General19 August 2026

මහනුවර සුරුසැල් කිහිපයක් දින 10කට වැසේ

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යට සමගාමීව ප්‍රදේශයේ සුරාසැල් කිහිපයක් ඊයේ (18) සිට වසාදැමීමට සුරා බදු දෙපාර්තමේනතුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 28 වැනිදා තෙක් දින දහයක් එවා වසා දැමෙනු ඇති.

මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ තුළ පිහිටි සියලුම මත්පැන් බලපත්‍ර ස්ථාන මෙලෙස වසා තැබීමට නියෝග කර තිබෙනවා.

මීට අමතරව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරන්පොත ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හල තෙක් ඇති සියලුම මත්පැන් බලපත්‍ර ලත් ස්ථාන ද වසා තැබෙන බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes