සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්බව කියන තරුණයෙක් ඊයේ (24) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට හෙළිවූ මෙම සැකකරු ඊයේ (23) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මිද්දෙනිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබූ බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24 ක් වන මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර, මිද්දෙනිය පොලිස් වසමේදී ඉකුත් (19) වැනිදා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි 21 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
එහිදී ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ මොහු ඉකුත් අගෝස්තු මස 12 වැනිදා මිද්දෙනිය ප්‍රදේශයේදී ‘බැකෝ සමන්’ යන අයගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති අයකු වන බව පොලිසිය පවසනවා.
ඒ අනුව එම සැකකරු රැඳවුම් නියෝග මත මිද්දෙනිය පොලිස් ස්ථානයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකර ඊයේ (23) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අනුව ඊයේ (23) තංගල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරු මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන බවයි පොලිසිය සඳහන් කළේ.
Latest News
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ප්‍රහාරයක් - යුද ගුවන් යානා රැසකට හානි
Local
10 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026