මාතර, පොල්හේන වෙරළබඩ පිහිටි සංචාරක අවන්හලක පැවැති DJ සහ Facebook සාදයක් අතරතුර සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තබා තිබූ රුපියල් ලක්ෂ 50ත් 75ත් අතර වටිනාකමකින් යුත් මත්පැන් තොගයක් සුරාබදු භාරයට ගැනීමට දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකය සමත්ව තිබෙනවා.
අදාළ අවන්හල බියර් විකිණීම සඳහා පමණක් බලපත්‍ර ලබාගෙන තිබුණද, එහි සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකරමින් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කර ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
එහිදී රුපියල් 5,000 සිට 60,000 දක්වා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන මත්පැන් වර්ග කිහිපයක් සොයාගෙන තිබෙනවා.
මේ වන විට අදාළ අවන්හලට සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර, අවන්හලේ හිමිකරු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක හිරු ප්රවෘත්ති වෙත පවසා සිටියා.
දීපව්‍යාප්ත සුරාබදු අධිකාරී P.N. හේමන්තට ලද තොරතුරකට අනුව, සුරාබදු කොමසාරිස් ජනරාල් M.B.A.N. පේමරත්නගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකර තිබෙනවා.
දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායකගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක සරත් ජයවීර, සුරාබදු පරීක්ෂක ධම්මික හතුරුසිංහ, සුරාබදු මහ සැරයන් ලොකුපිටිය සහ සුරාබදු රියදුරු දුමින්ද යන නිලධාරීන් මෙම වැටලීමට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
දරුවන්ගේ දත් මැදීම සහ ඩිජිටල් තිර කාල සීමාව ගැන අනාවරණයක්
Local
23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026