ශ්‍රී ලංකාවේ ක්ෂුද්රමූල්ය ක්ෂේත්රය නව නියාමන යුගයකට පිවිසෙමින් පවතින අවස්ථාවක, ක්ෂේත්රයේ ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් එක් කරමින් ලංකා ක්ෂුද්රමූල්ය ජාලය (LMFN) සංවිධානය කළ ක්ෂුද්රමූල්ය නායකයන්ගේ සංසදය 2026 (Microfinance Leaders’ Forum 2026) බොල්ගොඩ Hotel Clio හිදී පැවැත්විණි.
“නියාමනය වූ අනාගතයකට නායකත්වය ලබාදීම” යන තේමාව යටතේ පැවති සංසදයට දිවයින පුරා ක්‍රියාත්මක වන ක්ෂුද්රමූල්ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් රැසක් එක්වූහ.
“ආයතනික පරිවර්තනය උදෙසා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ භූමිකාව” යන තේමාව යටතේ විශේෂ ආරාධිත දේශනය පැවැත්වූ ආචාර්ය කිෂු ගෝමස්, ඉදිරියේදී සිදුවන නියාමන වෙනස්කම් ක්ෂේත්රයේ වර්ධනයට බාධාවක් ලෙස නොව, පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීමට සහ මහජන විශ්වාසය යළි ගොඩනැගීමට ලැබෙන අවස්ථාවක් ලෙස භාවිත කළ යුතු බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජානක ලක්මාල් මහතා ද සංසදයට එක්වෙමින්, ක්ෂුද්රමූල්ය ක්ෂේත්රය වඩාත් නියාමනය වූ අවධියකට ගමන් කරන විට ණය තොරතුරු හුවමාරුවේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය.
ලංකා ක්ෂුද්රමූල්ය ජාලයේ ලේකම් ඉම්රාන් නෆීර් මහතා ශ්‍රී ලංකාවේ ක්ෂුද්රමූල්ය ක්ෂේත්රයේ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ ගමන්මඟ පිළිබඳව අදහස් දක්වමින්, ඉදිරි යුගයේ වගකීම් සහගත හා තිරසාර ක්ෂුද්රමූල්ය ක්ෂේත්රයක් ගොඩනැගීම සඳහා ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, නියාමකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ දායකත්වයේ වැදගත්කම පෙන්වා දුන්නේය.
ලංකා ක්ෂුද්රමූල්ය ජාලයේ සභාපති ධනුෂ්ක උඩුගම මහතා අවධාරණය කළේ නියාමනය සහ ඉදිරියට ගමන් කිරීම එකිනෙකට ප්‍රතිවිරුද්ධ කරුණු නොවන බවයි. ගනුදෙනුකරුවන් ආරක්ෂා කරමින් ඔවුන්ට සේවා සපයන ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම යන පොදු අරමුණ ඔස්සේ මෙම අංශ දෙකම සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ක්ෂුද්රමූල්ය ක්ෂේත්රයේ සියලු නායකයන් එකම පවුලක් ලෙස එක්වී කටයුතු කිරීමේ වැදගත්කම ද උඩුගම මහතා අවධාරණය කළේය.
මෙම සංසදයට LCB Finance PLC මූල්‍ය සහකරු ලෙසත්, M-CRIL Limited ජාත්‍යන්තර විශේෂඥ දැනුම් හවුල්කරු ලෙසත්, Evoke Labs තොරතුරු තාක්ෂණ හවුල්කරු ලෙසත් සහ Liyasi TV දෘශ්‍ය මාධ්‍ය හවුල්කරු ලෙසත් සහය ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්රමූල්ය ක්ෂේත්රය වෙනුවෙන් දීර්ඝ කාලයක් සිදු කළ සේවය අගයමින් ජී. වික්ටර් රත්නායක මහතාට LMFN ගෞරව සාමාජිකත්වය පිරිනැමීම ද මෙහිදී සිදු විය.
නව නියාමන පරිසරයක් කරා ගමන් කරන අවස්ථාවක ක්ෂුද්රමූල්ය ක්ෂේත්රයේ අනාගතය සම්බන්ධයෙන් අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමට ද සංසදය අවස්ථාවක් සලසා දුන්නේය.
Latest News
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම අද (22) රාත්‍රී 9.00ට
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට හිමිවෙයි