General25 August 2026

නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරුන් 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 04 දෙනෙකු අද (25) ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.

ඒ අනුව නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 11 දෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී සිය අක්තපත්‍ර භාරදී තිබුණා.

මෙලෙස අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරුන් බ්‍රසීලය, චීනය, ඔස්ට්‍රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් ජනරජය, සුඩානය සහ පැනමා රාජ්‍යය නියෝජනය කරනවා.

මහකොමසාරිස්වරුන් ලෙස බංග්ලාදේශය, ඝානාව, බෲනායි ඩාරුසලාම් සහ ගයනා යන රටවල නව රාජ්‍යතාන්ත්‍රිකයින් මෙලෙස අක්තපත්‍ර භාරදී තිබෙනවා.

ඒ අනුව බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස Jorge Geraldo Kadri, චීනයේ තානාපතිවරයා ලෙස Wei Huaxiang, ඔස්ට්‍රියාවේ තානාපතිවරයා ලෙස ආචාර්ය Robert Zischg සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස Eric S. Meyer අක්තපත්‍ර භාරදී තිබෙනවා.

ඩොමිනිකන් ජනරජයේ තානාපතිවරයා ලෙස Francisco Manuel Comprés Heández, සුඩානයේ තානාපතිවරයා ලෙස ආචාර්ය Mohammed Abdalla Ali Eltom සහ පැනමා රාජ්‍යයේ තානාපතිවරිය ලෙස Nubiela Yanarith Ayala අක්තපත්‍ර භාරදී තිබෙනවා.

බංග්ලාදේශයේ මහකොමසාරිස්වරයා ලෙස D.M. Salahuddin Mahmud, ඝානාවේ මහකොමසාරිස්වරයා ලෙස මහාචාර්ය Kwasi Obiri-Danso, බෲනායි ඩාරුසලාම්හි මහකොමසාරිස්වරිය ලෙස Siti Ayfariza Md Jaini සහ ගයනා මහකොමසාරිස්වරයා ලෙස Dharamkumar Seeraj මෙලෙස අක්තපත්‍ර භාරදී තිබෙනවා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes