බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් වුවද, ඔහු නැවත හමුදාව හෝ හමුදාපති අසීම් මුනීර් සමඟ ගැටුමකට නොයන බව ඔහුගේ ප්‍රධාන උපදේශකයෙකු වන දුල්ෆිකාර් බුකාරි ප්‍රකාශ කර සිටිනවා.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉම්රාන් ඛාන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ලබාදුන් නියෝගයෙන් පසුව, රටේ අනාගතය වෙනුවෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව අවසන් කිරීමට තම පක්ෂය සූදානම් බවයි.
73 හැවිරිදි ඉම්රාන් ඛාන්ව පැය 48ක් ඇතුළත පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට පවසා ඇත්තේ.
ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් නොහොත් PTI පක්ෂයේ ප්‍රකාශක දුල්ෆිකාර් බුකාරි පෙන්වා දෙන්නේ, ඉම්රාන් ඛාන් නිදහස් වුවද රටට හානියක් වන කිසිදු ක්‍රියාවක නිරත නොවන බවයි.
හමුදා නායකත්වය සමඟ ගැටෙනවාට වඩා වේදනාවන් ඉවසමින් රට වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සූදානම් බවත්, හමුදාපතිවරයා සුබවාදී පියවරක් තබන්නේ නම් පැය 24ක් ඇතුළත සියලු දේශපාලන සිරකරුවන්ට නිදහස හිමිවනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරනවා.
කෙසේවෙතත්, විදේශගතව සිටින PTI පක්ෂ නායකයින්ගේ මෙම අදහසට බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් එකඟ වන්නේ ද යන්න පිළිබඳව දේශපාලන විශ්ලේෂකයෝ සැක පළ කරනවා.
මෙම ලිහිල් ප්‍රවේශය හමුවේ වුවද, ඉම්රාන් ඛාන්ට සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ ඔහුව නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සැප්තැම්බර් 27 වනදා රට පුරා දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීමට PTI පක්ෂය තීරණය කර තිබෙනවා.

Latest News
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026