අමෙරිකාවේ සැප්තැම්බර් 11 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් එරට පුරා අද (11) විවිධ අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකානු මගී ගුවන් යානා හතරක් පැහැරගත් ත්රස්තවාදීන් ඒවා නිව්යෝර්ක් සහ වොෂින්ටන්හි ගොඩනැගිලි වෙත කඩා වැදීමට යොදාගත්තා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර, එහි බලපෑම ලොව පුරා ද දැනෙන්නට වුණා.
එදින උදෑසන නැගෙනහිර අමෙරිකානු ප්‍රදේශය හරහා පියාසර කරමින් තිබූ ගුවන් යානා හතරක් කුඩා කණ්ඩායම් ලෙස පැමිණි පැහැරගැනීම්කරුවන් විසින් සිය පාලනයට ගෙන තිබුණා.
ඉන් ගුවන් යානා දෙකක් නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් කුළුණු දෙක වෙත කඩා වැදී තිබූ අතර, පළමු ප්‍රහාරයෙන් මිනිත්තු 17කට පසු දෙවැනි ගුවන් යානය අනෙක් කුළුණේ ගැටී තිබුණා.
ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි දෙකම ගිනිගෙන ඉහළ මහල්වල සිටි පිරිස් එහි සිරවී තිබුණා.
පැය දෙකකටත් අඩු කාලයකදී මහල් 110කින් සමන්විත එම කුළුණු දෙකම දැවැන්ත දූවිලි වලාකුළු මැද කඩා වැටුණා.
තවත් ගුවන් යානයක් අමෙරිකානු හමුදාවේ මූලස්ථානය වන වොෂින්ටන් නගරයට ආසන්න පෙන්ටගනයේ බටහිර කොටසට කඩා වැදී විනාශයට පත් කළා.
සිව්වන ගුවන් යානය මගීන් විසින් පැහැරගැනීම්කරුවන්ට එරෙහිව සටන් කිරීමෙන් අනතුරුව පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිහිටි පිටියකට කඩා වැටුණා.
එම ගුවන් යානය වොෂින්ටනයේ පිහිටි අමෙරිකානු කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ල වන කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදීමට පැහැරගැනීම්කරුවන් සැලසුම් කර තිබූ බවට විශ්වාස කෙරෙන බවයි BBC පුවත් සේවය සඳහන් කරනවා.
මෙම ප්‍රහාරය අමෙරිකාවේ පමණක් නොව ලොව පුරා දේශපාලන, ආරක්ෂක සහ සමාජ ක්ෂේත්රයන්ට දැඩි බලපෑමක් එල්ල කළ සිදුවීමක් ලෙස සැලකෙනවා.

Latest News
ප්‍රදේශ රැසකට අදත් මි. මී 50 ඉක්මවූ තද වැසි
Local
12 September 2026
කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ඉරිදා ඇරඹේ - ක්‍රීඩකයින් 5,000කට අධික පිරිසක් එක්වෙයි
Local
12 September 2026
ඩයනා කුමරියගේ සුප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට
Local
11 September 2026
කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගැනීමට පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සමත් වෙයි
Local
11 September 2026
22ට එරෙහිව 23 වනදා කොළඹදී දැවැන්ත විරෝධයක්
Local
11 September 2026
අම්පිටියේ සුමනරතන හිමිට ඇප
Local
11 September 2026
ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමතිට නොතීසි
Local
11 September 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්
Local
11 September 2026
දින 45ක් තුළ දිවයිනේ අත්බෝම්බ ප්‍රහාර 4ක්
Local
11 September 2026
"සිදුවූයේ නොසැලකිලිමත් දෝෂයක්" : කල්ඉකුත් වූ බනිස් අලෙවි කිරීමේ සිද්ධියට P&S වෙතින් ප්‍රසිද්ධියේ කණගාටුව
Local
11 September 2026