General31 August 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදීයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍ය රවී කරුණානායකට චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට පැමිණ තිබුණේ නැහැ.

මේ නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ද ගොස් තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes