ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන මහජනතාවගේ සහ බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ,හෙට (18) සිට අගෝස්තු 28 වන දින දක්වා වීථි සංචාරය කිරීමට නියමිත මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් මාර්ග බාධක, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ, රථවාහන පාලනය, පරික්ෂා කිරීම් මෙන්ම සංචාරකයින්ට මගපෙන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
ඊට අමතරව හඳුන්වා දී ඇති මෙම නව තොරතුරු කළමනාකරණ පද්ධතිය ඔස්සේ පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහජනතාවට පහත සඳහන් තොරතුරු සජීවීව (Live) ලබාගත හැකියි.
රථවාහන නවතා තැබීම සඳහා වෙන්කර ඇති රථගාල් පිළිබඳ තොරතුරු
පෙරහැර ගමන් ගන්නා මාර්ගය
පෙරහැර නැරඹිය හැකි සුදුසු ස්ථාන
සනීපාරක්ෂක පහසුකම් සපයාගත හැකි ස්ථාන
අතරමං වූවන් හමුවිය හැකි ස්ථාන
මෙම තොරතුරු පද්ධතියට පිවිසීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය www.police.lk වෙත පිවිස "මහනුවර ඇසළ පෙරහැර" යන සබැඳිය තේරීමෙන් හෝ විශේෂයෙන් සකස් කර ඇති https://kandyesalaperahera.police.lk වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කළ හැකියි.
ඒ අනුව, ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනය, ටැබ් යන්ත්‍ර හෝ පරිගණක ඔස්සේ මෙම සේවාව ලබාගත හැකි අතර, අනවශ්‍ය ගමනාගමනයෙන් වැළකී කාලය ඉතිරි කරගනිමින් ගමන් පහසුව සලසා ගන්නා ලෙසයි පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ
Local
23 August 2026
හග්ගලදී බස් රථයක තිරිංග අක්‍රිය වී මාරාන්තික අනතුරක්: පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
23 August 2026
ග්‍රාම නිලධාරිනියකට අන්තර්ජාලය හරහා අපහාස කළැයි එක්සත් රණවිරු සංගමයේ කැඳවුම්කරු රිමාන්ඩ්
Local
23 August 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා
Local
23 August 2026
බොන්න වතුර ටිකක් දෙන්න - විල්ගමුව ලෙහෙඩීයන්ගල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලයි
Local
23 August 2026
බොරැල්ලේ නිවසක් අසළින් අත්බෝම්බයක් සොයා ගැනේ
Local
23 August 2026
මඩකලපුව කෝට්ටේකල්ලාර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට
Local
23 August 2026