General09 September 2026

පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

පොලිස් නිශ්කාෂණ සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා තාවකාලික ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.

එම පද්ධතිය යාවත්කාලීන කරන තුරු www(ඩොට්)police(ඩොට්)lk නිල වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කර සම්පූර්ණ කළ හැකි බවයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

මේ අනුව සම්පූර්ණ කළ අයදුම්පත ජාතික හැදුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමග ක්ලියර් ඩොට් ඇප්ලිකේෂන් ඇට් පොලිස් ඩොට් ජී ඕ වී ඩොට් යන විද්‍යුත් ලිපිනයට යොමු කර යුතු වනවා.

මෙම අවස්ථාවේදී ඒ සදහා කිසිදු මුදල් ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නොවන අතර, තාවකාලික ක්‍රමවේදයට අයදුම්පත් යොමු කරන සියලුම අයදුම්කරුවන් දත්ත පද්ධතිය යථාවත් වූ පසු මාර්ගත ක්‍රමවේදය ඔස්සේ නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes