General04 September 2026

සමුදුරේ රළ අතර සැඟවුණු- පරාක්‍රමබාහු රජුගේ මාලිගය යළිත් දෑස් අරියි

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි 66,000ක් දක්වා පහත බැසීමත් සමඟ ඓතිහාසික සීතා මාලිගය යළි මතුවී තිබෙනවා.

පරාක්‍රමබාහු රජතුමා ග්‍රීෂ්ම කාලයේදී වාසය කළ බවට සැලකෙන මෙම ස්ථානය වසරේ වැඩි කාලයක් පවතින්නේ ජලයෙන් වටවී ඇති තත්ත්වයකයි.

කෙසේ වෙතත්, මේ වනවිට ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් සීතා මාලිගයේ කොටස් යළි දර්ශනය වී තිබෙනවා.

එහෙත් එම ස්ථානය වෙත පහසුවෙන් ළඟාවීමට තවමත් හැකියාවක් නොමැති අතර, එය සම්පූර්ණයෙන්ම ජලයෙන් නිරාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම තවදුරටත් පහළ බැසීමෙන් අනතුරුව පමණක් දෙස් විදෙස් සංචාරකයින්ට මෙම ඓතිහාසික ස්ථානය නැරඹීමට අවස්ථාව උදාවනු ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes