ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්රයේ දිගුකාලීන හා සුවිශේෂී නාමයක් වන Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය 2026දී සමරමින්, මෙරට සත්කාරක උරුමය සුරැකීම සහ නව පරපුරේ සංචාරකයන්ගේ අපේක්ෂාවලට ගැළපෙන අත්දැකීම් නිර්මාණය කිරීම අරමුණු කරගත් නව ආයෝජන හා සංවර්ධන වැඩපිළිවෙළක් සමඟ සිය ඉදිරි ගමන ශක්තිමත් කරයි.
1966 අංක 14 දරන Ceylon Hotels Corporation පනත යටතේ 1966දී ස්ථාපිත වූ CHC, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැගෙමින් පැවැති තීරණාත්මක අවධියක සිය මෙහෙයුම් ආරම්භ කළේය.
අද වන විට CHCහි හෝටල් එකතුවට EKHO Hotels & Resorts, මහනුවර Queen’s Hotel සහ Hotel Suisse මෙන්ම Heritage Collection යටතේ ක්‍රියාත්මක ඓතිහාසික තානායම්ද ඇතුළත් වේ.
සිය 60 වැනි සංවත්සරයට සමගාමීව CHC නව ආයෝජන හා සංවර්ධන අදියරකට පිවිස ඇති අතර, සිය ඓතිහාසික හෝටල්වල හා තානායම්වල අනන්‍යතාව සුරකිමින් ඒවා වර්තමාන සංචාරකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන උසස් සත්කාරක අත්දැකීම් බවට පත් කිරීම එහි ප්‍රධාන අරමුණකි.
මෙම වැඩපිළිවෙළ යටතේ ඓතිහාසික පුස්සැල්ලාව තානායම ප්‍රතිසංස්කරණය කර ඇති අතර, බෙලිහුල්ඔය සහ කිතුල්ගල තානායම්ද ඒවා පිහිටි ගමනාන්තවල ස්වභාවික අනන්‍යතාව සහ උරුමය සුරකිමින් වඩාත් උසස් හා ගමනාන්ත කේන්ද්‍රීය සත්කාරක අත්දැකීමක් සපයන ආකාරයෙන් නව මුහුණුවරකින් සංවර්ධනය කෙරෙමින් පවතී. මෙම තානායම් දෙකම 2026 ඔක්තෝබර් මාසයේදී නැවත ජනතාවට විවෘත කිරීමට නියමිතය.
මහනුවර පිහිටි Hotel Suisse ද පුළුල් ප්රතිසංස්කරණයකට ලක් කර ඇති අතර, නගරයේ දිගු ඉතිහාසය සමඟ බැඳුණු එහි ඓතිහාසික වටිනාකම සහ සුවිශේෂී අනන්‍යතාව ආරක්ෂා කරමින් නව ජීවයක් එක් කර තිබේ.
මෙම සංවර්ධන ව්‍යාපෘති හරහා CHC අරමුණු කරන්නේ සිය හෝටල් හා තානායම් සමඟ බැඳුණු ඉතිහාසය, කතාන්දර හා අනන්‍යතාව අනාගත පරපුර වෙත රැගෙන යන අතරම, ඒවා වර්තමාන සංචාරකයන් අපේක්ෂා කරන සුවපහසුව හා අත්දැකීම් සමඟ සම්බන්ධ කිරීමයි.
CHCහි දශක හයක ගමන් මඟ ගොඩනැගී ඇත්තේ එහි හෝටල් හා තානායම් මත පමණක් නොවේ. පරම්පරා ගණනාවක් පුරා අමුත්තන් පිළිගත්, ආහාර සකස් කළ, මෙම ඓතිහාසික ස්ථාන රැකබලා ගත් සහ ඒ ඒ ගමනාන්තවල කතාන්දර සංචාරකයන් සමඟ බෙදාගත් සේවකයන් මෙම ගමනේ ප්‍රධාන ශක්තියක් වී ඇත.
1966දී ආරම්භ කළ Ceylon Hotels Corporation PLC ශ්‍රී ලංකාවේ දිගු ඉතිහාසයක් සහිත ප්රමුඛ සත්කාරක සමාගමකි. EKHO Hotels & Resorts, Queen’s Hotel, Hotel Suisse සහ Heritage Collection එහි හෝටල් හා තානායම් එකතුවට අයත් වන අතර, Ceylon Hotels Corporation PLCහි කළමනාකරණ කටයුතු Galle Face Group (Pvt) Limited විසින් සිදු කරනු ලබයි.
Latest News
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
නාවල මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයට වෙඩි
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA
නේපාල ගංවතුරෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්