මරදාන පොලිස් වසමේ කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයකින් බිමට වැටීමෙන් 12 හැවිරිදි පිරිමි ළමයෙකු ඊයේ (16) මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මේ පිළිබඳව මරදාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේම පදිංචිව සිටි 12 හැවිරිදි වියේ පසුවූ දරුවෙක්.
මහල් 14 කින් සමන්විත මෙම මහල් නිවාසයේ උඩුමහලේ පිහිටි නාන තටාකය ආසන්නයේ, මරණකරු තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිට ඇති අතර, එහිදී එම මහලේ විවෘතව තිබූ ස්ථානයකින් පහළට ඇද වැටී මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
Latest News
ලොව වේගවත්ම මිනිසා පරාජය කළ රොබෝ විප්ලවය : මීටර් 100 තත්පර 9.39න් දුවයි
Local
23 August 2026
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026