General02 August 2026

රාගම ග්‍රාම සේවා වසම් 3කට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම ග්‍රාම සේවා වසම් තුනක් වෙත ඊයේ (01) පොලීසිය පොලිස් ඇඳිරි නීතිය පැනවූවා.

ඒ අනුව කැන්දලියද්දපාළුව - බටහිර, කැන්දලියද්ද පාළුව - උතුර සහ දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහායි ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත්තේ.

මේ වන විට පැවති තත්ත්වය පාලනය කර ඇති බැවින් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes