General21 August 2026

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් මීට සුළු මොහොතකට පෙර දැයෙන් සමු ගත්තා.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත් වුණේ දෙහිවල, සරණංකර ක්‍රීඩාංගණයේදී යි.

1950 වසරේ මැයි 22 වැනිදා දෙනියාය රඹුකන ග්‍රාමයේ උන්වහන්සේ උපත ලැබුවා.

මොරවක, වැලිව, බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මෙන්ම පැපිලියාන සුනේත්‍රා දේවි මහා පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ, ලාංකේය ගීත කලාවේ අපූර්ව සටහන් තබන්නේ තමන්ටම ආවේණික රටාවකින් මානව සිත් තුළ අපූර්ව සැදැහැ සිතුවිලි ජනිත කරමින්.

ගුණදාස කපුගේ ශූරීන් ගැයූ පිහිටක් නැති - සරණක් නැති, සද්ධර්ම මකරන්ද ගීතය මෙන්ම වික්ටර් රත්නායකයන් ගැයූ බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, කාසිවලට ගන්නත් බැහැ ගීතය ද උන්වහන්සේගේ පන්හිඳෙන් ලියවුණා.

විශාරද මාලිනි බුලත්සිංහල ගායනා කළ හිමි සණරාමර, පිපෙනා මලකට, සෙනෙහස පුදා මෙන්ම බුදු බණ ඇසුවා ගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා ගයන ලා දළු බෝපත් මෙන්ම වෙහෙරක් වගේ ගීතය ද උන් වහන්සේ රචනා කළ ගීත අතර වනවා.

තම ගීත කලාව එක් පැතිකඩකට සීමා නොකළ සිද්ධාර්ථ හිමියන් පන්සලේ - පල්ලියේ, බණ කියන රටක්, මේ ප්‍රේම කතා නවතා මොහොතක්, මේ ඉර හඳ යට, සියක් ආයු ලැබ, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, අනුරාධපුරේ අනුරාව නැගූ මෙන්ම, සඳ තරු මල් මට දන් දුන් වැනි ගීත ද දායාද කළා.
Related recommendation
Hiru TV News | Programmes