පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (24) දින නියම කළා.
පාස්කු නඩුවේ විත්තියේ දේශණ අද (24) සවස 6.00ට පමණ අවසන් කර ඇති අතර, දෙපාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 08 වැනිදාට ලබා දෙන ලෙසට මෙහිදී අධිකරණය නියම කළා.
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් ඉදිරියේදී අද (24) මෙම නඩුව කැඳවුණු අවස්ථාවේදී මේ බව අනාවරණය වුණා.
මෙහි පැමිණිල්ලේ නඩුව අවසන් වූයේ ඉකුත් (13) වැනිදා පස්වරුවේ දීයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්රහාරයන්ට කුමන්ත්‍රණය කිරීමේ ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 23270ක් මෙහි විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව නිතිපතිවරයා විසින් චෝදනා නගා තිබුණා.
මෙම නඩුවේ අධිකරණය විසින් චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, සඟවා තිබූ බෝම්බ පුපුරන ද්‍රව්‍ය , කඩු, ගිනි අවි, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ආදී නඩු භාණ්ඩ 2076ක් නඩු විභාගයේ දී ලකුණු කර ඇති බවයි අධිකරණයේදී හෙළි වුණේ.
රජයේ රස පරික්ෂක වාර්තා ගණනාවක් සහ ඩී.එන්.ඒ වාර්තා සහ වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක් ලකුණු කර ඇති බවද අධිකරණයේදී හෙළි වුණා.
නවුෆර් මවුලවී ඇතුළු මෙම චුදිතයින් 24 දෙනාට එරෙහිවයි නිතිපතිවරයා විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ චෝදනා 23270 ගොනු කර ඇත්තේ.
Latest News
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026