන් ගොවියාට දැන් අපහාස කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
ගොවියාට ලැබෙන ස්ථාවර මිල අසාධාරණ බවත් කෘෂිකර්ම ඇමතිවරයාට අනුව වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් ගියත් එදා පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම ඇමතිවරයා මෙවැනි දෙයක් කිව්වත් අද රජය දෙන්නේ රු. 120ක් බවත් හිතාමතාම වී ගොවිතැන පාඩුදායක ක්‍රියාවලියක් බවට පත් කර ගොවියාට රු. 17ක් පාඩු කර ඇති බවත් ජනාධිපතිවරණය දිනා බහුතරය ලබා ගැනීමට එදා ස්ථාවර මිලක් දෙනවා කිව්වත් එදා ඒ හැමදේම කිව්වේ ගොවි ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමට බවත් එදා ටොම්පච දේශපාලනය ක්‍රියාත්මක කර ගොවියාගේ කරපිටින් රාජ්‍ය බලය ලබා ගෙන අද ගොවියා අනාථ කර ඇති බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියේ.
කාලයක් මේ රටේ ගොවි ජනතාව විනාශ වූයේ පොහොර තහනම හා කාබනික පොහොර භාවිත ප්‍රතිපත්තිය නිසා බවත් එදා ඒ ආකාරයට ගොවියා විනාශ කළ අය එලවා බලයට පැමිණි මේ රජය අද ගොවියාට පොරොන්දු වූ ස්ථාවර මිල නොදෙන බවත් රජය ගන්නේ අස්වැන්නෙන් 8%ක් වගේ සුළු ප්‍රමාණයක් බවත් ඉතිරිය මිලදී ගන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් වුවත් අද මොවුන් බංකොලොත් කර ඇති බවත් සහන පොලි ණයවත් අද නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026