එම්. ටි.එෆ්.ඊ නමින් පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩ සමාගමක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් ජනතා මුදල් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවර්ධන යන සැකකරු ලබන 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග (20) කළා.
සැකකරු විමර්ශනවලට සහය නොදක්වමින් වසර තුනක් තිස්සේ සැඟව සිටීම යන කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවලට සහය දැක්වීම පිළිබඳව සැකයක් ඇතිවන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන බව පැවසුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු අදාළ පිරමීඩ ජාවාරම සිදු කරමින් අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
මෙලෙසද කරුණු දැක්වුවා.
" ස්වාමීනි ,සැකකරුගේ බිරිඳ කෞශල්‍යා නමින් රන් බිස්කට් විශාල ලෙස මිලදී ගැනීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙනවා. ඊට අමතරව කොමර්ෂල් බැංකුවේ රුපියල් කෝටි 19ක ගිණුමක් ඇති බවට හා වෙනත් අයගේ නම් වලින් වාහන මිලදීගෙන ඇති බවට කරුණු අනාවරණය වෙනවා. මොහු වෙනත් අයකුගේ නමින් බැංකු ගිණුමක් විවෘත කරමින් අදාළ ගිණුම පාවිච්චි කරන බවට හා බයිනෑන්ස් ගිණුම් වල මුදල් ආයෝජනය කළ බවට ද තොරතුරු අනාවරණය වෙනවා. මෙලෙස අයතා ලෙස මුදල් ඉපයීම හා පාර්ශව ගණනක් ඊට සම්බන්ධ කර ගනිමින් ඒවා එක්රැස් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා. එබැවින් විමර්ශනයන්ට සහය නොදැක්වූ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා. සැකකරු විසින් මෙම මුදල් 2018- 2023 වල වර්ෂ වල රැස්කර ඇති බවට පැහැදිලි වෙනවා.'
සැකකරු වෙනුවෙන් අධිකරණය කරුණු දැක්වූ නීතීඥ රුවන් ජයවර්ධන මහතා කියා සිටියේ සැකකරු කිසිදු ව්‍යාජ පිරමීඩ ආයතනයක කටයුතු කර නොමැති බවය. ඕනෑම අයෙකුට අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කිරීමට මට හැකි බවත් , ඊට සහාය දැක්වීම සැකකරු විසින් සිදු කර ඇති බවත් පැවසුවා.
2023 වර්ෂයේදී මහා බැංකුව විසින් අදාළ සමාගම තහනම් සමාගමක් ලෙසට නම් කිරීමෙන් පසුව ඒවායේ මුදල් ආයෝජනය නොකර නොමැති බවද පැවසූවා.
මෙහිදී සැකකරුගේ නීතිඥවරයාට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු විමර්ශනයක් සිදුවන බවට දැන දැනම විමර්ශනවලට සහය නොදැක්වූයේ කුමක් නිසාදැයි විමසා සිටියා.
නිසි කැඳවීමක් රහස් පොලිසිය මගින් සිදු කර නොමැති බව නීතිඥවරයා පැවසුවා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ බැංකු ගිණුම් හා දුරකථන විස්තර වාර්තා කැඳවීමට පොලිසියට නියෝග කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

Latest News
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026
දිල්ලියේ කඩා වැටුණු ගොඩනැගිල්ලට සිසුන් රැසක් සිරවෙලා: මුදාගැනීමට මෙහෙයුමක්
Local
07 September 2026
තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹෙයි
Local
07 September 2026