General01 August 2026

මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)

UPDATE (10.30 P.M.) : මහර බන්ධනාගාරය අවට ග්රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය
...................................

මහර බන්ධනාගාර පරිශ්රය සහ ඒ අවට හටගෙන ඇති උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා එම ප්රදේශයේ ග්රාම නිලධාරී වසම් තුනකට පමණක් (03) වහාම ක්රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අනුව පහත සඳහන් ග්රාම නිලධාරී වසම් සඳහා මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

246 - කැන්දලියද්දපාළුව - බටහිර

246 C - කැන්දලියද්දපාළුව - උතුර

181 G - දඹුව

..................................
රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පනවන බව පොලිසිය පවසනවා.

ඒ මහර බන්ධනාගාරයේ අද (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුවයි.
Related recommendation
Hiru TV News | Programmes