අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා, විශාරද නන්දා මාලනිය වෙනුවෙන් ශෝක පණිවුඩ නිකුත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙනවා.
"සිය ගායන කුසලතාව සමාජ සාධාරණත්වයේ සහ යුක්තියේ අඬහැරය බවට පත් කර, අලුත් ලොවක් ගැන සිතීමට පරම්පරාවට දිරි දුන්, සැබෑම ශ්‍රී ලාංකේය හඬ, අග්‍රගණ්‍ය ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය ලාංකේය සමාජය මහත් කම්පාවට පත්කර තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක සිය ශෝක පණිවුඩය මගින් පවසනවා.
ළමා වියේ සිටම මෙරට සංගීත ක්ෂේත්රයෙහි අද්විතීය අනන්‍යතාව සලකුණු කර ගත් ඇය, සිය ජීවිතය හුදෙක් ගායිකාවක පමණක් ලෙස සලකුණු කරනු වෙනුවට 80 දශකය වන විට දුෂ්ට සමාජ දේශපාලන මඩ ගොහොරුවක ගිලී තිබූ ශ්‍රී ලාංකේය සමාජය එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පූර්වාදර්ශී ක්‍රියාකාරිනියක වූ බවද සඳහන් කරනවා.
එපමණකින්ද නොව ලාංකේය ප්රගතිශීලී ජනතාවගේ හදවතෙහි ගැඹුරුම තැනක ස්ථානගත වූ ඇය සිය මරණය දක්වා තමන්ගේ ප්‍රතිපත්තිගරුක සංගීතමය හඬ භූමිකාව ආරක්ෂා කර ගත් බවයි ජනපතිවරයා පවසන්නේ.
නන්දා මාලිනියගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සියලු සාමාජිකයන්, ඥාතීන්, හිතවතුන් මෙන්ම සහෘද කලාකරුවන් සහ සුවහසක් රසික රසිකාවියන් වෙත සිය සානුකම්පිත සංවේගය පළ කරන බවද ජනපතිවරයා පවසනවා.
එමෙන්ම ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතිය තුළ ජනතාවාදී ලෙස හැඩගැසුණු නිදහස්, ශ්‍රේෂ්ඨ සහ හදවත් ප්‍රබෝධයෙන් අවදි කළ ආචාර්ය නන්දා මාලිනියනියට, උතුම් මහා නිර්වාණ සුව ලැබීමට හේතු වාසනා වේවායැයිද ජනපතිවරයා ප්‍රාර්ථනා කරනවා.
මේ අතර ශෝක පණිවුඩක් නිකුත් කළ අගමැතිනි හරිනි අමරසූරිය,
"ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අසමසම ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ, දශක අටකට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංස්කෘතික හා සමාජීය ක්ෂේත්රයන් පෝෂණය කළ ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය පිළිබඳ පුවත අසා තමන් දැඩි කම්පනයටත්, සංවේගයටත් පත් වූ බව සඳහන් කරනවා.
නන්දා මාලිනියගේ සුමධුර ගී හඬින් පෝෂණය වෙමින්, ඒ ගීත සමඟ ජීවිතයේ විවිධ සංධිස්ථාන පසු කළ ආදරණීය රසිකාවියක ලෙස, එතුමියගේ නික්ම යාම මට දැනෙන්නේ හුදෙක් වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි අපේ ජීවිතවලට සමීප, අතීත මතකයන් සමඟ තදින් බැඳී, සතුටේදී මෙන්ම වේදනාවේදීත් අපට සැනසීම දුන් හුරුපුරුදු මාතෘ හඬක් අපෙන් වෙන්ව යාමක් ලෙස බවයි අගමැතිනි හරිනි අමරසූරිය පවසා තිබෙන්නේ.
අපේ ජීවිතවල අප්‍රමාණ මතකයන්ට හඬක් වූ, ශ්‍රී ලාංකේය ගීත කලාවේ නොමියෙන සටහනක් තැබූ ආචාර්ය නන්දා මාලිනියට මාගේ උත්තමාචාරය පුද කරන අතර, එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි! එතුමියගේ ආදරණීය දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සැමටත්, ඇගේ ගී හඬට පෙම් කළ සුවහසක් ජනතාවටත් මාගේ අතිශය සංවේගය පළ කර සිටිනවා" යැයි අගමැතිනිය පවසනවා.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝක පණිවුඩයක් නිකුත් කරමින්,
"ශ්‍රී ලංකේය සංගීත සංස්කෘතික ක්ෂේත්රය තුළ අද්විතීය ලකුණක් තැබූ, දශක ගණනාවක් පුරා සිය අභිමත ගායන විලාසයෙන් ජනතාවගේ හදවත් ප්‍රබෝධවත් කළ ප්‍රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය පිළිබඳ පුවත අසා අතිශය සංවේගයට සහ කණගාටුවට පත් වූ බව පවසනවා.
"නන්දා මාලිනී යනු ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසය තුළ එක් යුගයක් නියෝජනය කළ අද්විතීය කලාකාරිනියක් බව නොඅනුමානයි. ඇගේ ගායන ශෛලිය තුළ වූ ආත්මීය ප්රකාශනය, ස්වර උච්චාරණය සහ වින්දනය ස්වීය සලකුණක් සටහන් කළා සේම ඇය සමස්ථ සංගීතයේ අද්විතීය සලකුණක් බවට පත්වුණා.
අද අපට අහිමි වන්නේ ඇගේ අද්විතීය නිර්මාණ, ඇගේ කලා උරුමය සහ ඇය විසින් අපගේ හදවත් තුළ තැන්පත් කළ මතකයන්. එම උරුමය රැකගැනීම සහ ඉදිරි පරම්පරාව වෙත ගෙන යාම අප සතු අභියෝගාත්මක වගකීමක්. ශෝකයේ පීඩිත නන්දා මාලිනිය ශ්‍රී ලාංකේය කලා අඹරේ බැබළුණු දීප්තිමත් තාරකාවක් ලෙස සදානුස්මරණීය වනවා යැයි පවසනවා.
ඇගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සියලු ඥාතීන්ටත්, හිතවතුන්ට, කලාකරුවන්ට සහ ඇගේ සංගීතයට ආදරය කළ සියලුම ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය ශෝකය පළ කරන බවයි ඔහු පවසන්නේ"

Latest News
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026
22ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පෙත්සමක් - ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
Local
24 August 2026
2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 3,168ක් වියදම් කරලා - අගමැති හෙළිකරයි
Local
24 August 2026
ප්‍රාදේශීය සභා කැබ් රථයක ගැටී කාන්තාවක් මරුට
Local
24 August 2026
ගල්නෑවේ ඇල මාර්ගයක සිරවී සිටි දෙහැවිරිදි දරුවෙක් මරුට
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම මුල් මාස හතේදී ඩොලර් බිලියන 1.79ක් දක්වා පහළට
Local
24 August 2026
ශිරාන් බාසික්ගේ විදෙස් ව්‍යාපාර ගැන තොරතුරු රැසක් එළියට
Local
24 August 2026
ජූලි මාසයේ තේ නිෂ්පාදනය 1%කින් පහළට - පළමු මාස හතේ සමස්ත අස්වැන්නත් පහළට: ෆෝබ්ස් සහ වෝකර් වාර්තා
Local
24 August 2026
‘බැකෝ සමන්’ ගේ මව වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට
Local
24 August 2026
''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
Local
24 August 2026