ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් තම වටපිටාව පවත්වාගෙන ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට එරෙහිව නඩු පවරා තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (19) සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. පසුගිය ජුනි 05 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍යාවක් වන එස්.පී. නිසංසලා සමරසිංහ ජීවිතක්ෂයට පත්වුණේ ඩෙංගු රෝගය වැළඳීමෙන්. පසුව සිදුකළ පරීක්ෂාවකින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහ ඒ අවට ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන රැසක් පැවති බවට අනාවරණය වුණා.
අනතුරුව විශ්වවිද්‍යාල භූමියේ පවතින මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරියට කොළඹ මහ නගර සභාව විසින් දැනුම්දීමක්ද සිදුකළා. එහෙත් ඊයේ සිදුකළ පරීක්ෂාවකින් යළි තහවුරු වුණේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය අවට පවතින බවයි. ඒ අනුව එම පීඨයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරයාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
[MP3]s63433[/MP3]
Latest News
දෙල්ගොඩ අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි: හෙට සංකේත වර්ජනයක්
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
කොළඹ - කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්